නාමල් රාජපක්‍ෂ මේ රටේ නායකයා වීම කිසිවෙකුට නතර කිරීමට බෑ..

August 17, 2018 at 3:24 am | lanka C news
නාමල් රාජපක්‍ෂ මේ රටේ නායකයා වීම කිසිවෙකුට නතර කිරීමට බෑ..

19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුලු රාජපක්‍ෂ වරුන් 4 දෙනකුගේ ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් කප්පාදු කිරීමට කර ඇති උත්සාහය ලෝකයේ මානව අයිතිවසිකම් වලට ගරු කරන කිසිවෙකු අනුමත නොකරන බවත් එවැනි ක්‍රියා කාරකම් යහ පාලකයන්ට ද දවසක පාරා වළල්ලක් වනු ඇති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා කිවේය .

ඒ මහතා මේ බව කිවේ ලබන 5 වෙනිදා කොළබ පැවැත්වීමට යන ආණ්ඩුවට එරෙහි විරෝධතාව ගැන නුගේගොඩ පැවති දේශපාලන ක්‍රියාකාරිකයන් පිරිසක් සමග පැවති හමුවක අදහස් දක්වමිනි .

එහිදී හෙට්ටිගේ මහතා මෙසේද කීය .

‘නීති -රීති ,වධ -බන්ධන වලින් ජනතාවගේ ආදරය දිනා ගත් අයගේ ඉදිරි ගමන නතර කරන්න බැහැ .රට දැන් අරාජික වෙලා තියෙන්නෙ .රටේ බාරකාරත්වය මහින්ද රාජපක්‍ෂ මහතා අතට පත් විය යුතුබව බහුතර ජනයා කියා සිටිනවා .ගමේ නගරයේ ගොවි බිමේ වැඩ බිමේ ඒ හඩ තදින් ඇහෙනවා .කොළබදී ඒ හඩ 5 වෙනිදා ගිගුම් දේවි .

ආණ්ඩුව ජනතාව දැඩි පීඩනයකට පත් කරලා .ප්‍රශ්නයක් නැති තැනක් නෑ .නැති ප්‍රශ්න ඇති කර සමාජයම අවුල් කරතිබෙන්නෙ .බොරුවෙන් කයිවාරුවෙන් රටක් පාලනය කරන්න බැරි බව දැන් ඔප්පු කරලා ඉවරයි .එක වෙලාවක අගමැති ජනාධිපති හැටියට පෙනෙන ,තවත් වරක් ජනාධිපති අගමැති හැටියට පෙනෙන ,තවත් වරකදී නායකයා කවුද කියා හොයා ගන්න බැරි ලෝකයේ අරුම පුදුම රාජ්‍ය පාලනයක් තියෙන රටකයි අපි දැන් ජීවත් වෙන්නෙ .

මහින්ද රාජපක්‍ෂ මහතාට නැවත ජන වරමක් දෙන්න ජනතාව සූදානම් .ඒ අයිතිය අහිමි කිරීමට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවා . ඒවා කලබලයට ගෙන ආ නීති .ඒ මගින් බැසිල් ,ගෝඨාභය ,නාමල් යන තිදෙනාටත් බාධක දැම්මා එය ප්‍රජාතන්ත්‍ර විරෝධීයි.මානව හිමිකම් , මූලික අයිතිවාසිකම් කප්පාදු කිරීමක් .මේ සංශෝධනයෙන් කරල තිබෙන්නේ රාජපක්‍ෂලාට හිමි දේශපාලන අයිතිය නතර කිරීමපමණක් නොව ජනතාවගේ පරමාධීපත්‍ය බලයට ද පා පහර ගැසීමයි .

එදා අපේ පැත්තෙනුත් අඩු පාඩු තිබුණා .ඒවා අපි පිළිගෙන පොදු ජන හැගීම් ගැන සංවේදී විය යුතුයි .අද ස්මාට් ෆෝන් අතේ ඇති ගොඩ දෙනෙක් ජන මාධ්‍ය කරුවන් වෙලා .ඉදිරි කාලයේ බොරුවෙන් වාචාල කමෙන් හැසිරෙන අයට පවතින්න අමාරු වෙනවා . ත්‍රස්තවාදය පරාජය කර රටේ වේගවත් සංවර්ධනයක් කළ මහින්ද රාජපක්‍ෂ නම් ශ්‍රේෂ්ට ජන නායකයාට පාලකයන් කරන හිරිහැර ගැන ජනයා පමණක් නොව සොබා දහම ද කම්පා වෙනවා .

පාලකයන් නීතිය ගනන් ගන්නේ නෑ .රට ම අනාරක්ෂිතයි .රට ප්‍රශ්න වලින් ගිනියම් වේගෙන එනවා . ව්පක්ෂයේ හඩට ඇහුන් කන් දීමක් නෑ .ඒ නිසා ජන බලයෙන් මේ ආණ්ඩුව ගෙදර යවන්න දැන් කාලය හරි.ප්‍රමාද වීමෙන් වෙන්නේ රට නැවත ගොඩ ගන්න බැරි තැනකට තල්ලු වීමක් . මහින්ද රාජපක්‍ෂ මහතාට මේ රට යළි භාර වෙන්න ඕනෑ යන්න බහුතර මතයයි .

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ජනරජයේ පරමාධිපත්‍ය පිහිටා තිබෙන්නේ ජනතාව කෙරෙහිය .පරමාධිපත්‍ය අත් හැරීමට ද නොහැකි වගේම ඊට පාලන බල තල ,මූලික අයිතිවාසිකම් හා චන්ද බලයද ඇතුලත් බව තේරුම් ගන්න ඕනෑ .පුර වැසියෙකුගේ චන්ද බලය අහෝසි කරන්න ,එය හකුලා දමන්න ,සිමා පනවන්න ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන කාට හෝ කළ හැකි දෙයක් නොවේ.

මහින්ද රාජපක්ෂ මහතා අද වන විට පොදු ජනයාගේ ආදරය දිනා ගත් ජන කාන්තම දේශපාලන චරිතයයි .එතුමාට සාධාරණය ඉටු වෙන්න ඕනෑ .ජනතාව පෙළ ගැසෙමින් එන්නේ ඒ අයිතිය දෙන්න කියලයි .ඒ අයිතිය අර ගෙන මේ ජන පීඩක ආණ්ඩුව ගෙදර යවා නැවත මේ රට ගොඩ නගන මහා ක්‍රියාන්විතය පටන් ගන්න ඕනෑ .එහි නායකත්වය ගත යුත්තේ මහින්ද රාජපක්‍ෂ මහතාමයි .

ඒ සදහා රටට ආදරය කරන සියලු දෙනා පෙළ ගැසෙන්න ඕනෑ .රට අනතුරක තිබෙන වෙලාවක දේශපාලන වාද භේද අමතක කළ යුතු වෙනවා .පළමුව රට ගැන සිතිය යුතුයි .මහින්ද රාජ පක්‍ෂ මහතා එහෙම හිතන පරිනත නායකයෙක් .එතුමාට අද වන තුරුත් නිමක් නැති හිරිහැර කරන්නේ ඒ නිසයි .

යහ පාලකයන් රාජපක්‍ෂ සහෝදරයන්ට පමණක් නොව ඊ ළග පරපුරේ නාමල් රාජපක්‍ෂටත් බය වුණා . ජනාධිපතිවාරණයකට අඩු වයසෙන් ඉදිරිපත් වීමට තිබුන ඉඩකඩ අසුරා දැම්මේ ඒ නිසා . එවැනි කුමන බාධා කලත් අනාගත දවසක නාමල් රාජපක්‍ෂත් මේ රටේ නායකයා වීම කාටවත් නතර කිරීමට නොහැකි වනු ඇතැයි ද හෙට්ටිගේ මහතා සදහන් කළේය .

196 views

25 Comments to “නාමල් රාජපක්‍ෂ මේ රටේ නායකයා වීම කිසිවෙකුට නතර කිරීමට බෑ..”

  1. විජෙබාහු says:

    රට කාපු සහොදර සන්ගමය අපට එපා.

  2. අන්දිරිස් says:

    තාත්තට ගෙදර යන්න උනෙත් පුතා නිසා තමයි 😀

  3. podi malli says:

    නාමල් කිවුවම ඔච්චර බය වෙන්න එපා මේ කියල තියෙන්නේ අනාදතයේදී වෙනදෙයක් කිවුවම බය හිතිලද කොහෙද.

  4. හැබැයි මහත්තයෝ ඔය රාජපක්ෂලා හොදටම ඇති. තවත් රාජපක්ෂලා තවන්කරගත්තොත් ඔබතුමාලත් ජනතාව අතර පිරිහෙනවා… එනිසා ඒ ගැනත් හිතන්න…

  5. Sapumal Bandara says:

    Vyawasthawa wenas kota Janadhipathikamata sudusu wayasa adukala yuthuya. Ewita Adineethigna Namal Rajapakse methithumata janadhipathi wiya heka. Anagatha Sri Lankawe ekama nayakaya Adineethigna Namal Rajapakse mahathai. Namlta jayawewa !

  6. රාජපක්ෂලා හොරු කියල බලය අරන් රටම කව නේද

  7. ruwan says:

    මහින්දට ආදරයක් තියෙනවනම් ගෝටා හරි බැසිල් හරි චමල් හරි ජනාධිපති කිරීමේ අදහස අයින් කර ගන්න වෙනවා. ඒ කෙනෙක් ජනාධිපති උනොත් මහින්ද විනාසයි. ඒ නිසා ජනාධිපති කමට සුදුසුම කෙනා නාමල්. එතුමාගේ ජය වෙනුවෙන් කැපවෙමු.

  8. chandimani says:

    It is still too early. See Mahinda came to politics in 1970 and became President in 2005. That maturity requires for all.

  9. නාමල් හොරා මහින්ද හොරා කියල බොරු අහල ඇතිවෙලා… දැන් මිනිස්සු දන්නවා රජපල්ස්හල හොරු නෙමේ.. රනිල්තමා හොරා කියල …

  10. බුදු අම්මෝ ඔය රාජපක්ෂල වැඩක් කරපු අය.. වැඩක් නොකරපු රාජපක්ෂල අපිට එපෝ… දෙනියයත් ඉවරවේවි..

    • ගිගිරි says:

      බය වෙන්න එපා බොලව් තොපේ සාගල සමනල් තුමා ඉන්නකං දෙනියාය ඉවර වෙන් නෑ . හොරදෙටුවා හෙලිකොට්ටරෙන් නිතර එනවා ගම්පෙරලන්න😂

    • නැවතත් මහින්ද මහත්තය බලයට ගෙන ඒමයි වැදගත්, එහෙම නැති උනොත් මෙි පරගැති ආන්ඩුව ලංකාවම වෙන රටකට විකුනගෙන කනව, මෙී රට ගොඩ නගන්න පුලුවන් හරි දැක්මක් තියෙන්නේ මහින්ද මහත්තය ලග,

Main News