නායකත්වයේ හෝ තනතුරුවල වෙනසක් නෑ.. මාස දෙකකට කල් දමයි.. රනිල් විරෝධය තවත් උග‍්‍ර කරමින් කෘත්‍යාධිකාරිය තීරණය කරයි..

March 29, 2018 at 2:10 pm | lanka C news
නායකත්වයේ හෝ තනතුරුවල වෙනසක් නෑ.. මාස දෙකකට කල් දමයි.. රනිල් විරෝධය තවත් උග‍්‍ර කරමින් කෘත්‍යාධිකාරිය තීරණය කරයි..

අද පෙරවරුවේ සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පැවැත්විය.

මෙහිදී සාකච්චා කර ඇත්තේ අගමැතිවරයාට එරෙහිව ගෙනවිත් ඇති විශ්වාස භංග යෝජනාව හා එජාප ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ගැනයි.

විශ්වාසභංගයට අදාල ඡුන්ද විමසීමේදී අගමැතිවරයාට පක්‍ෂව ඡුන්දය දමා එය පරාජය කිරීම සදහා වූ යෝජනාවක්ද එහිදී සම්මත කර ඇත.

කෙසේ වෙතත් පක්ෂයේ ප‍්‍රධාන තනතුරු වෙනස් කිරීම ඇතුළු එජාප ප‍්‍රතිසංවිධාන ක‍්‍රියාවලිය සදහා මාස දෙකක කාලයක් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් එහිදී ඉල්ලා ඇත.

මෙම තීරණයත් සමග එජාපයේ අගමැතිවරයාට විරෝධී මත පල කරන පිරිස් දැඩි කලකිරීමට පත්ව ඇති බව වාර්තා වෙයි.

ඔවුන් අවස්ථා කිහිපයකදීම කියා සිටියේ විශ්වාස භංගයට පෙර පක්‍ෂයේ නායකත්වය ඇතුළු සියළු තනතුරු වෙනස් කල යුතු බවයි.

0 views

7 Comments to “නායකත්වයේ හෝ තනතුරුවල වෙනසක් නෑ.. මාස දෙකකට කල් දමයි.. රනිල් විරෝධය තවත් උග‍්‍ර කරමින් කෘත්‍යාධිකාරිය තීරණය කරයි..”

  1. Asaranaya says:

    මළ පෙරේතයෝ මළ පෙරේතතැටියට අරක් ගත්තාම දුම්මල ගැහුවත් යන්නේ නැහැ

    • sayumi says:

      අගමැති කමින් අස් නොකලොත් කිසි දවසක රනිල් පක්ෂ නායකත්වයෙන් අස් වෙන්නේ නෑ. අස් කරන්න ඕන නම් කලයුතු හොඳම දේ විශ්වාස බන්ගයට පක්ෂව චන්දෙ දීමයි.

  2. Nandasoma says:

    නොකෙරෙන වෙදකමට මොනවද තව අවශ්‍ය ?

  3. Kings says:

    විජේදාස රාජපක්ෂ මහත්තය දැනට දවස් තුනකට පෙර හිරු සලකුන වැඩසටහනේදි කිව්ව හරියට හරි.

  4. Upali says:

    සුපුරුදු කල්මැරීම සහ සුපුරුදු රැවටීම තව වරක් ඉදිරිටම යාවිද.

  5. kadiya says:

    රනිල් UNP එකේ ඕන මලනාඩගමක් නටාගත්තට මේ රටේ බහුතරයකට කමක් නැත. ඕනෑමනම් සිරිකොත චීනෙට නෙමෙයි ඉතියෝපියාවට විකුණුවත් මේ රටේ බහුතරයකට කමක් නැත. නමුත්රටේ වැදගත් ආර්ථික මර්මස්ථාන කාට හෝ විකුනන්න තීරණ ගන්න, මේ රටේ නීතිය හදන, ආර්ථිකය පලනයකරන අගමැති තනතුර අතහැරිය යුතුය.
    ඒත් එක්කම පක්ෂයකට නායකත්වය දෙන්න බැරි එකාට රටකට නායකත්වය දෙන්න පුලුවන්ද කියා මොලේ තියන උන් කල්පනා කරන්න ඕනෑය.

  6. ඔස්මන්ඩි වික්‍රමසිංහ says:

    නොකෙරෙන වෙදකමට කෝදුරැ තෙල් හත්පට්ටයකුත් ඔනැලු.