නාවික හමුදා පොකුරෙන් රටම අවදානමක.. රෝගීන් අටදහසක් එකවර වැඩිවනු ඇතැයි පුරෝකතන…

April 28, 2020 at 9:20 am | lanka C news
නාවික හමුදා පොකුරෙන් රටම අවදානමක.. රෝගීන් අටදහසක් එකවර වැඩිවනු ඇතැයි පුරෝකතන…

නිවාඩු ලබා ගම්බිම් බලා ගිය නාවික හමුදා සෙබළුන් අටසියයක් පමණ සිටින බවත් ඔවුන්ගෙන් එක් සාමාජිකයෙක් දළ වශයෙන් දසදෙනකු ඇසුරු කර ඇත්නම් ඉදිරියේදී රෝගීන් අටදහසක් පමණ වාර්තා විය හැකි බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ ‘අරුණ’ට පැවසීය.

රජයේ වෛද්‍ය නිලධාරි සංගමය

වැලිසර නාවික හමුදා කඳවුරෙන් ආසාදිතයන් වාර්තාවීමත් සමග රට නව හැරවුම් ලක්ෂ්‍යයකට පැමිණ ඇති බැවින් රටම පනවා ඇති ඇඳිරිනීතිය මේ ආකාරයෙන් තවත් සති දෙකක පමණ කාලයක් පැවතිය යුතු බවත් වෛද්‍ය හරිත අලුත්ගේ පෙන්වා දෙයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය හරිත අලුත්ගේ මෙසේද කීය.

‘‘අපි මෙතෙක් අවදානම අඩුයි කියලා තක්සේරු කළ ප්‍රදේශවලින් මේ වනවිට රෝගීන් වාර්තා වෙනවා. ආරක්ෂිතයි කියලා අපි හිතන් හිටපු ප්‍රදේශවල දැන් ආරක්ෂිත බව නැති වෙලා රෝගීන් වාර්තා වෙනවා.

ඒ වගේම නොච්චියාගම නාවික සෙබළෙක් ඉන්නවා ඔහු තමයි මුළු ගමටම පොහොර බෙදලා තියෙන්නෙ. එයාගේ තාත්තා ගොවි නියාමක කෙනෙක්. එතකොට එයා මිනිස්සු හාරසියයක් පමණ දෙනා සමග ගැටිලා තියෙනවා. ඒ වගේම හම්බන්තොට නාවික සෙබළෙක් පුද්ගල සම්බන්ධතා දෙසීයක් පමණ පවත්වල තියෙනවා. එතකොට මේ අය සේරම අපි හොයාගන්න ඕන. මේ අය හොයාගන්න අඩුම තරමේ සති දෙකක්වත් යනවා.

– aruna

389 views

61 Comments to “නාවික හමුදා පොකුරෙන් රටම අවදානමක.. රෝගීන් අටදහසක් එකවර වැඩිවනු ඇතැයි පුරෝකතන…”

  1. truth says:

    attamai mole nathi ayada navi eke inne suddu welle ayata expose una nisalu pathirune.ithn expose unanam ai niwadu yuwee.kudu gahana ununsuddu suddu welle unta mole nanee.but navi eka.hamduwata ganne mole nathi aya nawai ne ai wagakemen weda karana bari une.hithiwada dan na samannaya janathawat vitarai hadenne navi eke ayata haden na. kiyla ochara katiya asraya karala tynne.rajayath ma welewe hora gal ahulanawa chandeta nathnam ma wele thama adiri nithiya danna one.goatanya mahatyoo rata gana hithla oba thumata thama chande dunne.ma asse chande tyala api wage pawena chanda labai kiyla nam hithnaa epa.pisso kiyna dewak ahan nthiawa thawa sathi dekakwath adiri nithiya dik karanna

  2. Sl Army says:

    නාවික හමුදාව ප්‍රසිද්ධියේම කියනවා 112 ක් පමනයි නිවාඩු යවලා තියෙන්නේ කියලා මේ එම් ඕ ජී කුක්කෝ කොහොමද කියන්නේ 800 ක් නිවාඩු ගියා කියලා ….මුන්ට ඔනි රටේම ජනතාව බිය ගන්වා තබා රටේ ආර්ථිකය කබාසිනියා කරලා දාන්න….මුන්ගේ මාධ්‍ය හමු තහනම්.කල යුතුය

    • Kadiya says:

      නාවික සෙබළු ඉක්මනින් සුවකරන්න දේශීය වෙදකම යොදාගන්න. බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමාරයට අයුර්වේදෙන් සුවවෙන එක හොඳනම් අපිට දහස් වාරයක් පුළුවන්. හෙලවෙදකමේ සහ අයුර්වේදේ වෙදවරු කියන්නේ දින 3 න් ඔවුන්ට සුවකළ හැකි බවයි. නමුත් බටහිර ඖෂධ කොම්පැනිවල මුදල් බලෙන් හෙලවෙදකමේ සහ අයුර්වේදේ යට ගහගෙන ඉන්නේ. මේ බාධාව මැඩගත්තොත් අපි ගොඩ ආණ්ඩුවත් ගොඩ. බලමු මේ මාෆියාව ක්‍රියාත්මක වෙන හැටි. මහා ධනස්කන්ධයක් යටින් ක්‍රියාත්මකයි.

    • Lakcha says:

      මුන්ට පිස්සු බන්

  3. 77 UNP says:

    1800 ගණන්වල සුද්දන්ගේ ක්‍රමේ පුම්බන්න ආයුර්වේදේ සහ හෙලවෙදකම නොසලකා හදපු වසංගත රෝග නිවාරණ කරන පනත තියනකම් කොරෝනා ප්‍රශ්නය විසඳන එක ලේසි නැහැ. මේ බටහිර වෛද්‍ය ක්‍රමේ වයිරස් රෝග වලට බෙහෙත් නැහැ, ප්‍රතිශක්තිය වැඩිකර ගන්න බලන් ඉන්නවා ඇර කරන්න දෙයකුත් නැහැ. නමුත් බෙහෙත් විකුණන කොම්පනිවලින් සල්ලි ගෙවලා දේශීය ක්‍රමවලට ගරහන්න දාපු කුලීකාරයෝ ඉඳල සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහලට යනකම් කුලීකාරයෝ ස්ථාපිත කරලා තියෙන්නේ.

  4. Oscar perera says:

    Lokka den etida? Tawa ooneda… obta suba anagathayak

  5. නිරා says:

    මෙත්න ඉන්න එවුන් කියන විදියට රාජපක්ශ ජුන්ටාවට කඩේ යන විදියට කතා කරානම් මේ වෛද්‍යවරයා තරම් හොද කෙනෙක් නැතිවෙයි.හැබැයි ඇත්ත කතා කරනවානම් මේ තරම් දේශද්‍රෝහියෙක් නැති තරම් මේ රටට.මිනිස්සු මේ තරම් ගෝත්‍රිකවාදී විදියට හිතන්නේ ඇයි.

    • සමනලයා says:

      මේකට දේශපාලන ගාව ගන්න එපා. මේයා කියන දේ පොඩ්ඩක් මොලෙන් කල්පනා කරන්න. 800 කින් 8000කට හැදෙනවා නම් මිලියනයක් කොරෝනා රෝගීන් ඉන්න ඇමරිකාවේ කොච්චර කොරෝනා රෝගීන් සිටිය යුතුද ලබන සතිය වන විට. මේ අය කරන්නේ බොරු බිල්ලෙක් පෙන්නලා පරණ පාර්ලිමේන්තුව ආයේ පත්කරන්න. මොකක මේ අය කොහොමත් මොන රජයක් තිබ්බත් ඒ රජයට විරුද්ධව තමයි වැඩ කරන්නේ. පිස්සු නැත්නම් හොදයි මේ අය කියන දේ අහන්න.. බොර දියේ මාලු බාන්න හදන්නේ මේ සෙට් එක.

    • Lakcha says:

      ඉතින් බන් මුන් කිවොත් කියන්නේ පට්ට බොරු නේ

  6. my3 says:

    me wage meheyum walata sahbagi una ayata niwadu dila rata pura disthrikka tharanaya karanna dipu eka loku durwala kamak.

  7. upsaka says:

    monatharam pirisak innawada kolaba hirawela thawama gamata yanna bariwa. ethakota me newi ekata rata pora yanna niwadu dunne,

  8. Love nature says:

    මේ අවස්ථාවේ නිවාඩු යැවීම ලොකු වරදක්? පනින්න පෙර සිතාබලනු

  9. amilla says:

    මේක මහ අරුම පුදුම රටක්.වක්‍රය අහස උසට නගින බව ඇස් දෙකට පෙනි පෙනී ඇදිරි නීතිය අයින් කලා.දවසට රෝගීන් 50කට වඩා දැන් වාර්තා වෙනවා.ඒත් කියනවා කොරෝනා පාලනය කලා කියලා.මුන්ට ඕන ඇත්ත පෙනිපෙනී
    ලෝකයට පේන්න රගපාන්න.ඇදිරි නීතිය තදින්ම අවශ්‍ය හොදම කාලය මේකයි.අංක ගණිතය දන්න ඕන මෝඩයෙක්ට තේරෙනවා.හරක් පාලකයොයි උංගේ පදේට නටන මෝඩ ජනතාවයි ඉන්න ලෝකයේ එකම රට ලංකාවයි.

  10. numbersgame says:

    Someone wants to show big numbers, but Sri Lanka will manage everything below 1000., In asia, Sri Lanka is among one of the lowest in terms of infected people.Neverthelesss, team know exactly where and how this spread unlike other countries.. so nothing to worry, just support the governemnt

Main News