නාමල් රාජපක්‍ෂ ජනාධිපති වෙනවාට අපේ අකමැත්තක් නෑ..-SB

June 23, 2017 at 2:20 pm | lanka C news
නාමල් රාජපක්‍ෂ ජනාධිපති වෙනවාට අපේ අකමැත්තක් නෑ..-SB

පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මේ රටේ ජනාධිපති වන්නේ නම් ඊට අකමැත්තක් නැතත් ඒ වෙනුවෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විනාශ කළ යුතු නැති බවත් ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.

පාතදුම්බරදී පැවති උත්සවයකින් පසු මාධ්‍ය අමතමින් ඇමතිවරයා මෙසේ කියා සිටියේය.

2020දී ශ්‍රීලනිප ආණ්ඩුවක් බිහිවුවහොත් නාමල් රාජපක්‍ෂගේ දේශපාලන අනාගතය සකස් නොවන නිසා පලමුව එජාප ආණ්ඩුවක් බිහිකොට එමගින් පුතුගේ දේශපාලන අනාගතය සකසා දීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ අපේක්ෂා කරන බවද ඔහු එහිදී සදහන් කලේය.

171 views
Main News