නායකයා වෙන්න ආ කරූ එක වැකියෙන් රනිල් චප්ප කර දමයි.. කරු නොකවුට්..

August 26, 2020 at 12:02 am | lanka C news
නායකයා වෙන්න ආ කරූ එක වැකියෙන් රනිල් චප්ප කර දමයි.. කරු නොකවුට්..

කරු ජයසූරිය මහතාට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය දිය නොහැකි ව්‍යවස්ථාමය බාධාවන් ඇතිවී තිබෙන බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත.

එක්සත් ජාතික පක්ෂයේ නායකයා වීමට නම් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ හෝ විධායක සභාවේ සාමාජිකයකු වීම අත්‍යවශ්‍ය වන බව ඔහු පවසා තිබේ.

කරු ජයසූරිය මහතා කථානායක ධූරය භාරගත් අවස්ථාවේ දී එම තනතුරුවලින් මෙන්ම එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන්ද ඉල්ලා අස් වූ බව රනිල් වික්‍රමසිංහ පෙන්වා දී ඇත.

ඒ අනුව කරු ජයසූරිය මහතාට පක්ෂ නායකයා වීමට ව්‍යවස්ථාව අනුව කිසිම ඉඩක් නැතැයි ද වික්‍රමසිංහ මහතා සදහන් කර තිබේ.

එනිසා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය අපේක්ෂා කරන තරුණ දේශපාලඥයන් ඒ සඳහා මීළඟ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී ඉදිරිපත් වන්නැයි ද වික්‍රමසිංහ මහතා දන්වා තිබේ.

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ පස්වරුවේ රැුස්වූ අවස්තාවේදි මෙම සාකච්චාව සිදුව ඇත.

පක්‍ෂ නායකත්වය බාර ගැනීමට තමන් සූදානම් බව කරු ජයසුරිය මහතා විසින් කරන ලද ප‍්‍රකාශය ගැන එහිදි වැඩි සැලකිල්ලක් යොමු කර ඇත.

125,671 views

18 Comments to “නායකයා වෙන්න ආ කරූ එක වැකියෙන් රනිල් චප්ප කර දමයි.. කරු නොකවුට්..”

  1. Makal says:

    කරුවා සමග වාසේ…

  2. Niru says:

    These people are called shameless dogs

  3. සිරිකොත කොල්ලෝ says:

    ඉතිං ඔක ඔචිචර අමාරැ වැඩක්ද?
    නායකයට තියෙන බලතල යටතේ ඉස්සෙල්ලම කරැ කෘත්‍යාධිකාරී කමිටුවට පත්කරනවා. ඊට පස්සෙ නායකයා හැටියට පත්කර ගන්නවා.
    සාගලයි,අකිලයි රනිල්ව එයාලගෙ භාරකරැ හැටියට පත්කර ගන්නවා. ටික දවසක් දෙණියායෙ, ටික දවසක් කුලියාපිටියෙ. දෙන්නටම සලකමින් සාමයෙන් කල්ගෙවනවා.

  4. UNP-GALIBBA says:

    රනිල් ගොයියා අර සොහොනට වහගත් මල පෙරෙතයා වගේ ඕක දෙන්නේ රුවන් විජේවර්දනට බොරුනම් බලපල්ලා????

  5. kumari says:

    Mahindage wachanayata udin ranil yanne nehe. saththayi.

  6. කාළකණ්ණි දොන් ජුවන් says:

    එජාපය ගොඩගත හැකි එකම තරුණ නායකයා රණිල් විකුම්සිහයන්‍ ය….. රණිල් වික්‍රමසිංහ එජාප නායකත්වය වහාම රණිල් වික්‍රමසිංහට බාරදිය යුතුය…..

Main News