නාමල් රාජපක්‍ෂ මේ රටේ නායකයා වීම කිසිවෙකුට නතර කිරීමට බෑ..

August 17, 2018 at 3:24 am | lanka C news
නාමල් රාජපක්‍ෂ මේ රටේ නායකයා වීම කිසිවෙකුට නතර කිරීමට බෑ..

19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුලු රාජපක්‍ෂ වරුන් 4 දෙනකුගේ ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් කප්පාදු කිරීමට කර ඇති උත්සාහය ලෝකයේ මානව අයිතිවසිකම් වලට ගරු කරන කිසිවෙකු අනුමත නොකරන බවත් එවැනි ක්‍රියා කාරකම් යහ පාලකයන්ට ද දවසක පාරා වළල්ලක් වනු ඇති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා කිවේය .

ඒ මහතා මේ බව කිවේ ලබන 5 වෙනිදා කොළබ පැවැත්වීමට යන ආණ්ඩුවට එරෙහි විරෝධතාව ගැන නුගේගොඩ පැවති දේශපාලන ක්‍රියාකාරිකයන් පිරිසක් සමග පැවති හමුවක අදහස් දක්වමිනි .

එහිදී හෙට්ටිගේ මහතා මෙසේද කීය .

‘නීති -රීති ,වධ -බන්ධන වලින් ජනතාවගේ ආදරය දිනා ගත් අයගේ ඉදිරි ගමන නතර කරන්න බැහැ .රට දැන් අරාජික වෙලා තියෙන්නෙ .රටේ බාරකාරත්වය මහින්ද රාජපක්‍ෂ මහතා අතට පත් විය යුතුබව බහුතර ජනයා කියා සිටිනවා .ගමේ නගරයේ ගොවි බිමේ වැඩ බිමේ ඒ හඩ තදින් ඇහෙනවා .කොළබදී ඒ හඩ 5 වෙනිදා ගිගුම් දේවි .

ආණ්ඩුව ජනතාව දැඩි පීඩනයකට පත් කරලා .ප්‍රශ්නයක් නැති තැනක් නෑ .නැති ප්‍රශ්න ඇති කර සමාජයම අවුල් කරතිබෙන්නෙ .බොරුවෙන් කයිවාරුවෙන් රටක් පාලනය කරන්න බැරි බව දැන් ඔප්පු කරලා ඉවරයි .එක වෙලාවක අගමැති ජනාධිපති හැටියට පෙනෙන ,තවත් වරක් ජනාධිපති අගමැති හැටියට පෙනෙන ,තවත් වරකදී නායකයා කවුද කියා හොයා ගන්න බැරි ලෝකයේ අරුම පුදුම රාජ්‍ය පාලනයක් තියෙන රටකයි අපි දැන් ජීවත් වෙන්නෙ .

මහින්ද රාජපක්‍ෂ මහතාට නැවත ජන වරමක් දෙන්න ජනතාව සූදානම් .ඒ අයිතිය අහිමි කිරීමට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවා . ඒවා කලබලයට ගෙන ආ නීති .ඒ මගින් බැසිල් ,ගෝඨාභය ,නාමල් යන තිදෙනාටත් බාධක දැම්මා එය ප්‍රජාතන්ත්‍ර විරෝධීයි.මානව හිමිකම් , මූලික අයිතිවාසිකම් කප්පාදු කිරීමක් .මේ සංශෝධනයෙන් කරල තිබෙන්නේ රාජපක්‍ෂලාට හිමි දේශපාලන අයිතිය නතර කිරීමපමණක් නොව ජනතාවගේ පරමාධීපත්‍ය බලයට ද පා පහර ගැසීමයි .

එදා අපේ පැත්තෙනුත් අඩු පාඩු තිබුණා .ඒවා අපි පිළිගෙන පොදු ජන හැගීම් ගැන සංවේදී විය යුතුයි .අද ස්මාට් ෆෝන් අතේ ඇති ගොඩ දෙනෙක් ජන මාධ්‍ය කරුවන් වෙලා .ඉදිරි කාලයේ බොරුවෙන් වාචාල කමෙන් හැසිරෙන අයට පවතින්න අමාරු වෙනවා . ත්‍රස්තවාදය පරාජය කර රටේ වේගවත් සංවර්ධනයක් කළ මහින්ද රාජපක්‍ෂ නම් ශ්‍රේෂ්ට ජන නායකයාට පාලකයන් කරන හිරිහැර ගැන ජනයා පමණක් නොව සොබා දහම ද කම්පා වෙනවා .

පාලකයන් නීතිය ගනන් ගන්නේ නෑ .රට ම අනාරක්ෂිතයි .රට ප්‍රශ්න වලින් ගිනියම් වේගෙන එනවා . ව්පක්ෂයේ හඩට ඇහුන් කන් දීමක් නෑ .ඒ නිසා ජන බලයෙන් මේ ආණ්ඩුව ගෙදර යවන්න දැන් කාලය හරි.ප්‍රමාද වීමෙන් වෙන්නේ රට නැවත ගොඩ ගන්න බැරි තැනකට තල්ලු වීමක් . මහින්ද රාජපක්‍ෂ මහතාට මේ රට යළි භාර වෙන්න ඕනෑ යන්න බහුතර මතයයි .

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ජනරජයේ පරමාධිපත්‍ය පිහිටා තිබෙන්නේ ජනතාව කෙරෙහිය .පරමාධිපත්‍ය අත් හැරීමට ද නොහැකි වගේම ඊට පාලන බල තල ,මූලික අයිතිවාසිකම් හා චන්ද බලයද ඇතුලත් බව තේරුම් ගන්න ඕනෑ .පුර වැසියෙකුගේ චන්ද බලය අහෝසි කරන්න ,එය හකුලා දමන්න ,සිමා පනවන්න ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන කාට හෝ කළ හැකි දෙයක් නොවේ.

මහින්ද රාජපක්ෂ මහතා අද වන විට පොදු ජනයාගේ ආදරය දිනා ගත් ජන කාන්තම දේශපාලන චරිතයයි .එතුමාට සාධාරණය ඉටු වෙන්න ඕනෑ .ජනතාව පෙළ ගැසෙමින් එන්නේ ඒ අයිතිය දෙන්න කියලයි .ඒ අයිතිය අර ගෙන මේ ජන පීඩක ආණ්ඩුව ගෙදර යවා නැවත මේ රට ගොඩ නගන මහා ක්‍රියාන්විතය පටන් ගන්න ඕනෑ .එහි නායකත්වය ගත යුත්තේ මහින්ද රාජපක්‍ෂ මහතාමයි .

ඒ සදහා රටට ආදරය කරන සියලු දෙනා පෙළ ගැසෙන්න ඕනෑ .රට අනතුරක තිබෙන වෙලාවක දේශපාලන වාද භේද අමතක කළ යුතු වෙනවා .පළමුව රට ගැන සිතිය යුතුයි .මහින්ද රාජ පක්‍ෂ මහතා එහෙම හිතන පරිනත නායකයෙක් .එතුමාට අද වන තුරුත් නිමක් නැති හිරිහැර කරන්නේ ඒ නිසයි .

යහ පාලකයන් රාජපක්‍ෂ සහෝදරයන්ට පමණක් නොව ඊ ළග පරපුරේ නාමල් රාජපක්‍ෂටත් බය වුණා . ජනාධිපතිවාරණයකට අඩු වයසෙන් ඉදිරිපත් වීමට තිබුන ඉඩකඩ අසුරා දැම්මේ ඒ නිසා . එවැනි කුමන බාධා කලත් අනාගත දවසක නාමල් රාජපක්‍ෂත් මේ රටේ නායකයා වීම කාටවත් නතර කිරීමට නොහැකි වනු ඇතැයි ද හෙට්ටිගේ මහතා සදහන් කළේය .

194 views

25 Comments to “නාමල් රාජපක්‍ෂ මේ රටේ නායකයා වීම කිසිවෙකුට නතර කිරීමට බෑ..”

  1. නිරෝන් says:

    මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ, රාජපක්ෂ පවුලෙන් ආපු ඔය කට්ටිය මේ රටට හොඳටෝම ඇති.

    හරියට වැඩ කටයුතු කළොත් නාමල් රාජපක්ෂ තත් න්ගෙ තාත්තට ලැබිච්ච ජනප්‍රසාදය ම ගෞරවයම අනාගතයේදී ලබාගෙන රටේ නායකත්වයට පත් වෙන්නත් පුළුවන් වේවි. අපේ ප්‍රාර්ථනාවත් එයමයි.

    නමුත් ප්‍රාදේශීය සභාවක් ගානේ රාජපක්ෂලා සහ රාජපක්ෂ පවුලට සම්බන්ධ උදවිය තවාන් කරනවාට නම් අපි කොහෙත්ම කැමැති නෑ. ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා ගේ අවධානයට මෙය යොමු වේවා.

    ඔබතුමා දන්නවද? ඔබතුමා උත්සව වලට ගෙනත් දීම සඳහා ඔබතුමාගේ සමහර නෑයින් මුදල් අය කරන බව. ඔබතුමා හීනෙකින්වත් හිතන්නේ නැති දේවල් ඔබතුමාගේ වේයන් විසින් සිදුකරනවා.

  2. නිරෝන් මාතර says:

    මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ, රාජපක්ෂ පවුලෙන් ආපු ඔය කට්ටිය මේ රටට හොඳටෝම ඇති.

    හරියට වැඩ කටයුතු කළොත් නාමල් රාජපක්ෂ තත් න්ගෙ තාත්තට ලැබිච්ච ජනප්‍රසාදය ම ගෞරවයම අනාගතයේදී ලබාගෙන රටේ නායකත්වයට පත් වෙන්නත් පුළුවන් වේවි. අපේ ප්‍රාර්ථනාවත් එයමයි.

    නමුත් ප්‍රාදේශීය සභාවක් ගානේ රාජපක්ෂලා සහ රාජපක්ෂ පවුලට සම්බන්ධ උදවිය තවාන් කරනවාට නම් අපි කොහෙත්ම කැමැති නෑ. ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා ගේ අවධානයට මෙය යොමු වේවා.

    ඔබතුමා දන්නවද? ඔබතුමා උත්සව වලට ගෙනත් දීම සඳහා ඔබතුමාගේ සමහර නෑයින් මුදල් අය කරන බව. ඔබතුමා හීනෙකින්වත් හිතන්නේ නැති දේවල් ඔබතුමාගේ වේයන් විසින් සිදුකරනවා.

  3. mahesha says:

    Sudusuma kena gotabhaya namal full fail lokaya dakapu kenekkwa api gaynna ona lide gembo hariyan na

  4. Francisco Almeida says:

    Gotabhaya mahatha genaawoth eka wedak wenawa sikurui. Enam weda warjana nethiweemai. Meya rate diyunuwata hethu wannaki. Wides aayojan wedi weemata hethuwaki. Anith karuna siyaluma nagara piliwelakata thaba geneemai. Ethuma koi de kalath piliwelakata ey katayuththa sidu karai. Meya hamuda niladhariyekuge puhunuwe kotasaki. Me karunu salaka beleema den kalayay.

  5. desta says:

    apata labbagini padinna puluwan his hai hai hure

  6. banda says:

    bohoma hondai

  7. Gotaimbara says:

    We have to be grateful to the Rajapakses. Unfortunately, some voters got carried away with the lies. If the Yahapalanaya took over three and a half years and more to find the hidden treasures of Rajapakses, imagine how long they will take to finish LTTE terrorism.

    • Ratata Adhare says:

      A great question!
      I have two answers to this:

      1. Even after 3 1/2 years, they couldn’t find even a ingle cent, let alone $880 billion, Lamborghini cars, golden horses and the 3 helicopters imported for Rajapakse sons..
      2. If this govt was in power during the LieTTE terror, Velu will not only take North & East but the entire country under his control and rename this island, EELAM.

  8. නැවතත් මහින්ද මහත්තය බලයට ගෙන ඒමයි වැදගත්, එහෙම නැති උනොත් මෙි පරගැති ආන්ඩුව ලංකාවම වෙන රටකට විකුනගෙන කනව, මෙී රට ගොඩ නගන්න පුලුවන් හරි දැක්මක් තියෙන්නේ මහින්ද මහත්තය ලග,

  9. සරත් කලුගමගේ says:

    රාහුල් ගාන්ධි දේශපාලනයට එන එක හොඳයි. ප්‍රේමදාසගේ වසල පුතා රජ වෙන්න දත කන එකත් හොඳයි. හැබැයි නාමල් රාජපක්ෂ රජ වෙන එක තමයි යහපාලන පොන්නයන්ට තිබෙන ලොකුම අවුල. යකෝ තොපි වගේ පොන්නයො නෙමෙයි රාජපක්ෂල. නාමල් කියන්නෙ මහින්දගෙ ලේ ඇඟේ තියෙන කොල්ලෙක්. මිනිහා රජවෙන එක වලක්වන්න වයිමටවත් බෑ බොලව්. හෙට්ටිගේ මහතා කියල තියෙන්නෙ යථාර්ථය.

  10. සරත් කලුගමගේ says:

    හෙට්ටිගේ මහතා කියා තිබෙන්නේ මේ මහ පොළොවේ සිද්ධ වෙන යථාර්ථයක්.

Main News