නාවික විරුවන් කොරෝනාවට පෙරලා පහර දෙති.. මෙරට කොරෝනා වක‍්‍රය කණපිට හරවන්න සූදානම්.. විශාල පිරිසක් සුවපත් වී ගෙදර යන්න සූදානම්..

May 7, 2020 at 10:22 pm | lanka C news
නාවික විරුවන් කොරෝනාවට පෙරලා පහර දෙති.. මෙරට කොරෝනා වක‍්‍රය කණපිට හරවන්න සූදානම්.. විශාල පිරිසක් සුවපත් වී ගෙදර යන්න සූදානම්..

කොරෝනා ආසාදිත වූ නාවික හමුදා සෙබළුන් සියළු දෙනා ඉදිරි දින කිහිපයේදී සුවපත් වනු ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඉසුරු සූරියබණ්ඩාර මහතා සඳහන් කළේය.

ඔවුන් වැඩි පිරිසක් මේ වන විටත් සාමාන්‍ය ලෙස සිටින බවත් වෛරසය සම්පූර්ණයෙන්ව ඉවත් වූ පසු රෝහලෙන් බැහැරව ගොස් තවත් දින 14ක් නිරෝධායනයේ යෙනු ඇති බවත් ඔහු පැවසීය.

මේ වන විට නාවික හමුදාවේ ආසාධිතයන් දාහතර දෙනෙකු පූර්ණ වශයෙන් සුවපත් වී රෝහල් වලින් බැහැරව ගොස් ඇත.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සඳහන් කරන්නේ නාවික හාමුදාවේ ආසාදිත සෙබළුන් කිසිවකුත් අසාධ්‍ය තත්ත්වයක නොමැති බවයි.

ඔවුන් අති බහුතරයක් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන බවද ඔවුන් සාමාන්‍ය ලෙස කල් ගත කරන බවද ඇය සඳහන් කළාය.

නාවික හමුදාවේ සෙබළුන් මේ වන විට 367 කොරෝනා ආසාදිතයන් වී සිටින අතර එම ප‍්‍රමාණය කොරෝනා ආසාධිතයන්ගෙන් 45% ක් පමණ ප්‍රමාණයක් වෙයි.

දැනට රෝහල්ගතව සිටින පිරිස 556ක් වන අතර නාවික සෙබළුන් 354 දෙනෙකු අයත් වන්නේ එම පිරිසටයි.

ඒ අනුව මෙම සෙබළුන් සුවපත් වීමත් සමගින් මෙරට තුල කොරෝනා වක‍්‍රය සම්පූර්ණ වශයෙන් වෙනස් වීමකට ලක් වීමට නියමිතය.

215 views

33 Comments to “නාවික විරුවන් කොරෝනාවට පෙරලා පහර දෙති.. මෙරට කොරෝනා වක‍්‍රය කණපිට හරවන්න සූදානම්.. විශාල පිරිසක් සුවපත් වී ගෙදර යන්න සූදානම්..”

  1. Nishantha says:

    Correction, not 34%, it’s 44% according to records, that means nearly half of all infected in Sri Lanka. Point is to be considered.

  2. Dayan says:

    ඔවුන් ඉක්මනට සුව වීමට හේතුව ඔවුන්ට බටහිර වෙදකම් නොකර හෙළ වෙදකම් කිරීමය්

  3. Aurora says:

    Aurora says: May 1, 2020 at 8:00 pm, උපුටාගැනීම.
    “10 වෙනිදා වෙනවිට සුවපත්වූ කොරෝනා රෝගීන් ප්‍රතිශතය 40% නියත වශයෙන්ම ඉක්මවා යනවා.බොහෝ දුරට 50% වුවද විය හැකිය. එවිට බොහෝ ප්‍රවේසම් විය යුතුය. මෙම දියුණුව කඩාකප්පල් කිරීමට යම් යටිකුට්ටු බලවේග ක්‍රියාත්මක විය හැකිය. මොකද චන්ද භීතිකාව අන් සියල්ලටම වඩා ලොකුයි, බරපතලයි.”
    මේ තත්වය සතියකට පෙර අපි දැක්කා, නාවික විරුවන්ට දේශීය ප්‍රතිකාර ලබදෙනකොට ඒ විශ්වාසය දෙගුණ තෙගුණ වුණා. අපේ ශ්‍රී ලංකාවට ජයවේව!

  4. සරා says:

    එතකොට මේරටේ මහපාරවල් ගානේ මළමිනි ගොඩ ගැහෙනකම් බලන් හිටිය උදවියට මොකද වෙන්නේ?

    • සුනිල් says:

      බලපං උඹ වගේ මෝඩ මූසලයෙක්. කාලකන්නියා.

  5. ශාන්ත says:

    හෙල වෙදකම,අධ්‍යාත්මයේ ශක්තිය

Main News