නායයමේ අවධානමින් ඉවත් කල පිරිස් විරෝධතා…

August 3, 2019 at 5:30 pm | lanka C news
නායයමේ අවධානමින් ඉවත් කල පිරිස් විරෝධතා…

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගිය දා ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ඉකුත් මස 19 දින ගිනිගත්හේන නගරයේ නායගිය වෙලදසැල් 11 වෙලද ව්‍යපාරිකයන් සහ නායයමේ අවධනාමක් නිසා ඉන් ඉවත් කල තවත් වෙලදසැල් 42 ව්‍යපාරිකයන් ගිනිගත්හේන නගර මධ්‍යයේ අද (03) උද්ඝෝෂනයක් පැවැත්වීය.

ඉකුත් 19 වෙනිදා ගිනිගත්හේන නගර නාය යාම නිසා එහි ව්‍යාපාරිකයෙකු ජිවිතක්ෂයට පත් වු අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් ගිනිගත්හේන නගරයේ ඉන් අනතුරුව සිදු කල පරික්ෂණයෙකින් පසු තවත් වෙලදසැල් 42 නායයමේ අවධානමක පවතින බවට ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම්වරයාට සහ අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාට ලබාදුන් නිර්දේශයක් මත නායයමේ අවධානමක් මතු වි තිබෙන වෙලදසැල් 42 කට අඹගමුව ප්‍රාදේශිය සභාව මගින් නිකුත් කර තිබු වෙලද බලපත්‍රය තාවකාලිකව ප්‍රාදේශිය සභාව මගින් අත්හිටුවනු ලැබුනි.

ඉන් අනතුරුව විදුලි බල මණ්ඩලය මගින් ද එම වෙලදසැල් වෙත ලබා දි තිබු විදුලි බලයද විසන්ධි කරනු ලැබින.

උද්ඝෝෂණයේ නියැලි සිටින අවතැන් වු ව්‍යාපාරිකයන් ඉල්ලා සිටින්නේ තම ව්‍යාපාරික ස්ථාන වලින් ඉවත් කිරිම නිසා තම ආර්ථික ගැටළු රාශ්‍රියකට මැදි වි සිටින බවයි.

එම නිසා ව්‍යපාර කටයුතු සිදු කරන් යාමට ගිනිගත්හේන නගරයේ සුදුසු ස්ථානයක ඉඩමක් හෝ වෙලදසැල්  ලබාදෙන  ලෙස උද්ඝෝෂයේ නියැලි සිටින ගිනිගත්හේන නගරයේ ව්‍යපාරිකයන් කියා සිටිනවා.

මෙම උද්ඝෝෂනයට සමගාමිව ගිනිගත්හේන නගරයේ සෙසු වෙලදසැල්වල ව්‍යාපාරිකයන් විසින් කළු කොඩි ඔසවා උද්ඝෝෂනය ගිනිගත්හේන පොලිසිය ඉදිරිපිට සිදු කරනු ලබයි.

මෙම ගැටළුව සම්බන්ධයෙන් අප අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති ජයසංඛ පෙරේරා මහාගෙන් කල විමසුකමට ඔහු කියා සිටියේ නායයමෙන් සහ නායයමේ අවධානමක් නිසා අවතැන් වු වෙලද ව්‍යාපාරිකයන් සදහා ගිනිගත්හේන නගරයේම සුදුසු ස්ථානයක වෙලදසැල් ඉදි කිරිමට කටයුතු කරන බවයි .

– හැටන් රංජිත් රාජපක්ෂ

5,168 Viewers
Main News