නාවිකයන්ට කොරෝනා පරදී… කදවුරෙන් ආසාදිතයන් කිසිවෙකු නෑ.. මරණ නෑ.. ICU නෑ.. 80% සනීපයි.. වැලිසර අරින්න සූදානම්..

June 13, 2020 at 3:00 pm | lanka C news
නාවිකයන්ට කොරෝනා පරදී… කදවුරෙන් ආසාදිතයන් කිසිවෙකු නෑ.. මරණ නෑ.. ICU නෑ.. 80% සනීපයි.. වැලිසර අරින්න සූදානම්..

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් වසා දමන ලද වැලිසර නාවික හමුදා කදවුර සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කළ වහාම නැවත විවෘත කිරීමට සූදානම් බව නාවික හමුදාපති පියල් ද සිල්වා මහතා සඳහන් කරයි.

මේ වන විට කදවුර කොරෝනා ව්‍යාප්තිය සම්පූර්ණයෙන්ම පාලනය වී ඇති බැවින් කදවුර ඉක්මනින්ම විවෘත කිරීමට හැකි වනු ඇති බවටත් ඔහු විශ්වාසය පළ කරයි.

මේ වන විට නාවික හමුදා ආසාදිතයන් කෙනෙකු දෙදෙනෙකු බැගින් වාර්තා වන්නේ නිරෝධායන මධ්‍යස්ථාන වලින් පමණක් බවත් ඒ හැරෙන්නට කදවුර තුළින් අලුත් රෝගීන් හමුවීම් සිදුවන්නේ නැති බවද ඔහු පැවසීය.

එසේ වුව ද නාවික හමුදා කොරෝනා පොකුර ගැන අවධානය අඩු කර නැති බවත් පැවසූ ඔහු වෛරසය ව්‍යාප්තිය මට්ටමින් පාලනය කර ගැනීමට හැකි වූයේ සෞඛ්‍ය නාවික හමුදාව ගෙන ගිය සුවිශේෂී වැඩපිළිවෙළ නිසා යැයි ද කියා සිටියේය.

කොරෝනා ආසාදිතවූ නාවුක හමුදා භටයන්ගෙන් 80%ක් (679) පමණ මේ වන විට පූර්ණ ලෙස සුව වී සිටින අතර කිසිවෙකු අසාධ්‍ය තත්වයටද පත් නොවීය.

නාවුක හමුදා භටයන් කිසිවෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුළු නොකරන ලද අතර කිසිවෙකු කොරෝනාවෙන් මරණයටද පත් නොවීය.

292 views
Main News