නායකයන්ගේ කිසිම කෙලෙහි ගුණයක් නෑ.. ඔවුන් සමග කිසිම සන්ධානයක් නෑ..- විගනේෂ්වරන්
November 20, 2018 at 12:40 pm | lanka C news
තමන් වෙනම දේශපාලන පක්ෂයක් ඉතා අසීරුවෙන් ජනතා අවශ්‍යතාවය මත පිහිටුවන ලද්දේ තවත් දේශපාලන පක්ෂයකට හේත්තු වී පසෙකට වීමට නොවන බව හිටපු උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා යාපනයේදී පැවසීය.
උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා මෙසේ කියා සිටියේ යාපනයේ පලාලි පාරේ කන්ද මඩම් මන්සන්ධියේ පිහිටි පොදු උත්සව ශාලාවකදී ටී.එම්.කේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව අමතමිනි.
සී.වී.විග්නේස්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් දෙමළ ජනතා සන්ධානයේ (ටී.එම්.කේ) පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමට සහභාගී වූ අයෙකු ප්‍රකාශ කොට සිටියේ සියලුම දෙමළ දේශපාලන පක්ෂ එකට එක්විය යුතු බවට ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කොට ඇති යෝජනාව සම්බන්ධයෙන් ටී.එම්.කේ.පක්ෂයේ ස්ථාවරය කුමක්දැයි යන්න විමසූ විට විග්නේශ්වරන් මහතා කියා සිටියේ.
‘‘තමන් හෝ තම පක්ෂය යළි කිසිම දිනක කවර අවශ්‍යතාවයක් සදහාවත් දෙමළ ජාතික සන්ධානයට එක් වීමක් හෝ එම පක්ෂයේ ලකුණක් යටතේ මැතිවරණයකට තරග නොකරණ බවටයි.
එමෙන්ම තමන් මෙවැනි තීරණයක් ගන්නා ලද්දේ අදක ඊයේක නොව උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ පිබිදීම වෙණුවෙන් උත්සව මාලාවක් සංවිධානය කළ අවස්ථාවේදී බවත් දෙමළ ජනතාවගේ යහපත හා දෙමළ ජනතාව දිනාගැනීම සදහා යමක් කරණ අවස්ථාවලදී දෙමළ ජාතික සන්ධානය ඒ දෙස බලන ලද්දේ දැඩි ඊර්ෂ්‍යාවකින් බවත් දෙමළ ජාතික සන්ධානය තමන්ව උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යධුරයෙන් ඉවත් කිරීමට කටයුතු හා සැලසුම් දියත් කළේද මේ ඊර්ෂ්‍යාව නිසාම දෙමළ ජාතික සන්ධානයට යන එන මං නොමැති අවස්ථාවලදී කොතරම් උදව් උපකාර කළද ඒවායෙහි කිසිදු කෙළෙහි ගුණයක් එම පක්ෂයේ නායකයින් තුළ දැකීමට නොමැති බව උදාහරණ කීපයක්ද මගින් පෙන්වා දුන්නේය.
මේ හේතුව නිසාවෙන් තමන් යළිත් වරක් එවැනි පක්ෂයකට සහය ලබා නොදෙන බවත් තමන්ගේ එකම අරමුණ ටී.එම්.කේ.පක්ෂය උතුරු පළාත තුළ ව්‍යාප්ත කොට දුක් විදින හා දෙමළ ජාතික සන්ධානයට රැවටී සිටින ජනතාව ඉන් මුදවා ගැනීම බවත් මෙහිදී සී.වී.විග්නේශ්වරන් මහතා වැඩි දුරටත් කියා සිටියේය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
දැන්වත් දෙමළ ජනතාවට ශ්‍රී ලාංකිකයන් ලෙස ජීවත් වීමට උගන්නපියව්!!!. ඔය ජාතිවාදය පසෙකලා රටේ අනික් ප්‍රදේශ වල ජනතාවට සමාන තත්වයක් උතුරටත් ඇති බව පෙන්නලා දීපං.. දකුණට නැති දේවල් උතුරට අරන්දෙන්න යන්න එපා
Shut your racist mouth and get lost old man…Who need tiger Kallathoni?
තොපි වගේ දේෂපාලනයන් තමා මේ රටට කෙලෙව්වේ දැන්වත් එකට සමගියෙන් ජීවත්වෙන්න බැරිනම් අනෙකුත් ප්රදේෂවල විසිරී ඉන්න දෙමළ ජනයාත් යාපනයට ගෙනියපියව් ඊටපස්සේ අපි ෆෙඩරල් දෙන්නම්???
දේශපාලන පක්ෂය පිහිටාගෙන වාසුගේ ඕන………… එපාකම්……….. පිරිමහන්ඩ එපැයි වාසුගේ මස්සිනානේ…………….
සම්බන්දන් අඩු තරයක් ඇති විරුද්ද පක්ෂ නායක කමින් එලවා දැමිය යුතුය
BEDEEMA RATATA SUBAYA……………….