ලැම්බොගිනි 19ක් ගෙනා බවක් නොකී බව කී අනුර හද්දා අමාරුවක වැටේ.. ලැම්බොගිනිම ගෙන්වූ බව කියන මුල් වීඩියෝව මෙන්න…

July 31, 2020 at 10:40 am | lanka C news
ලැම්බොගිනි 19ක් ගෙනා බවක් නොකී බව කී අනුර හද්දා අමාරුවක වැටේ.. ලැම්බොගිනිම ගෙන්වූ බව කියන මුල් වීඩියෝව මෙන්න…

නාමල් රාජපක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලැම්බෝගිනි මෝටර් රථ 19ක් ගෙන්වූ බවක් තමන් කිසි තැනක ප්‍රකාශ කර නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

2015ට කලින් පැවති ආණ්ඩුව සමයේ මෙරට පැවති මෝටර් රථ ධාවන තරඟ සඳහා විදේශයන්ගෙන් රේසිං වර්ගයේ මෝටර් රථ 19 ගෙන්වූ බව තමන් පැවසූ බවද ඔහු පවසයි.

කාල්ටන් ක‍්‍රීඩා සමාගය විසින් ගෙන්වන ලද එම මෝටර් රථ වරායෙන් ගොඩපෑම සදහා රුපියල් ලක්ෂ 933 බදු මුදලක් ගෙවා ඇති බවද ඔහු සඳහන් කළේය.

තවත් පවසන සෑම දේම පරම සත්‍ය බවත් ඒවා සම්බන්ධයෙන් තමන් වගකියන බවත් ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් අදාල මුල් වීඩියෝවේදී ලැම්බොගිනි වර්ගයේ මෝටර් රථ 19ක් ගෙන්වූ බව ජවිපෙ නායකයා විසින් සදහන් කරන වීඩියෝව මෙහි දැක්වෙයි.

එකක් කඩතොලු මකා ගන්නට ගිහින් කොර ගත් කාරියාගොඩක් කඩතොලු හදා ගත්තයි three percent ආචාරියා එක පාරක් බොරු කියල මාට්‍ටු වුණහම වගේ නෙමේ, මාට්‍ටු වෙච්ච බොරු වහගන්න තව බොරු කියල හත් පොළේ ගා ගත්තහම. අනුර කුමාර දිසානායක කියන 'ඇත්ත' මනුස්සය මේ ඉගෙන ගනිමින් ඉන්න ක‍ටුක දේශපාලන පාඩම ඒකයි. පසුගිය සිරස සටන වැඩසටහනකදි මාධ්‍යවේදියෙක් අනුරගෙන් ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු ලෙස ඔහු කියන්නෙ තමුන් කිසිම අවස්ථාවක රාජපක්ෂවරු ලැම්බොගිනි 19ක් ගෙන ආ බවට චෝදනා කරල නැහැ කියලයි. අනුර කුමාර ඒ අවස්ථාවෙ ඒ බොරුව කියල මාරු වෙලා ගියත් ඔහු එවැන්නක් ඇත්තටම කියල තියෙන බවට වන වීඩියෝ දර්ශණ මතු වෙන්නෙ ඉන් පස්සෙ. ඒකෙ ඔහු නාමල් රාජපක්ෂ 'රේසින් කාර්' 19ක් ගෙන ආ බවට කෙලින්ම චෝදනා කරනව. අනුර කුමාර කියූ ඒ බොරුවට ප්‍රතිචාර ලෙස එම වීඩියෝ පටය ප්‍රචාරය වෙන කොට ඔහු කරන්නෙ ඒක වහගන්න ඉතාම ළදරු තර්කයක් ගොඩ නගන එක (මේ වීඩියොවෙ මුල් කොටසෙ තියෙන්නෙ අනුරගෙ ඒ අලුත් පැහැදිළි කිරීම). අනුර ඒකෙ තර්ක කරන්නෙ සිරසෙදි තමුන්ගෙන් ඇසුවේ ලැම්බොගිනි 19ක් ගැන වුවත් තමුන් ඇත්තටම පවසා තිබුණේ රේසින් කාර් 19ක් ගැන නිසා ඒ අවස්ථාවේ ඒ චෝදනාව ප්‍රතික්ෂේප කිරීම නිවැරදිය කියන එක. මේව ඉතින් මොන්ටිසෝරි තර්ක කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නැහැනෙ. නමුත් අනුර කුමාර දිසානායක නොදන්න කරුණ මේකයි. ඒ ඔහුට ප්‍රතිචාර ලෙස ප්‍රචාරය වුණු රේසින් කාර් ගැන කියන වීඩියෝවට අමතරව ඔහු ඇත්තටම ලැම්බොගිනි 19ක් ගැන නමින්ම චෝදනා එල්ල කරන දෙවන වීඩියෝවකුත් තියෙනවය කියන එක (මේ වීඩියෝවෙ අවසානයට වෙන්න තියෙන්නෙ ඒක). අනුර ඉස්සෙල්ල කියුවෙ ලැම්බොගිනි කියන නම තමුන් මුල් චෝදනාවේ නොකියූ නිසා සිරස සටනෙදී කළ ප්‍රකාශය තමුන් ප්‍රතික්ෂේප කළ එක හරි කියලනෙ. අනුර දැන් මේ දෙවන එක ගැන කියන්නෙ මොකක්ද? දැන් ඉතින් අපි බලාගෙන ඉන්නෙ අනුර අයිය මේ බොරුව වහන්න අලුතෙන් ගේන තර්ක ටික එන්ජෝයි කරන්න.

Gepostet von අනුජ මංචනායක am Donnerstag, 30. Juli 2020

50,267 Viewers

23 Comments to “ලැම්බොගිනි 19ක් ගෙනා බවක් නොකී බව කී අනුර හද්දා අමාරුවක වැටේ.. ලැම්බොගිනිම ගෙන්වූ බව කියන මුල් වීඩියෝව මෙන්න…”

  1. සුදත් says:

    මට ලැම්බෝගිනි කතාව කීවේ අනුරකුමාර ඇස් පුංචිකරලා කට උල්කරලා අත මේහෙම කරලා කිවා තවත් ලියකියවිලි වගයක පොටෝකොපිත් පෙන්නුවා.ඒ නිසා පිලිගත්තා විතරක් නෙමේ.
    නාමල් ලැම්බෝගිනි ගෙනාවා කියලා මාත් මගේ රැස්වීම වල කීවට හිටන්
    ඇත්තටම මම දැනගන හිටියේ නෑ ඒ කාර් වර්ගයක් කීයලා මම හිතුවේ ලැම්බෝගි මෝටර් සයිකලයක් කියලා.- මෛත්‍රීපාල

  2. ඊබ්‍රහිම් ගේ බුරියානි says:

    ජෙප්පන්ගේ බැංකු ගිණුම බිලියන 7ක්. ඒ කියන්නේ ලක්ෂ 70,000ක් ඒ සල්ලි වලින් අලුත්ම ලම්බෝගිනි 70ක් ගන්න පුළුවන්.

  3. Exජෙප්පා says:

    කට බොරු කිවුවත්, දිව බොරු කියන්නෙ නැහැයි කියන්නෙ ඕක තමයි.

Leave a Comment