නාවලපිටිය ජලයෙන් යට වේ..

October 13, 2019 at 5:30 pm | lanka C news
නාවලපිටිය ජලයෙන් යට වේ..

මධ්‍යම කදුකරයට දින කිහිපයක් තිස්සේ ඇද හැලැණු අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයේ කොටසක් අදත් (13)  ජලයෙන් යට විම නිසා රථවාහන ගමනා ගමනයට බාධා ඇති විය .

නාවලපිටිය නගරයේ බස් නැවතුම්පලේ සිට ගම්පොල දෙසට මිටර් 500 පමණ මෙසේ  වැසි ජලයෙන් යට වි  තිබුණි.

වැසි ජලය නිසි ලෙස කාණු පද්ධතිය ඔස්සේ බැස නොයැම හේතුවෙන් මෙසේ ප්‍රධාන මාර්ගය ජලයෙන් යට විය .

සුළු වර්ෂාවකදි පවා මෙසේ නාවලපිටිය නගරය ජලයෙන් යට විම නිසා එම නගරයට පිවිසෙන පාර්භෝගික ජනතාව ගැටළු රැසකට මැදි විය.

නාවලපිටිය නගරයේ කොටසක්  සුළු වර්ෂාපතනයකදි පවා යට විම සම්බන්ධයෙන් අප නාවලපිටිය නගර සභාවේ සභාපති සසංක සම්පත් සංජිව මහතාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ නාවලපිටිය නගරයේ ජලය බැස යාම සදහා නගර සභාව මගින් ව්‍යපෘතියක් සකස් කර එම ඇස්තුමේන්තු මුදල රජය වෙත ඉදිරිපත් කර ඇති බවත්, එම ප්‍රතිපාදන ලැබුණු පසු නාවලපිටිය නගරයේ ජලය බැස යාමට ස්ථිර ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

100 views

2 Comments to “නාවලපිටිය ජලයෙන් යට වේ..”

  1. Vasana says:

    මේ රජය ලැජ්ජා වෙන්න ඕනේ ජනතාවගෙන් චන්දේ ඉල්ලන්න

  2. Hadawathin Srilankan says:

    නාවලපිටිය උන් ජහ පාලනය & UNP එකට ඡන්දය දීලා දිනෙවිවෙ ඕකටනෙ.කොන්ද පණ නැති ආණ්ඩුවක්…

Main News