නාවික හමුදාවේ කොරෝනා ඉහල යන්නේ වෛරසයේ සංකූලතාවක්දැයි සෞඛ්‍ය අංශ සැක කරයි..

May 24, 2020 at 5:30 pm | lanka C news
නාවික හමුදාවේ කොරෝනා ඉහල යන්නේ වෛරසයේ සංකූලතාවක්දැයි සෞඛ්‍ය අංශ සැක කරයි..

වැලිසර නාවික හමුදා කදවුර මූලික කරගෙන නාවික හමුදා භටයන් අතරේ කොරෝනා වයිරසය පැතිරීම ඉහළ යාමක් දක්නට ලැබෙන්නේ කුමන හේතුවක් නිසාදැයි සෞඛ්‍ය අංශවලට දැඩි අවධානය යොමු වී ඇත.

එය නිරෝධායන කටයුත්තේ යම් ගැටලුවක් ද නැතහොත් වෛරසයේ යම් සංකූලතාවක්ද වලට යන්න ගැන සාකච්ඡා කරමින් පවතී.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සඳහන් කරන්නේ දින 21 ක කාලයක් නිරෝධායනය වීමෙන් පසුවත් මේ ආකාරයට වෛරසය පැතිරයාම බරපතල ගැටළුවක් බවයි.

මේ තත්ත්වය සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා අංශය හා කොරෝනා මර්ධන පිළිබඳ කාර්ය සාධක බලකායට දැනටමත් දැනුම් දී ඇති බවද ඔහු සඳහන් කළේය

287 views

12 Comments to “නාවික හමුදාවේ කොරෝනා ඉහල යන්නේ වෛරසයේ සංකූලතාවක්දැයි සෞඛ්‍ය අංශ සැක කරයි..”

  1. MD says:

    Wenasakata Navika batayan wenath stanayaka PCR Pareekshanayaka yawana.Pahugiya Dawasaka hediyakata ehema wenasak wuna nisa tamai Ahinsaka yojanawak genawe.Wirodara Anil jasinghe Matituma athulu siyalu saukya ansayata Desaye Awanka Pranamaya pudakarami!

  2. Heman says:

    Kadakappal wadak thiyenawada dann na.beaware.

  3. හදවතින්ම says:

    අපි මෙහේ ඡන්දෙ තියන්න හදනවා ඔයා එනවා සංකූලතා ගැන දොඩවන්න. දොඩන්න වෙන මොකුත් ඇත්තෙම නැතෙයි. ඔය ඇමරිකාවේත් වෛරස් මියුටේශන් හින්දා ලස්සයක් විතර මැරිලත් ට්‍රම්ප් ලොක්කා අපූරුවට ඉන්නේ. ඉතින් අපේ ස ට බැරිද ඡන්දෙ කරන්න. අපි ඉන්නවනේ නැට්ට කෙලින් කරන් උදෙන්ම ඇවිත් කතිරෙ ගහන්න.

  4. Aurora says:

    කණ්ඩායම් විශාල වැඩියි, නිරෝධායනයට යවන්න ඕන වර්ගීකරණය කරලා. දුම් බොන / දුම් නොබොන / මත් ද්‍රව්‍ය පාවිච්චිකරන/ විවාහක/ ඔය ආදී සියලුම ආකාරවලට වෙන්කරලා 25 කට නොවැඩි කණ්ඩායම් විධියට මිසක් අංක ක්‍රමයට නොවේ. එහෙම කරන්න වුනත් දැන් ප්‍රමාදයි. මුලින්ම කරන්න තිබුනේ.

    • Hydroxiක්ලෝරෝque says:

      අනේ මන්දා බං උඹලාද මෙතන රජයට උපදෙස් දෙන්නේ..😬😬 අර මක්කටෙයි “විවාහක” කියලා වෙන් කරන්නේ. ඇයි බැඳපු උන් තනිකඩ උන්ට රෑට අහවල් එක කොරයි කියලද ? කොහෙන්ද කියහංකෝ මේවාට හිනා වෙන්නේ. 😂😂

  5. samm says:

    can you check toilet waste management system inside the base please.

  6. RAW Agent says:

    ආරක්ෂක හමුදා අපහසුවට පත් කරන්න
    කිසිවෙකු හිතාමතා කරනවාද?
    නාවික හමුදාවේ කුඩු මෙහෙයුම් නිසා අපහසුවට පත් වුන
    මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සම්බන්ධයක් තිබෙන්න බැරිද?

    ලෝකේ වෙන තැනක මතු නොවූ
    ලංකාවේත් පාලනය කිරීමට අපහසුයැයි සිතිය හැකි
    කොළඹ අඩු ආදායම් ලාභීන්ගේ පොකුරු තුළ පවා
    දක්නට නොවූ අමුතු සංකූලතාවක් දෙස
    ජීව විද්‍යාත්මකව පමණක් නොව අපරාධ විද්‍යාත්මක ඇසින් ද
    බලන්න.
    තවත් වැඩේ නරක අතට යනවා නම්
    දේශපාලන විද්‍යාත්මක ඇසින් ද බලන්න.

  7. Chinthana says:

    Those Navy staff mostly working in the coastal area or in a ship. The oxygen component in the ocean and land is different. This is a biological issue. So these patient need clear oxygen. Air condition rooms are may be better for them.

Main News