නාවික හමුදාව හම්බන්තොට වරායේ කලේ සංවේදී කටයුත්තක්.. මාධ්‍යවේදීන් එය පටිගත කිරීම වරදක්.. – ආරක්ෂක ලේකම්
December 12, 2016 at 3:50 pm | lanka C news
හම්බන්තොට වරායේ සේවක විරෝධය අතරතුර එහි තිබූ විදේශීය නෞකා දෙක බේරා ගැනීම සදහා නාවික හමුදාව විසින් කලේ සංවේදී කටයුත්තක් බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසයි.
මාද්‍යවේදීන් විසින් එය පටිගත කර අන්තර්ජාලයේ ප්‍රචාරය කිරීමෙන් රටට අපකීර්තියක් සිදුවන නිසා මාධ්‍යවේදීන්ට ඉවත් වන ලෙස දැන්වුවත් ඔවුන් ඉවත් නොවීම නිසා එවැනි උණුසුම් තත්වයක් ඇති වූ බවද ඔහු කියා සිටී.
නාවික හමුදාපතිවරයා විසින් මාධ්‍යවේදියෙකුට පහර දීම සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඔහු මේ අදහස් පල කලේය.
ප්රහාකරන්ගේ බිහිසුණුම කොටි සාමාජිකයන් හමුදා අත් අඩංගුවට පත් උනාම ඔවුන් නිදහස් කරගන්න එදා ප්‍රභාකරන්නට බැරි වුනා. අද සිරසේන මහත්තයගෙ වික්‍රමසිංහ මහත්තයගෙ අනුහසින් අද මේ රජය එයත් ඉටුකර දෙමින් ඉන්නවා.
කොටි සංවිධානයේ හිටපු නායකයෙක් වෙච්ච කරුණා අම්මාන් කොටි සංවිධානය අත්හැරල ඇවිත් රජයේ හමුදා හා එක් වෙලා කොටි පරදන සටනට දායක වුණා. ඒ නිසා ඔහුව ඝාතනය කරන්න කොටි සංවිධානය බොහෝ උත්සහ කළා. නමුත් ඔවුන් අසාර්ථක වුණා. නමුත් මේ රජය වාහන අවභාවිතාව කියන චෝදාන එල්ල කරමින් ඔහුව අත් අඩංගුවට අරගෙන කොටි හිතවාදීන්ව සතුටු කර තිබෙනවා. එදා ප්රභාකරන්ට බැරිවෙච්ච දේ අද බොහොම ලේසියෙන් සිරිසේන වික්‍රමසිංහ හවුල ඉටුකර දී තිබෙනවා.
Mind that Karuna is still a VP of Sirisena’s SLFP. further using a bullet proof vehicle in North or East by Karuna cannot be a misuse but it is essential for his safety. Govt shall not play with lives.
“නාවික හමුදාව කලේ සංවේදී කටයුත්තක්”
ඒක නම් ඇත්ත,කණ වටේ තියෙන්නෙත් බොහොම සංවේදී ශෛල පද්ධතියක්.ඒව හිමිහිට පිරිමදින කොට දැනෙන සංවේදිතාවෙ වචනෙන් විග්රහ කොරන්න බැහැ ආයිබොවං.
නාවික හමුදාපති මාධ්‍ය කරුවන්ට අමු තිත්ත කුණු හබ්බෙන් කථා කිරීම හොඳද මහත්තයෝ ?? විනය ගරුක නාවික හමුදාවක් ලෙස ලොව පුරා පැසසුම් ලත් මේ නාවික හමුදාවේ හමුදාපති විනය ගරුක විය යුතු නැද්ද ?
ඇයි උඹලට ලැජ්ජද හෙළුව දැකගන්න ලැබුණට.තොපේ මහා එකානේද කිවුවේ ම්හද්ද්යායට පුළුවන් තරම් නිදහස දීලා තිබෙනබව.දැන් තොපිලා කථා කරන්නේ කටින්ද නැතිනම් වෙනත් තැනකින්ද?
“මාද්‍යවේදීන් විසින් එය පටිගත කර අන්තර්ජාලයේ ප්‍රචාරය කිරීමෙන් රටට අපකීර්තියක් සිදුවන නිසා …..”
ඒ කියන්නේ මොවුන් නේවි එක ලවා දැන දැන කරවන්න ගියේ රටට අපකීර්තියක් එන ජාතියේ කැත වැඩක් !
නාවුක හමුදාපතිට සහ නාවුක හමුදාවට අපහාස වෙන මේ video අන්තර්ජාලයෙන් ඉවත් කරන්න ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගත යුතුයි.
විමල් පාර්ලිමේන්තුවේදී කිව්වා වරාය සේවකයෝ මේ නෞකා දෙක බලහත්කාරයෙන් තියා ගත්තේ නැහැ, නැව් වලට සංඥා නිකුත් කරන අංශයේ සේවකයෝත් වැඩ වර්ජනයේ යෙදිලා හිටපු නිසා, සංඥා නැතුව මේ නැව් වලට යන්න බැරුව හිර වෙලා තිබුනා කියලා.
නාවුක හමුදාව මැදිහත් වුනේ අවශ්‍ය සංඥා දීල මේ නැව් පිටත් කරන්න කියලා මම හිතනවා. මාධ්‍යවේදීන්ට එතනින් ඉවත් වෙන්න කියලා නාවුක හමුදාව කිව්වා නම්, ඒ කීමට ගරු කරලා මාධ්‍යවේදීන් එතනින් ඉවත් වෙලා ඒ වැඩේ කරන්න ඉඩ දෙන්න තිබුනා. නාවුක හමුදාව කලේ රාජකාරියක්. නාවුක හමුදාව කියපු දේ ඇහැව්වේ නැති වුනහම ඒකෙ ප්‍රතිඵලයට වග කියන්න ඕනේ මාධ්යවෙදීන්ම මිසක් නාවුක හමුදාව නෙමෙයි.
හම්බන්තොට වරායේ සේවකයෝත් මේච්චර කල් උඩ බලාගෙන ඉඳලා, රනිල් වරාය චීනෙට විකුනුවට පස්සේ දැන් වර්ජනය කරනවා. ඕව කරන්න තිබුනේ වේලාසනම. තමන්ගේ රැකියාවල් ස්ථිර කරලා දෙන්න කියලා දැන් වර්ජනය කරලා හරියනවද, ඔක්කොම දුන්නට පස්සේ? ඕකට රනිල්ට විරෝධය පල කරන්න තිබුනේ මාසෙකට විතර ඉස්සෙල්ල.
ආණ්ඩුව එක්ක තියෙන විරෝධය නාවුක හමුදාව පිටින් යවපු එක වැරදියි. අන්තිමට news එකක් විදියට ප්‍රසිද්ධ වුනේ වඩා වැදගත් වරාය සේවක වර්ජනයවත්, ආණ්ඩුවේ මර්දනයවත් නෙමෙයි, නාවුක හමුදාවයි මාධ්‍යවේදියයි අතරේ වුනු කිසි වැදගැම්මකට නැති කාරණාවක්.
කෙහෙද චම්පෝ කේන්තියක් නාවික හමුදාව පිටින් ගියේ ?
නේවි එකේ සෙබල මහත්වරු ඉතා විනය ගරුකව, විනීතව, වැදගත් ලෙස මිනිසුන්ට කතා කර ඒ කාර්යයය මැනැවින් ඉටුකරමින් හිටියේ. උද්ගෝශකයන් කෙමෙන් ඉවත් වෙමින් හිටියේ.
ඒ අතරේ කොහෙද යන බඩෙක් කුලප්පු උන නාම්බෙක් වගේ කඩාගෙන ඒ මැද්දට ඇවිත් පොර වෙන්න ගියා.
මිනිස්සු කියනව ඒ නේවි කමාන්ඩර් ලු. ඇත්තද බොරුද දන්නෙ නෑ.
මේ වීඩියෝ එක බලන්න.
https://www.youtube.com/watch?v=IH4H-mrSa18
යකා හරියටම හරි. සෙබළු සාමකාමි විදියට වැඩේ කරමින් හිටියෙ. මේ ඔලුව ඉදිමුන එකෙක් පොර වෙන්න කුනුහරුප කියාගෙන මැද්දට පැනල මුලු රටම ගඳ ගැස්සුවා. මේවට සුදු හුනු ගාන්න චම්පා වගේ අයත් සෙට් වෙන එකනෙ පුදුමෙ.
අනෙක් කාරනය තමයි වීඩියො කරනවට විරුද්ධ වෙන්නෙ හංගන්න ඕනැ වැරදි කරන නිසානෙ. නැත්නම් වීඩීයො එක ඇඟේ හැප්පෙනවද රාජ කාරිය කරනකොට. ඔය සිද්ධිය ඔතනින් ගියා ඇති. බැරි වෙලාවත් ඔතන හිටපු සෙබලෙකුට හිතුන නම් තුවක්කුව මහ එකාගෙ පැත්තට හරවන්න, අද තියන තත්ත්වෙ බොහොම වෙනස්.
අම්මප ? බෙල්ලෙන් අල්ලලා ගුටි දෙන එක සංවේදී කටයුත්තක් තමයි.
Pol Booruwa
GONG THADIYA,