FCID තිගස්සවමින් නාමල් කෝටි 20ක් වන්දි ඉල්ලා නඩු දමයි.. නාමල් දින්නොත් ජීවිතේ පුරාම වන්දි ගෙවන්න වෙයි..

October 10, 2016 at 3:00 pm | lanka C news
FCID තිගස්සවමින් නාමල් කෝටි 20ක් වන්දි ඉල්ලා නඩු දමයි.. නාමල් දින්නොත් ජීවිතේ පුරාම වන්දි ගෙවන්න වෙයි..

කිසිදු නීතිමය පදනමකින් තොරව තමන් අත්අඩංගුවට ගත්තේ යයි පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයයෙන් රැපියල් කෝටි20ක වන්දි මුදලක් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා කොළඹ දිසා අධිකරණය හමුවේ අද දිනයේ නඩු පවරනු ලැබීය.

පැමිණිල්ලේ වග උත්තරකරැවන් කර ඇත්තේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ඒකක අංක 07 ස්ථානාධිපති අනුර ප්‍රේමරත්න හා උප පොලිස් පරික්ෂක ලලිත් ශාන්ත වන අතර මන්ත‍්‍රීවරයා තමනට සිදු වූ අපකීර්තියට හා මානසික පීඩාවට වන්දි වශයෙන් කෝටි 20ක මුදල් ඉල්ලා සිටී.

පසුගිය ජූලි මස 11 වැනි දින මන්ත‍්‍රිවරයා අත්අඩංගුව ගනු ලැබුවේ රගර් ක්‍රිඩා ප‍්‍රවර්ධනය සදහා පුද්ගලික සමාගමකින් මුදල් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

200 views
Main News