නාරාහේන්පිට OIC යහපාලනය ඔළුවෙන් හිටුවයි.. තජුඩීන් නඩුව උඩු යටිකුරු කරමින් මාධ්‍ය හමුවක..

November 28, 2019 at 10:15 pm | lanka C news
නාරාහේන්පිට OIC යහපාලනය ඔළුවෙන් හිටුවයි.. තජුඩීන් නඩුව උඩු යටිකුරු කරමින් මාධ්‍ය හමුවක..

වසීම් තාජුඩීන් මරණයට පත්වීමේ සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරනු ලද එවකට නාරාහේන්පිට පොලිසියේ හිටපු පොලිස් අපරාධ අංශයේ ස්ථානාධිපති සුමිත් පෙරේරා මහතා කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් කරුණු ගණනාවක් හෙළි කලේය.

ඔහු සදහන් කළේ අදාළ අනතුර සිදු වූ ස්ථානයට තමන් එම මොහොතේම ගොස් පරීක්ෂණ ආරම්භ කළ බවත් එය බීමතින් සිදු වූ රිය අනතුරක් බවත්ය.

ඒ සම්බන්ධයෙන් වන සියලූ නඩු භාණ්ඩ තමන් විසින් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවත් ඔහු පැවසුවේය.

අනතුර සිදුවන්නට ඉතා ආසන්න මොහොතක දී තජුඩින් තවත් යහළුවකු සමග මත්පැන් බෝතල දෙකක් පමණ පානය කර ඇති බවද ඔහු හෙළි කළේය.

මේ සම්බන්ධයෙන් සියලු වාර්තා සහ සහතික නඩු භාණ්ඩ තමයි අධිකරණයට ඉදිරිපත් කළ ද ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් මෙම මරණය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ සම්බන්ධය යයි පවසන ලෙසට රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර තමාට බලපෑම් කළ බවද ඔහු පැවසීය.

නමුත් තමන්ගේ ඊට එකඟ නොවූ හෙයින් වසරක කාලයක් බන්ධනාගාර සිටීමට තමන්ට සිදු වූ බවත් හෙතෙම සදහන් කලේය.

සත්‍ය ගවේෂකයෝ සංවිධානය විසින් කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

206 views

21 Comments to “නාරාහේන්පිට OIC යහපාලනය ඔළුවෙන් හිටුවයි.. තජුඩීන් නඩුව උඩු යටිකුරු කරමින් මාධ්‍ය හමුවක..”

  1. JANAKA says:

    බොරැල්ල වංචා විමර්ශනේ අද්‍යක්ෂ රොහාන් ප්‍රේමරත්න, ඔහුගේ අනියම් බිරිඳ කුමුදිනි රේණුකා පෙරේරා, IP රාජපක්ෂ සහ SI විමල් එදිරිසුරියවත් වහාම නවත්තන්න. ඔවුන් සුදුවැන් වලින් ගිහින් ඝාතනය සඳහා පුදගලයන් අත්අඩංගුවට ගැනීමට ප්‍රකටයි. විශේෂයෙන් අප්‍රේල් 22 දා රාත්‍රියේ මීගොඩ ප්‍රදේශයේ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම.

  2. Amal says:

    ඔහම බේරුනා ඇති. බොරැල්ලේ පොලිස් වංචා විමර්ශනේ අද්යක්ෂකට එහෙම අහුවුනානම් දුවයි ගෑනිත් දුෂණය කරනවා. පොර සැකකරුවෙක් පැමිණිලි කාරු කරලා ඔහුගේ ලාබාල අවුරුදු 18 දියණිය දියණිය (වයස අවුරුදු 19ක් මේ නාකියට වැඩිය බාල) දුෂණය කරලා පස්සේ කසාද බැඳලා ඉඩමකුත් වංචා සහගතව ලියාගෙන ඒ කෙල්ලව පාරට දැම්මා. පුදුම වලත්තයෙක් තමයි

  3. Sarath says:

    Etakota Thajudeen merunema nedda? Maraine.

Main News