නායගිය හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගය මගින්ට ගමන් කිරිම සදහා විවෘත කෙරේ…

October 31, 2018 at 2:05 am | lanka C news
නායගිය හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගය මගින්ට ගමන් කිරිම සදහා විවෘත කෙරේ…

නායයාමට ලක් වු හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් නිව්වෙලිගම ප්‍රදේශයේ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිමේන් අනතුරුව ජනතාවට නායගිය ස්ථානයෙන් මාර්ගය දෙපස පයින්ගමන් කිරිම  සදහා (30) විවෘත කරනු ලැබිය.

කාසල්රි ජලාශයට ඉහලින් වු හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් නිව්වෙලිගම ප්‍රදේශයෙන් මාර්ගයේ කොටසක් මිටර් 45 පමණ කොටසක් ඉකුත් 13 වෙනිදා ඒ අසල තිබු නිවාස පහක් සමග කාසල්රි ජලාශයට නායයාමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන්ම ඇණ හිට තිබුණි.

නායයාම නිසා හැටන් බගවන්තලාව, හැටන් බලංගොඩ , හැටන් මස්කෙලිය නල්ලතන්නිය සාමිමලේ යන ප්‍රදේශවල ගමනා ගමන කටයුතු විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කල අතර , එම ප්‍රදේශයේ මගි ජනතාව නායගිය ස්ථානය මග හැර අති දුෂ්කර වතු මාර්ග ඔස්සේ පයින් ගමන් කරනු ලැබිය.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශය් මත නොර්වුඩ් මාර්ග  සංවර්ධන අධිකාරිය කාර්යයාලය මගින් ප්‍රතිසංස්කරණය කල අතර , තව දින කිහිපයක් ඇතුලත සියළුමවාහන වලට එම මාර්ගය ඔස්සේ රථ වාහන ගමනා ගමනයට අවස්තාව ලබාදෙන බව නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යයායේ විධායක ඉංජිනේරු කේ.ඩි.ආර්.දේවප්‍රිය මහතා පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

2,405 Viewers
Main News