නාම යෝජනා කමිටුවේදී බන්දුල ගුණවර්ධන සමග රණ්ඩු වුණා.. පසුව මා ඔහුගේ දෙපා වැද සමාව ගත්තා..- ගම්මන්පිල
December 12, 2017 at 3:50 pm | lanka C news
තම ආර්ථික විද්‍යා ගුරුවරයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාගේ දෙපා වැද සමාව ගත් බව පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.
ඒකාබද්ද විපක්ෂයේ නාම යෝජනා ලයිස්තු සැකසීමේදී ඇති වූ උණුසුම් වචන හුවමාරුවකින් පසු තමන් එසේ කල බවද ඔහු සදහන් කරයි.
පිවිතුරු හෙල උරුමයේ පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේ අදහස් පල කලේය.
පිවිතුරු හෙළ උරුමය අපේක්ෂකයින් ඉදිරිපත් කර තිබෙන්නේ දිස්ත්‍රික්ක 13කට පමණයි.
නමුත් අනිත් දිස්ත්‍රික් රැස්වීම් වලටත් අපි වාඩි වෙන්නේ කාටත් සාධාරණව සුමටව මේ කටයුතු ඉටුකිරීමට අපට දක්වන්න පුළුවන් දායකත්වය ලබාදීම සදහායි.
හෝමාගම මට ලැබුණු අවස්ථාවන් ප්‍රමාණවත් නොවන බැවින් ඒ පිළිබඳ මගේ ආදරණීය ගුරුතුමා බන්දුල ගුණවර්ධන මන්ත්‍රිතුමා සමග මම ගැටිලා පසුව දෙපා වැඳ සමාව ගත් බවට මාධ්‍ය වාර්තා කර තිබුණා.
උණුසුම් සංවාදයක් අවසානයේ මම ගුරුතුමාගේ දෙපා වැඳ සිත් රිදුනා නම් සමා වෙන්න කියූ බව නම් ඇත්තයි.
නමුත් ඒ මගේ පක්ෂයේ අපේක්ෂකයෙකුට වූ අසාධාරණයක් කතා කරලා නොවේ. වෙනත් පක්ෂයක් වෙනුවෙන් කතා කරලයි.
මේවාට වගඋත්තරකරුවන් පිළිබඳ කතා කලොත් යන පිරිස වැඩි වන එක විතරයි වෙන්නේ.
ඒ නිසා ඒවා ගැන ඡන්දයෙන් පසු කතා කරමු. ආණ්ඩුවේ ගත වුණු තෙවසර පිළිබඳ ජනමත විමසුමක් බවට පුංචි ඡන්දය පත් කර ඇති මොහොතක අපට මීට වඩා දූරදර්ශිව කටයුතු කරන්න වෙනවා.
මොකද කිසිම දේශපාලන පක්ෂයකට තමන් බලාපොරොත්තු වෙන අපේක්ෂකයන් සියළු දෙනාම ලැබෙන්නේ නෑ. කළකිරුණු සියළුම දෙනාට මගෙන් පණිවිඩයක් තිබෙනවා.
– අරවින්ද අතුකෝරල
ratata adaren ekathu unanam oba wage kapakirimak karanna sriyanitath thibuna. mas raththalama illanne nathiwa.
Oba thuma sabewinma uthum miniseki. Namayojana sadharana vodhiyata aragena adarshamath wanna. Getum athi kara ganna epa.
respect sir