නායකත්වයේ මහ ඇන්දිල්ලක් මාට්ටුයි.. කලකිරුණු එජාප මන්ත‍්‍රීන් හයක් ජනපති සමග එක්වෙයි..

May 15, 2018 at 10:31 pm | lanka C news
නායකත්වයේ මහ ඇන්දිල්ලක් මාට්ටුයි.. කලකිරුණු එජාප මන්ත‍්‍රීන් හයක් ජනපති සමග එක්වෙයි..

පක්‍ෂය සම්බන්ධයෙන් කලකිරුණු එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රිවරුන් හය දෙනෙකු මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිට සහාය ලබා දීමට තීරණය කර ඇතිබව සත්හඩ පුවපත්පත වාර්තා කරයි.

ධිගින් දිගටම පක්‍ෂයෙන් වන අසාධාරණයන් සහ පසුගිය ඇමති සංසොධනයේදී ලබා දෙන්නේ යයි නායකත්වය විසින් පොරොන්දු වූ තනතුරු ලබා නොදීම නිසා මෙම තීන්දුව ගෙන ඇති බවද වාර්තාවේ දැක්වෙයි.

ඔවුනට තනතුරු ලබා දීමට ශ‍්‍රිලිපයෙන් විරුද්ද වූ බවට එජාප නායකත්වය විසින් දන්වා ඇතත් ජනාධිපතිවරයා හමුවී එජාප මන්ත‍්‍රීවරුන් තිදෙනෙක් මේ ගැන විමසූ අවස්ථාවේදී ජනාධිපතිවරයා විසින් එම චෝදනාව ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

තමන් ඇමති ධුර දුන්නේ එජාපයෙන් නිර්දේශ කරන ලද ලේඛණයට පමණක් යයිද ජනාධිපතිවරයා වැඩි දුරටත් ඔවුනට දන්වා තිබේ.

හේ හේතුවෙන් පක්‍ෂය හා කලකිරීමෙන් පසුවන එජාප මන්ත‍්‍රි හය දෙනා ඉදිරියේදී ජනාධිපතිරවයාට සහාය පල කිරීමට එක්වනු ඇතැයිද වාර්තාවේ දැක්වෙයි.

28 views
Main News