මධ්‍යම කදුකරයට දැඩි වර්ෂා… නිවාස රැසක් ජලයෙන් යටවෙයි.. ප්‍රධාන මාර්ගවලට පස් කදු කඩා වැටේ..

July 18, 2019 at 4:40 pm | lanka C news
මධ්‍යම කදුකරයට දැඩි වර්ෂා… නිවාස රැසක් ජලයෙන් යටවෙයි.. ප්‍රධාන මාර්ගවලට පස් කදු කඩා වැටේ..

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් හැටන් සහ කොටගල ප්‍රදේශයේ නිවාස රැසක් ජලයෙන් යට වි ප්‍රධාන මාර්ගයට පස් කදු කඩා වැටිමෙන් මාර්ග කිහිපයකම රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ අැත.

හැටන් රුවන්පුර ප්‍රදේශයේ නිවාස දෙකකට ප්‍රධාන මාර්ගය හරහා ගලා බැසි වැසි ජලය කාන්දු විමෙන් එහි පවුල් දෙකකට අයත් සමාජිකයන් අවතැන් වි සිටිති.

හැටන් කොටගල ප්‍රදේශයේ  පහත්බිම් රැසක් ජලයෙන් යට වි නිසා නිවාස තුනක් ජලයෙන් යට වි ඇති අතර හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකම වැසි ජලය ගලා බැසිම නිසා රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ තිබෙ.

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන දියගල ප්‍රදේශයේ නාය යාමේ අවධානම් ස්ථානයක් මාර්ග සංවර්ධන අධිකාරි මගින් ප්‍රතිසංස්කරණය සිදු කරන ස්ථානයේ ප්‍රධාන මාර්ගයට වරින් වර පස් කදු කඩා වැටිම නිසා රථ වාහන ගමනා ගමයට වරින් වර බාධා පැමිණෙන බව ගිනිගත්හේන පොලිසිය කියා සිටියේය.

අධික වර්ෂාවත් සමග පවතින  දැඩි සුලං තත්ත්වය හේතුවෙන් හැටන් සහ කොටගල ප්‍රදේශයේ ස්ථාන කිහිපයකම විදුලි බලය ඇණ හිට ඇත.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ අකුණු සැර වරින් වර පතිත වන නිසා එ පිලිබදව සැලකිලිමත් වන ලෙසත් හැටන් නුවරඑලිය සහ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට පස් කදු කඩා වැටිමේ අවධානමක් පවතින නිසා එම මාර්ග වල රථ වාහන ධාවනය කිරිමේදි ද සැලකිමත්ව රිය ධාවනය කරවන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

පවතින අයහපත් කාලගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල පහල බැස තිබු ජල මට්ටම ක්‍රමයෙන් ඉහල යමින් පවතින බව විදුලි බලාගාර ඉන්ජිනේරුවන් පවසයි.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණය නිසා හැටන් , කොටගල ඇතුළු ප්‍රදේශ රැසක අධික සිතල තත්වයක්ද පවති.

– හැටන් රංජිත් රාජපක්ෂ

19,000 Viewers

One Comment to “මධ්‍යම කදුකරයට දැඩි වර්ෂා… නිවාස රැසක් ජලයෙන් යටවෙයි.. ප්‍රධාන මාර්ගවලට පස් කදු කඩා වැටේ..”

  1. Kadiya says:

    බොන්න වතුර නැති වෙනතෙක් මාස ගානක් වැසි නැතිව පායපු පෑවිල්ල ඉවරවෙලා වහිනකොට ඒක අයහපත් කාලගුණයක්. එතකොට මිනිස්සු සතා සීපාවුන් ගහකොළ සියල්ලම වේලිලා යනතෙක් පායන එකද යහපත් කාලගුණය කියන්නේ.

Main News