නාවලපිටියේ පුපුරුවා හැරීමක්..

July 7, 2020 at 4:40 pm | lanka C news
නාවලපිටියේ පුපුරුවා හැරීමක්..

නාවලපිටිය පොලිස් වසමට අයත් මා වතුර දඹගල්ල ප්‍රදේශයේ  කොත්මලාඔයේ ඉවුරේ ගල් බෙනයක  තිබි පුපුරන ද්‍රව්‍යය රැසක් (06) දින පස්වරුවේ සොයාගත් බව නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.එච්.පි.කළුගම්පිටිය මහතා පැවසිය.

කොත්මලේ ජලාශයට පහලින් වු කොත්මලාඔයේ ඉවුරේ ගල් බෙනයක පුපුරන ද්‍රව්‍යය රැසක් ඇති බවට එම ඔයේ දිය නැමට ගිය තරුණයන් පිරිසක් විසින් දැක ඒ බැව් නාවලපිටිය පොලිසිය වෙත දැනුම්දිමෙන් පසු පුපුරන ද්‍රව්‍යය තොගය සොයාගෙන ඇත.

ගල් බෙනයක තිබු ඩෙටිනේටර් 99 ක් , සි 4 වර්ගයේ පුපුරන ද්‍රව්‍යය කිලෝ 1 කට ආසන්න ප්‍රමාණයක් සහ යුධ හමුදා විසින් උත්සව අවස්තාවල භාවිතා කරනු ලබන දුම්බොම්බ අටක්ද  සොයාගත් බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

ගල්බෙනයේ තිබි හමු වු ඩෙටිනේටර්  99  මහනුවර පොලිස් විශේෂ කාර්යය බලකා කදවුරේ පොලිස් නිලධාරින් විසින් ආරක්ෂිත හේතුන් මත එම ස්ථානයේදිම පුපුරවා විනාශ කර ඇත.

හමු වු සි 4 වර්ගයේ පුපුරන ද්‍රව්‍යය කිලෝ 1 කට ආසන්න ප්‍රමාණයක් සහ දුම්බොම්බ 8 වැඩිදුර පරික්ෂණ සදහා නාවලපිටිය පොලිසිය වෙත භාර දි ඇත.

ගල් බෙනයේ තිබු පුපුරන ද්‍රව්‍යය කිසියම් පිරිසක් විසින් රැගෙන විත් සගවන්නට ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නාවලපිටිය පොලිසියේ අපරාධ විමර්ෂන අංශයේ නිලධාරින් සැකකරයි.

සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

140 views

8 Comments to “නාවලපිටියේ පුපුරුවා හැරීමක්..”

  1. kkuruwita says:

    කාලකන්නින් විසින් පසු ගිය අවුරුදු හතර හමාරේ බුද්ධි අංශ විනාශ කිරීමේ ප්‍රතිඵල තමා මේ ! ලැජ්ජා නැතිව තව කියවනවා ආර්තිකේ හදන හැටි !!

  2. Dj says:

    කොහෙද බල්ලනේ පුපුරුවා හැරීමක් වෙලා තියෙන්නේ. Headline එක නිව්ස් එකට ගැලපෙන දාපල්ල. බොරු දාන්නේ නැතිව.

  3. Niran says:

    mokadda ohellage sadarana news kade yamma nissa rattama kanawa

  4. Gorilla says:

    Detonators and c4 for bomb blasts, either by tamil tigers or Islamic terrorists.Government should be extremely vigilant these days.

  5. sand man says:

    mewa okkoma chanda gundu .. pupuruwana eka kohomath pupuruwanawa ohoma owa hangala yanne na. me okkoma drama pitapatha kageda kiyala hitha ganna puluwanne

  6. Asoka says:

    ඕවා ඔය මහින්දානන්දට හොඳ සිකුරිටි එකක් ගන්න මහින්දානන්දම කියලා සෙට් කරපු වැඩ. මුට දැන් මුස්ලිම් දෙමල ගු ගහන්න බලාගෙන ඉන්නේ. මු චන්ද්‍රිකාගේ සාරියේ එල්ලිලා පස්සේ චන්ද්‍රිකාට නින්දා අපහාස කරලා මහින්දගේ සාටකේ එල්ලුනා. දැන් බලන්නේ මහින්දට විරුද්දව ගොටාට කේලම් කියලා ගොටව අල්ලගන්න. එත් ස ඕකව හොඳට දන්නවා. ස චන්දෙ ඉවරවුනාම මුට පුකට පයින් ගහලා එලවයි. දැනටමත් මු චන්දෙ කෙලවගන්නවා කියලා වියරුවෙන් ඉන්නේ.

  7. Ajith says:

    ලංකාවේ නාකොටික් එකෙන් කුඩු විකුනනවා වංචා විමර්ශනෙ අද්යක්ෂක රොහාන් ප්‍රේමරත්නට විරුද්දව නුගේගොඩ අධිකරණෙ SPL 362/17 යටතේ උගේ ගැනී ඉඩම් වංචාවකට නඩු. DIG ලා හෝල් සෙල් මිනිමරලා (වාස්) හිරේ. අනේ අපොයි අපිට වෙච්ච දේ ?

Main News