නාම යෝජනා නැති වීමෙන් නිසා පපුව පැලී මිය යයි.. අන්තිම මොහොතේ පොහොට්ටුවෙන් නම කපලා..

December 21, 2017 at 10:00 am | lanka C news
නාම යෝජනා නැති වීමෙන් නිසා පපුව පැලී මිය යයි.. අන්තිම මොහොතේ පොහොට්ටුවෙන් නම කපලා..

මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සදහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කිරීමට බලාපොරොත්තුවෙන් සිට අවසන් මොහොතේ ඊට අවස්ථාව නොලද පුද්ගලයෙකු හදිසි හෘදයාබාධයක් ඇතිවී මරණයට පත්ව තිබේ.

මෙසේ මරණයට පත්ව ඇත්තේ පානදුර නගර සභාවට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වැදීමට බලාපොරොත්තුවෙන් සිටි අයෙකි.

තමනට නාම යෝජනා නොලැබෙන බව දැනගත් මොහොතෙක්ම ඔහුට හදිසි හෘදයාබාදයක් හටගෙන ඇති අතර පසුව පානදුර මූලික රොහලට අතුළු කිරීමෙන් පසු මරණයට පත්ව ඇත.

නිමල් අජන්ත විජේසේකර නම් 56 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ මිය ගොස් ඇත.

මොහුගේ නම මුලින් අපේක්‍ෂක ලයිස්තුවේ තිබී පසුව එය ඉවත් කර වෙනත් නමක් ඇතුළු කර ඇතැයිද කියති.

11 views

11 Comments to “නාම යෝජනා නැති වීමෙන් නිසා පපුව පැලී මිය යයි.. අන්තිම මොහොතේ පොහොට්ටුවෙන් නම කපලා..”

  1. susi says:

    ඔය පොහොට්ටුවේ මහා එකාගේ ඉදන් තියෙන්න බල තණ්හාව. බලය ලබා ගැනීමට හොද හෝ නරක ඕනෙම දෙයක් කරනවා. අපරාදේ කාලකන්නි රැලක් පස්සේ ගිහින් ජීවිතය නැති කර ගත්ත. ඔබට නිවන් සුව.

    • Nandasoma says:

      යහපාලනයට හිතුමතේ රට විකුණන්න දීල පැත්තකට වෙලා හිටියොත් කවුද ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නෙ?

    • silva says:

      elagata papuwa palenne oyage sisi….irisiywa wadi kamata

  2. Boo says:

    දේශප්‍රේමියෙක් වෙන්න ඕනේ තනතුර නැති වුනාම පන ගියේ.

  3. Poramola says:

    Balu weda

  4. kalana says:

    ඔය පොහොට්ටු උන් පාඩම් ඉගෙන ගෙන නැහැ, උන් දෙන්නෙත් කුඩු, බඩු කාරයන්ට, හොරුන්ට. උන්ට රටක් හදන්න කිසිම උවමනාවක් නැහැ.

  5. Sunil says:

    චන්ද ප්‍රතිඵල දැක්කහම අනිවා පොහොට්ටු ලොක්කාගෙ පපුව පැලෙනවා

    • Amda says:

      සමනල පැටියගෙ පශ්චාත් භාගය පැලිල වගේ චන්දෙට වැඩ කොරන්න ගිහින්

  6. පොහොට්ටුවට ඇති ජන ඉල්ලුම හෙවත් එහි ජනප්‍රියතාවයට සාපේක්ෂකව ඊට ඇති අපේක්ෂක ඉල්ලුම දැන් අභියෝගයක් ලෙස මේ අවස්ථාවේ ඉදිරිපත්ව ඇති බව මේ ආදී කරුණුවලින් පැහැදිළි වේ. එහෙත්, මේ අපේක්ෂක ඉල්ලුම නිසි පරිදි කළමණාකරණය කරනවා ද යන්න ප්‍රශ්ණයකි. වඩා දක්ෂ, අවංක, සුචරිතවත්,ප්‍රතිපත්ති ගරුක අපේක්ෂකයින් තෝරා නාම යෝජනා ඉදිරිපත් කරනවා වෙනුවට ඒ ඒ බලධාරීන්ගේ අභිමතය පරිදි එම කාර්ය ඉටු වනවා නම් ජනතා අපේක්ෂා ඉටු නොවනු ඇත. ජනප්‍රියතාවයෙන් නිසි පල ලබා ගැනීමට තිබෙන අවස්ථාව මග හැරෙනු ඇත.

  7. අමිල says:

    රට ට වැඩ කරන්න කොච්චර ආසාවෙන් ඉන්න ඇති ද නේද ?

  8. nihal says:

    බලන්න… රට සේවය කරන්න තියෙන ආසාව.

Main News