නාවික සෙබලෙකුගේ පවුලේ සමාජිකයන්ටද කොරෝනා.. ගම්මානයක් වසා දමයි..

May 4, 2020 at 6:26 am | lanka C news
නාවික සෙබලෙකුගේ පවුලේ සමාජිකයන්ටද කොරෝනා.. ගම්මානයක් වසා දමයි..

නාවලපිටිය පොලිස් වසමට අයත් ගොන්දෙන්නා සහ දෙකිද අලුත්ගම ප්‍රදේශයේ පදිංචි නාවික හමුදා සෙබළුන් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛසරය අසාධනය විමත් සමග එම ගම්මාන දෙකම දින 14 කට හුදකලා කිරිමට නාවලපිටිය පොලිසිය සහ නාවලපිටිය සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කටයුතු කර තිබුණි.

නාවලපිටිය ගොන්දෙන්නාව ප්‍රදේශයේ පදිංචි කොවිඩ් 19 වෛසරය අසාධනය වු නාවික හමුදා සෙබලෙකුගේ බිරිද දරුවන් දෙදෙනා සහ පවුලේ සමාජිකයන් මිහින්තලේ නිරෝධාන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබියදි සිදු කල පි.සි.ආර් පරික්ෂණයේදි එම නාවික හමුදා සෙබලාගේ බිරිද සහ දරුවන් දෙදෙනාට කොවිඩ් 19 වෛසරය අසාධයනය වි ඇති බවට තහවුරු වි ඇති බව නාවලපිටිය සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ පරිපාලන මහජන සෞඛ්‍යය පරික්ෂක ලලිත් කෙලමුන්න මහතා පැවසිය.

එම ගම්මාන දෙකේ පවුල් 26 කට අයත් සමාජිකයන් 108 දෙනෙකුට එම ගම්මාන වෙතම ගොස්  නාවලපිටිය පොලිසිය , ප්‍රදේශයේ ව්‍යාපාර අනුග්‍රහයෙකුගේ මුල්‍යය පරිත්‍යාගයෙන් එලවළු පාර්සල් බෙදා දිමේ වැඩසටහනක් (03) දින සිදු කලහ.

– හැටන් රංජිත් රාජපක්ෂ

148 views

2 Comments to “නාවික සෙබලෙකුගේ පවුලේ සමාජිකයන්ටද කොරෝනා.. ගම්මානයක් වසා දමයි..”

  1. හැළිගේ ධූම කේතුව says:

    අයි මේ ආකාරයෙන් වගකීම් විරහිතව හැසිරෙන්නේ.මෙහෙම ගියොත් කොහොමද අපි ඔක්කොම එකතුවෙලා මේ කොරෝනා වෛරසය පාලනය කරන්නේ. මේක පිටිපස්සේ කවුරු හරි කඩා කප්පල් කාරයින් ඉන්නවද කියලා සොයන්න කියලා මම රජයෙන් ඉල්ලනවා. අපි හදා ගමු අපේ හිත් හැසිරෙන්න මීට වඩා වගකීමක් ඇතුව. මම අද උදෙත් මුදලට එහෙම හැසිරුණා නම් බැරි ඇයි යාලුවනේ ඔයාලට. පොඩ්ඩක් හිතන්න.

    • Alapaluwa says:

      මූට දේශපාලන පිස්සු. මේක භයානක අසනීපයක් බූරුවෝ.

Main News