නාය ගිය හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගය ඒ අසලින්ම අලුතින්ම ඉදිරිකිමට නිර්දේශයක්..

October 21, 2018 at 2:11 am | lanka C news
නාය ගිය හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගය ඒ අසලින්ම අලුතින්ම ඉදිරිකිමට නිර්දේශයක්..

නොර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේ කාසල්රි ජලාශයට ඉහලින් හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නායගිය ස්ථානයට අසලින්ම අලුතින් මාර්ගයක් ඉදි කිරිම සදහා මාර්ග සංවර්ධණ අධිකාරියට නිර්දේශයක් ලබාදෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නායයාම් පර්යේෂණ හා අවධානම් කළමණාකාර අධ්‍යක්ෂක ආර්.එම.එස්.බණ්ඩාර මහතා පැවසිය.

ආර්.එම.එස්.බණ්ඩාර මහතා ඒ බැව් කියා සිටියේ නොර්වුඩ් නිව්වැලි ගම ප්‍රදේශයේ නායයාම් සම්බන්ධයෙන් සොයාබැලිමට එම ප්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවකට එක් විමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු ආර්.එම.එස්.බණ්ඩාර මහතා කියා සිටියේ කදු මුදුනේ තවදුරටත් නායයාමේ අවධානමක් නොමැති බවත්, දැනට නායයාමට සක්‍රිය වි ඇති පස් කන්ද ඉවත් කර එම ස්ථානයෙන්ම කැඩිගිය හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගය අලුතින්ම ඉදි කිරිම සදහා කඩිනමින් නිර්දේශයක් මාර්ගය සංවර්ධන අධිකාරියට ලබාදෙන බවයි.

නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යයාලය වෙත ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් ලබා දුන් නිර්දේශයක් මත නායයාමට ලක් වු හැටන් ප්‍රධාන මාර්ගයට ඉහලින් තේ වත්ත හරහා අලුතින් මාර්ගයක් ඉදි කිරිමේ කටයුතු නොර්වුඩ් මාර්ග සංවර්ධණ අධිකාරිය මගින් ආරම්භ කල අතර , ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂකවරයාගේ නව නිර්දේශය නිසා කදු මුදුණේ අලුතින් කපමින් සිටි හැටන්බගවන්තලාව ප්‍රදාන  මාර්ගයේ  වැඩ කටයුතු අද නතර කල බව නොර්වුඩ් මහ මාර්ග කාර්යයාලයේ විධායක ඉංජිනේරු කේ.ඩි.බි.ආර්.දේවප්‍රිය මහතා කියා සිටි.

– හැටන් රංජිත් රාජපක්ෂ

3,111 Viewers
Main News