නාවික හමුදාපතිගේ හම්බන්තොට මෙහෙයුම නිසා UN ඉදිරියේ ශ‍්‍රී ලංකා හමුදාව අවදානමේ..

December 13, 2016 at 8:40 am | lanka C news
නාවික හමුදාපතිගේ හම්බන්තොට මෙහෙයුම නිසා UN ඉදිරියේ ශ‍්‍රී ලංකා හමුදාව අවදානමේ..

පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පිවිතුරු හෙල උරුමය මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.

අද රටේ හැමෝම කතාවෙන පසුගිය දා සිදුවුණ නාවික හමුදාපතිවරයාගේ මැදිහත් වීමෙන් මාධ්‍යවේදින්ටත් වැඩවර්ජකයන්ටත් පහරදීම සම්බන්දව අපි දකින්නේ ඉතාමත් වෙනස් විදිහකට. නාවික හමුදාපතිවරයාගේ හැසිරීම තවත් එක් හුදකලා සිදුවීමක් නෙවෙයි. නාවික හමුදාපතිවරයා විතරක් තනියම වගකිව යුතු නෑ. මරදානේ චෝප්පේ වගේ හමුදාපතිවරයාට හැසිරෙන්න අවශ්‍ය පරිසරය නිර්මාණය කළේ රටේ අගමැතිතුමා ඇතුළු ආණ්ඩුව. මාධවේදීන්ගේ නම් කියමින් අගමැතිතුමා පාර්ලිමේන්තුවේ දී අපහාස කරනවා අපි දැක්කා. මාධ්‍යවේදීන්ට රිරියාකා, මහසොහොනා, සට්ටැබිරාල වගේ කියන්න පුළුවන් අපහාසාත්මක නම් සේම කියලා මේ මාධ්‍ය කියන්නේ නරක, පහර දිය යුතු හෙලා දැකිය යුතු සමාජයට විෂබිජයක් බවට අවශ්‍ය මතය මානසිකත්වය නාවික හමුදාවෙත් සමාජයෙත් ගොඩනගන්න අගමැතිතුමා ඇතුළු ආණ්ඩුවේ නායකයින් කටයුතු කරා. මාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා එකවරක් ඒකාබද්ධ විපක්ෂය කියන නම පාවිච්චි කොලොත් බලාගෙනයි කියලා ලියුම් දානවා. CSN නාලිකාවේ බලපත්‍රය අහෝසි කරනවා. හිරු සහ දෙරණ නාලිකා වල බලපත්‍රය අහෝසි නොකිරීමට නිදහසට කරුණු අහනවා. මේ මාධ්‍ය කියන්නේ මහ කරදරකාරයෝ ටිකක් රට ඉදිරියට යන එකකට බාධා කරන පිරිසත් මුන්ට දෙකක් නෙලන්න ඕනේ කියන මානසික මට්ටම අවුරුදු දෙකක කාලයක සිටන් ක්‍රමානුකුලව ගොඩනැගුවා. අපි දන්නවා බෝට්ටුවක අනුනව දෙනෙක් නැගලා ඉදලා බෝට්ටුව දැන් තියෙන්නේ වතුර මට්ටමට ගෑවෙන්න සියවෙනියා නැග්ග ගමන් බෝට්ටුව ගිලෙනවා දැන් හැමෝම බනින්නේ අර සියවෙනියට. අර අනුනවයම නැතුව සියවෙනියා නැග්ගම බෝට්ටුව ගිලෙනවද නෑ ඒවගේ තමයි අද නාවික හමුදාපතිවරයාට ඇගිල්ල දිගු වුණාට මේක මාධ්‍ය මර්ධනය සදහා අවුරුදු දෙකක් තිස්සේ ආණ්ඩුව ගෙන යන තවත් එක් දිගුවක් විදිහටයි අපි දකින්නේ. නාවික හමුදාපතිවරයා මේකට වගකිව යුතු වගේ, ඔහු ඉල්ලා අස්විය යුතු වගේම, අගමැතිතුමා ඇතුළු ආණ්ඩුවේ ප්‍රධානින් මේ මාධ්‍යෙව්දින්ටත් වැඩවර්ජකයන්ටත් පහර දීමේ වගකීම බාරගත යුතුයි කියන එක තමයි පිවිතුරු හෙළ උරුමයේ ස්තාවරය.

මා මිත්‍ර රුවන් විජේවර්ධන මහතා මේක ආරක්ෂා කරන්න කියලා තිබුණා මේක මුහුදේ සිද්ධ වුණ දෙයක් නැවක් වෙත කෙනෙක් බලහත්කාරයෙන් අත්පත් කර ගත්තාම නාවික හමුදාව තමයි කැදවන්නේ. සම්පුර්ණ ඇත්ත හැබැයි මේ ප්‍රශ්න සහිත කාරණය සිද්ධ වුණේ නැවේ නෙවෙයි ගොඩබිම. නාවික හමුදාපතිවරයා පහර දෙන්නේ ඔවුන්ව ඇදගෙන යන්නේ මේක සිද්ධ වෙන්නේ නැවේ දී නෙවෙයි. නැව නිදහස් කර ගැනීමේ ක්‍රියාවලියේ දී නෙවෙයි. අපි අහන්නේ ලෝක ඉතිහාසයේම නාවික හමුදාපතිවරයෙක් නිල වශයෙන් රාජකාරියේ යෙදිලා ඉන්න කොට කොට කලිසමයි ටී ෂර්ට් එකයි ඇදගෙන රාජකාරි කරපු එකම එක වතාවක් පෙන්වන්න කියලා අපි ආණ්ඩුවට අභියෝග කරනවා. කොටිත් එක්ක යුද්ධ කරන සමයේ නම් හමුදාව වෙස්වලාගෙන යනවා නිල ඇදුමෙන් ගියාම පහර දීමට ලක්වෙන නිසා නමුත් සමාන්‍ය ජනතාව අතරට යන විට නාවික නෙවෙයි ඔනේම හමුදාවක් නිල ඇදුමෙන් සිටිය යුතුයි. නැත්නම් ජනතාව දන්නේ කොහෙමද නාවික හමුදාවේ ද නැත්නම් මැර හමුදාවේ ද කියලා. පෙනුම වචන හැසිරීම යන තුනම එකට ගත්තාම මම සතුටු වෙනවා නාවික හමුදාපතිවරයා ගුටිනොකා බේරීම පිළිබදව. ජනතාව වටවෙලා පහර දෙන්නත් තිබුණා කොහේදෝ යන රස්තියාදුකාරයෙක් කියලා. මේ ක්‍රියාව නිසා අද නාවික හමුදාවේ කිර්තීනාමය අද පළදුවෙලා තියෙනවා. අපේ රණවිරුවා කියන්නේ මහා මැර අහිංසක ජනතාව මරණ කියන ඒක්සත් ජාතින්ගේ මානව හිමිකම් මණ්ඩලය හරහා ලෝකය පුරා ස්තාපිත කරන්න දෙමළ බෙදුම්වාදීන් උත්සහ කරන මෙහොතක තමයි නාවික හමුදාපතිවරයා මෙසේ හැසිරුනේ. රණවිරුවන් අප කිර්තියට පත් කිරිම සදහා අපේ නාවික හමුදාපතිවරයා දැන හෝ නොදැන කොටස්කරුවෙක් බවට පත්වෙලා තියෙනවා. නාවික හමුදාපතිවරයාගේ මේ ක්‍රියාව නිසා අපි දැක්කා වැඩ වර්ජනයේ යෙදි සිටිය වරායේ සේවකයන් අඩ අඩ කියා සිටියේ අපේ ඉඩම් නැති වුණා දැන් රස්සාව නැතිවෙන්න හදන්නේ එකයි අපි පාරට බැස්සේ ඇයි තුවක්කු අරන් අපිට ගහන්න එන්නේ ඔබ උතුරේ යුද්ධ කරද්දි ලේ දුන්නේ අපි. බොධි පුජා කරේ අපි එහෙම කරපු අපට ද මේ ගහන්නේ කියලා ප්‍රශ්න කරන අපි දැක්කා. මේ කරන්න හදන්නේ අතුරුදහන් වුවන්ගේ කාර්යාල හරහා යුධ අපරාධ ක්‍රියාවලිය හරහා රණවිරුවන් දංගෙඩියට ගෙන යද්දි පාරට බහින්න ඉන්න ජනතාව සහ රණවිරුවන් අතර ආරවුලක් ඇති කරලා දුරස් කරන්නයි මේ සුදානම් වෙන්නේ. ආණ්ඩුවේ පැත්ත අරන් අපිට ගහන්න ආපු කෙනා විදිහට රණවිරුවන් පේනවා නම් අපි සමස්ත හමුදාවටම කියනවා ඔබේ වගකීම ආණ්ඩුව රැකීම නෙවෙයි රට සහ ජනතාව රැකීමයි. ඔබ ආණ්ඩුව රකින්න ගියොත් ජනතාව ඔබව නොසලකා හරින්න පුළුවන්. රණවිරුවා රැක ගන්න පාරට බහින්න ඉන්න ජනතාවගේ හැගීම් මරා දැමිම තමයි ඊළග අරමුණ.

අපි කිව්වා මේ ආණ්ඩුවට විරුද්ධව දැවැන්ත ජනතා රැල්ලක් තියෙනවා කියලා දැන් ජනාධිපතිතුමත් කියනවා. ඒවගේම අපි දැක්කා ගරු පා ච රණවක ඇමතිතුමත් කිව්වා ජනමත විචාරණයක් තිබ්බොත් පාරාදයි කියනවා. එම නිසා ආණ්ඩුවට සිද්ධ වෙනවා ඉදිරි වසර තුන ජනතාව ප්‍රතිමුර්ත වන ආණ්ඩුවක් පත් කර ගන්න පාර්ලිමේන්තුව විසුරුවා හැරලා ඡන්දයකට යන්න ඔනේ. එහෙම නැත්නම් එක විකල්පයක් තියෙනවා හමුදාව සහ පොලිසිය යොදා ගෙන ජනතාවගේ හඬ යටපත් කරගෙන ඉදිරි වසර තුන මේ රට පාලනය කිරීමට. හම්බන්තොට දී නාවික හමුදාව යොදා ගනිමින් පෙන්නුවේ මේ ආණ්ඩුව 1987 දී ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමා කටයුතු කල ආකාරයට හමුදා බලයෙන් පොලිස් බලයෙන් මැර බලයෙන් ජනතාව යටපත් කරගෙන ආණ්ඩුව පවත්වාගෙන යාමට සුදානම් කියන පණිවිඩයයි ලැබුණේ. ජනමත විචාරණයේ දීත් 1982 කල ආකාරයටම ලාම්පු කළ ගෙඩි සෙල්ලමක් හරහා මේ ව්‍යවස්ථාව බලහත්කාරයෙන් සම්මත කර ගන්න ඉඩ තියෙනවා. ජේ ආර් ජනාධිපතිවරයා දැක්කා ජනමත විචාරනය පරදිනවා කියලා ඒක නිසා මැර බලයෙන් දුෂිත ආකාරයට ජනමත විචාරනය ජයග්‍රහනය කර ගත්තේ. මැතිවරණ කොමසාරිස්වරයා ලිඛිත වාර්තාවක් ඉදිරිපත් කරලා කිව්වා එතෙක් ලංකාවේ පැවැති දුෂිතම මැතිවරණය මෙයයි කියලා. මේ සිද්ධිය පිටුපස ලංකාව අදුරෙන් අදුරට යන අදුරු සෙවනැලි තියෙනවා කියන අනතුරු ඇගවීම තමයි අපේ විග්‍රහය.

– අරවින්ද අතුකෝරල

19 views

9 Comments to “නාවික හමුදාපතිගේ හම්බන්තොට මෙහෙයුම නිසා UN ඉදිරියේ ශ‍්‍රී ලංකා හමුදාව අවදානමේ..”

  1. apsara says:

    කථාව උදය ගම්මන්පිලගේය. තිර පිටපත මනෝහාර ද සිල්වාගේය. නිෂ්පාදනය සුමන්තිරන්ගේය.

    • Kolitha says:

      Gon comment damanna….bath kana harak thawama innawa neda…?

      • apsara says:

        2015 ජනාධිපතිවරණයට පෙර ජාතික හෙළ උරැමයේ පක්ෂ නායකයින් අතර සාකච්ඡාවන් විය. පච රණවක සහ අතුරලියේ රතන මෛත්‍රිටත් ගම්මන්පිල මහින්දටත් සහාය දී පසුව පවත්වන මැතිවරණයෙන් 3දෙනාම දෙපැත්තෙන් පාර්ලිමේන්තු යැම ඒ සැළැස්මයි. මෙය සැක නොහිතෙන විදිහට කිරීමට සිරගත වීමේ කොන්ත්‍රාත්තුව ගම්මන්පිළ බාරගත් අතර ඔහුගේ පවුල පිටරට යැවීමට පච රණවක බාරගත්තේය. ඕමල්පේ සෝභිත නිහඩ වීමත් අවශ්‍යතාවය අනුව අවදිවීමත් රට බෙදන ව්‍යවස්ථාව සම්මත කිරීමට සහාය දී රට ගිනිගන්නා විට බොරදියේ මාළු බෑම අවසන් ජවනිකාවයි.

        • singha01 says:

          හිටගෙනද ?! You are a sneaky fella !

        • kate says:

          Moda Gonsara, Kata wahagena Hitapan.

        • gamarala says:

          Ayi patan gaththada boru kiyala minissunwa rawattanna 2015 wage.

          • ගිරවා says:

            යහපාලනේ තරු ගන්න ගිහින් ඔහුගේ තිබුණු තරුත් හැලේ ……දේශපාලුවන්ට කඩේ යන නිලධාරින් මෙන්ම හමුදාපතිවරු ඔවුන්ගේ උගුල් වලට හසුවීමට පෙර ප්‍රස්නයක් පැමිණි විට දෙවරක් සිතා බලන්න …..ජන්දෙන් පත් වී ආවත් පාලකයන් කරන්නේ රට ජාතිය අවැඩක් නම් ඔවුන්ට විරුද්ධව ජනතාව ආරක්ශාකිරිම අපේ ආරක්ෂක හමුදාවල කාර්යයි … සිරිසේන -රනිල් රෙජීමය අපේ ආරක්ෂක හමුදා අපකීර්තියට පත් කල… පත් කරන රෙජිමයක්
            මෙවැනි දේවල් සිදුවන විට එයින් සතුටුවන්නේ උතුරේ දෙමල කොටි ත්‍රස්තවාදීන්ය ….
            මොකද්ද ඒ කතාවේ තේරුම …සිරිසේන අපේ හමුදා ජිනීවාහිදී පාවා දීම ද ?UN එකද අපේ හමුදා පාලනය කරන්නේ ?

        • Disce aut descede says:

          අප්සරා ගැහැනු ගති ඇති පිරිමියෙක් වෙන්න ඕන​.
          දිය රෙදි කතා ලියන්නෙ ඒ වගේ දෙකටම නැති නිකම්මු.

          යම පාලනේට තාමත් දෙකට නැවෙන බූරුවන් ට නම් හොඳයි ඔය කතා.

          • apsara says:

            පාඨලී චම්පික රණවක මහතා සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වී ජාතික හෙල උරුමය ආණ්ඩුවෙන් ඉවත් විය යුතු යයි වන යෝජනාවක් එම පක්‍ෂයේ ඉහලම මණ්ඩලයකදී සාකච්චා වී තිබේ. ඔය එළිවෙන්නේ…..

Main News