නාවලපිටිය නගරය ජලයෙන් යට වේ..

June 20, 2019 at 12:40 pm | lanka C news
නාවලපිටිය නගරය ජලයෙන් යට වේ..

මධ්‍යම කදුකරයට අද (20) උදැසන ඇද හැලැණු අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයේ කොටසක් ජලයෙන් යට විම නිසා රථවාහන ගමනා ගමනයට බාධා ඇති විය .

නාවලපිටිය නගරයේ බස් නැවතුම්පලේ සිට ගම්පොල දෙසට මිටර් 500 පමණ මෙසේ  වැසි ජලයෙන් යට වි  තිබුණි.

වැසි ජලය නිසි ලෙස කාණු පද්ධතිය ඔස්සේ බැස නොයැම හේතුවෙන් මෙසේ ප්‍රධාන මාර්ගය ජලයෙන් යට විය .

සුළු වර්ෂාවකදි පවා මෙසේ නාවලපිටිය නගරය ජලයෙන් යට විම නිසා එම නගරයට පිවිසෙන පාර්භෝගික ජනතාව ගැටළු රැසකට මැදි විඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

244 views
Main News