නාමල් රාජපක්‍ෂ පච ඇමතිගේ ලණුවක් කයි..

October 2, 2017 at 11:24 pm | lanka C news
නාමල් රාජපක්‍ෂ පච ඇමතිගේ ලණුවක් කයි..

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.

පච ඇමතිගේම ලණුවක් කාලා නාමල් රාජපක්ෂ කියලා නීතිඥයෙක් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයට පැමිණිල්ලක් කළා මට විරුද්ධව. සාමාන්‍යයෙන් පොලීසියට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, මූල්‍ය අපරාධ කොට්ඨාෂයට තමයි පැමිණිලි කරන්නේ. නමුත් මේ පොලිසියේ විශේෂ විමර්ශන කොට්ඨාෂයට පැමිණිලි කරන්න යන්නේ රණවක ඇමතිතුමන්ගේ හතුරන්ට එරෙහිව කරණ පැමිණිලි සදහා පමණමයි. මොකද මේ විශේෂ විමර්ශන කොට්ඨාසයට තියෙන්නේ මහජනතාවගේ පැමිණිලි බාරගන්න නෙමෙයි. පොලීසියේ අභ්‍යන්තර විනය පරීක්ෂණ කරන්නයි. මටත් ටිරාන් අලස් මතතාටත් ගෝඨාභය රාජපක්ෂ මහතාටත් එරෙහිව පොලිසියේ විශේෂ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි කිරීමට පෙර එම කොට්ඨාසයට පැමිණිලි කවුරුන් හෝ ඉදිරිපත් කළාදැයි ඔබෙි මතකය අවධිකර බලන්නැයි මා ඔබෙන්ද ඉල්ලා සිටිනවා. මේ විශේෂ විමර්ෂණ කොට්ඨාසයට පැමිණිලි කල පුද්ගලයා වෙන්නේ බ්‍රයන් ෂැඩික්. අපරාධ විමර්ෂණයේ කීර්තිමත් ආයතනයක් හෙයින් මගේ පැමිණිල්ල එයට යොමු කරන්නැයි ඔහු පොලිස් පතිතුමන්ගෙන් ඉල්ලා සිටියා. අපි ගාව ලිඛිත සාක්ෂි තියෙනවා පාච රණවක ඇමතිතුමන් සහ මෙම ඒකකයේ අධ්‍යක්ෂක මෙවන් සිල්වාත් සමීප මිතුරන් බවට. අපි ඉදිරි අධිකරණ කාරනා වලදී ඒවා ඉදිරිපත් කරනවා.

කෙසේ වෙතත් මේ පැමිණිල්ල තමයි මේ දශකයේ ලොකුම විහිළුව. ඔස්ට්‍රේලියාවේ සිටින වෛද්‍යවරුන් දෙදෙනෙකු සමාගමක් පටන් අරන්. ඒ සමාගමට ඩොලර් මිලියන 6.5ක් වටිනා දේපල තිබෙනවාලු. ඒ තක්සේරුව කරන්නේත් නාමල් රාජපක්ෂමයි. ඉතින් අර වෛද්‍යවරුන් දෙදෙනාට එතරම් දේපල තිබෙන්න විධියක් නැතිලු. ඒ වෛද්‍යවරු දෙදෙනා මගේ සමීපතම මිතුරන්ලු. ඒ නිසා ඒ දේපල මම අයථා ලෙස උපයා ගත් දේලු. ඔස්ට්‍රේලියානු ජාතිකයින් දෙදෙනෙකුට ඔස්ට්‍රේලියාවේ තිබෙන දේපල අයථා ලෙස උපයා ගෙන තිබෙනවා කියා පේනවා නම් ඒ පැමිණිල්ල කරන්න ඕනෑ ඔස්ට්‍රේලියාවේ මිස ලංකාවේ නොවේ. මෙවැනි විකාර පැමිණිල්ලක් මගේ ජීවිතයට මම අසා නෑ.

මුලින්ම කියන්න ඕනෑ ඔය කියන වෛද්‍යවරුන් දෙදෙනා මගේ සමීප මිතුරන් නොවේ. එක් අයෙකු නම් මම ජීවිතයටම දැකලාත් නෑ. කතා කරලාත් නෑ. අනිත් වෛද්‍යවරයා මට එකම එක් වරක් ඔස්ට්‍රේලියාවේ දී මුණ ගැසී තිබෙනවා. ඔහු අපේ පක්ෂයේ නීතිඥවරුන් වන පසන් ගුණසේන සහ තුෂාර දිසානායක සමග නාලන්ද විදුහලේ දී අධ්‍යාපනය ලැබුවා කියලා මට පැවසුවා. කොහෙදෝ ඉන්න වෛද්‍යවරුන්ට දේපල හතරක් තිබෙන නිසා ඒවා මගේ කියා පොලිසියට පැමිණිලි කරන්න පුළුවන් නම් බිල් ගේට්ස්ගේ දේපල සියල්ලම පා ච රණවක ඇමතිතුමාගේ කියලා මටත් පුළුවන් පැමිණිල්ලක් කරන්න. නමුත් මම එහෙම කරන්නේ නෑ. මොකද මම ඒ වගේ ජනතාව ඉදිරියේ පච වෙන්න කැමති නෑ.

මම වසර 17ක් දේශපාලනයේ ඉන්නවා. බ්‍රයන් ෂැඩික්ගේ බොරු පැමිණිල්ල කරන තුරු මට එරෙහිව සොරකමක් මැරකමක් සල්ලාලකමක් පිලිබඳ කිසිම පැමිණිල්ලක් නෑ. බ්‍රයන්ගේ බොරු පැමිණිල්ලේ කියන්නේත් ඔස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂයක් සොරකම් කළා කියලා. ඉතින් ඒ ඩොලර් ලක්ෂය මිලියන 65ක් වෙන්න නම් 650 ගුණයකින් වැඩි වෙන්න ඕනෑ. බිල් ගේට්ස්ට වත් එතරම් හපන්කමක් කරන්න පුළුවන් වී නෑ. මේ කතාව ඇත්ත නම් මී කුණකින් කෝටිපතියෙකු වුණු චුල්ල සෙට්ඨි සිටුතුමාගෙන් පසු ලොව ක්ෂණිකව කෝටිපතියා වුණු එකම පුද්ගලයා මමයි. ඇත්තටම බිබිසි සිඑන්එන් මගේ කතාව පළ කරන්න මගේ පස්සෙන් එන්න ඉඩ තිබෙනවා.

නාමල් රාජපක්ෂ කියන්නේ වසර අටක් නීති විද්‍යාලයේ අසමත් වෙමින් සිටිමින් නීතිඥයෙකු බවට පත් වුණු පුද්ගලයෙක්. ඔහු රාජ්‍ය නොවන සංවිධාන අටවා ගෙන ඉදලා අද රාජ්‍ය ආයතනයක සභාපති ධූරයක් අරගෙන එහි පහසුකම් ලබාගෙන ඒ සදහා කෘත ගුණ සැලකීමක් විදිහට විපක්ෂයේ ප්‍රභල චරිත වලට මඩ ගැසීම සිය වෘතිය කරගත් වෘත්තීය මඩකරියෙක්. නමුත් මේ වතාවේ නම් ඔහුට සිදු වන්නේ කෙසෙල් ගසට කෙටූ කොට්ටෝරුවාට වුණු දෙයමයි. මෙම බොරු පැමිණිල්ලෙන් මට සිදු වුණු අපහාසයට රුපියල් මිලියන පන්සීයක් ඉල්ලා මම නඩු පවරනවා. මේ වගේ පදනම් විරහිත කතාවක් තමන්ට ලැබිලත් එය කියෙව්වාට පස්සේ එය හුදු මඩක් පමණක් බව තේරුම් අරගෙන එය වාර්ථා නොකරපු ශ්‍රි ලංකාවේ සාතිශ බහුතරයක් මාධ්‍ය ආයතන වලට මම හිස නමා ආචාර කරණ අතරේ එය මඩක් බව දැන ගෙනම මට අපහාස කිරීමේ ද්වේෂ චේතනාවෙන් එය ප්‍රචාරය කළ සිරස මාධ්‍ය ජාලයෙන් රුපියල් බිලියනයක් වන්දි ඉල්ලා මම නඩු පවරනවා. නාමල්ටත් සිරසටත් හිරුනිකාගේ ඉරණම අත් වෙන බව මට විශ්වාසයක් තියෙනවා. ඒ වගේම මෙවැනි මඩ සහ පදනම් විරහිත චෝදනා වලින් අපි ආණ්ඩුවට ඉදිරිපත් කරන කර්කෂ විවේචන නම් නතර වෙන් නෑහැ. ලෝකයේ සිටි ප්‍රකට යුධ විශේඥයෙක් වෙච්ච සුන් සු වරක් ප්‍රකාශ කලා සතුරා ඔබ විචේචනය කරයි නම් ඔබ සවිමත්ය සතුරා ඔබ වර්ණනා කරයි නම් ඔබ දුර්වලය කියලා. සතුරාට මා සෑහෙන්න රිදවා ඇති බවයි මෙවැනි විහිළු සහගත පදනම් විරහිත චෝදනා වෙනුවෙන් රාජ්‍ය යාන්ත්‍රණය භාවිතා කිරීමෙන් පැහැදිලි වෙන්නේ.

අනිත් අය මෙවැනි අපහාස වලදී නිහඩව සිටියත් මා නම් මට අපහාස කලොත් මට විශ්වාස නම් ඒ කියන කරුණු වැරදි කියල මම අනිවාර්යෙන්ම ඒවා ප්‍රකාෂ කරන වගේම ප්‍රචාරය කරන අයටත් එරෙහිව නඩු පවරනව. එහෙම කරන්නේ මට ඇති ලොකුම වස්තුව මගේ නම නිසයි.

– අරවින්ද අතුකෝරල

10 views

7 Comments to “නාමල් රාජපක්‍ෂ පච ඇමතිගේ ලණුවක් කයි..”

  1. somapala says:

    හරිම සන්තෝසයි මහත්තයෝ. ඔවුන්ට ඔහොම තමයිකරන්න ඕනෑ

  2. ජෝන් ජයපාල says:

    නියමයි, ගම්මන්පිල මැතිතුමා.
    ආලාපාලු රනවකට උන ගැනෙන්නත් එක්ක මුන්ට නඩු දමා වන්දි අයකර ගන්න. 

  3. විජේ says:

    මේ ප්වෘත්තිය දකිනකොටම මට හිනා ගියා.මොකද පරණ පච පැමිනිල්ල බොරැ වෙනකොට එ්ක වහන්න තව තව අලුතෙන්(2015) වගේ බොරැ ගොතනවා. ඔබ සැලෙන්න එපා. කවුරැත් දන්නවා මුංගෙ බොරැ.

  4. Legal Expert says:

    Please don’t misunderstand this guy as Mr. Mahinda Rajapakshe’s son.
    Both have the same name.

  5. vishnu says:

    මේ නඩුවත් අනිවාර්යයෙන්ම දිනනව අනිත් අය කොහොම වෙතත් සිරසෙන් ඉල්ලන වන්දිය දෙගුණ කරන්න කියල මම යෝජනා කරනව

  6. Janani says:

    Jaya wewa, sirasak nethi rottata injection denna niyama kalaya. Pachayata danne mada kanna pamanai. Mathiduni obata theruwan saranai

Main News