ක්‍රිකට් නායකත්වය චන්දිමාල්ට.. අස්වූ මැතිවුස් එංගලන්ත සංචාරයෙනුත් ඉවත් කරයි..

September 26, 2018 at 6:48 pm | lanka C news
ක්‍රිකට් නායකත්වය චන්දිමාල්ට..  අස්වූ මැතිවුස් එංගලන්ත සංචාරයෙනුත් ඉවත් කරයි..

මීළඟ ලෝක කුසලාන තරඟාවලිය දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දිනේෂ් චන්දිමාල්ට  පත්කර තිබේ.

මේ අතර නායකත්වයෙන් ඉවත් වූ ඇන්ජලෝ මැතිවුස් එන මාසයේදී එංගලන්ත සමග ශ‍්‍රී ලංකාවේදී පැවැත්වෙන සංචාරයෙන්ද ඉවත් කර ඇත.

එක්දින හා 20-20 තරගාවලියක් සදහා එංගලන්ත කණ්ඩායම ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර ඊට සහභාගී වන ශී‍්‍ර ලංකා සංචිතයට කී‍්‍රඩා ඇමතිවරයාගේද අනුමැතිය ලැබී ඇත.

ඇන්ජලෝ මැතිව්ස්ගේ ශාරීරික යෝග්‍යතාව සුදුසු මට්ටමක නොතිබීම නිසා කණ්ඩායමෙන් ඉවත් කර ඇති බවද වාර්තා වෙයි.

30 views
Main News