නාවික හමුදා හිටපු මාධ්‍ය ප‍්‍රකාශක අත්අඩංගුවට ගත්තේ තරුණයින් පැහැරගෙන ගොස් කප්පම් ඉල්ලූ නිසයි…

July 17, 2017 at 4:40 pm | lanka C news
නාවික හමුදා හිටපු මාධ්‍ය ප‍්‍රකාශක අත්අඩංගුවට ගත්තේ තරුණයින් පැහැරගෙන ගොස් කප්පම් ඉල්ලූ නිසයි…

මනුෂ්‍ය ඝාතන, කප්පම් සහ සොරකම් කිරිම් වලට ඇතැම් රණවිරුවන්ට පසුගිය කාලයේ උපදෙස් ලබාදුන්නේ වැරදි දේශපාලන නායකත්වය නිසා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක දී වැඩිදුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙලෙස ප්‍රකාශ කළේය.

“රණවිරුවන් අත්අඩංගුවට ගන්නා බවට ඇතැම් දේශපාලනඥයින් රජයට චෝදනා කරනවා. මනුෂ්‍ය ඝාතන, පැහැරගැනීම්, සොරකම් කිරිම් සිදු කළ හමුදා සෙබළුන්ට ද නීතිය ක්‍රියාත්මක කිරීම වරදක් ද?, පසුගිය කාලයේ දී දවයින පුරා සිදු වූ කොල්ලකෑම් රැසකට සාමාන්‍ය හමුදා සෙබළුන් සම්බන්ධ බවට චෝදනා එල්ල වුනා. ඇතැම් හමුදා සෙබලුන් නීතිවිරෝධී මත් ද්‍රව්‍ය පවා ප්‍රවාහණය කරමින් සිටිය දී අත්අඩංගුවට ගැනුනා. එම පිරිස රණවිරුවන් නොවෙි ද?. උසස් නිලධාරීන් පමණක් අත්අඩංගුවට ගත් පසු රණවිරු ලේබලය අලවා රජයට චෝදනා කරනවා. සිංහල, දෙමළ, මුස්ලම් ජනතාව පැහැරගෙන ගොස් කප්පම් ඉල්ලීම එම නිලධාරියාට එල්ල වී ඇති චෝදනාවයි. කප්පම් දීමට බැරිවූ දෙමාපියන් අසරණ වුනා. එම නිසා ඇතැම් අය ඝාතනය කෙරුනා. රජයක් විසින් ෙමි පිළිබදව සොයා බැලිය යුතුයි. කප්පම් ඉල්ලූ බවට චෝදනා ලැබු රණවිරුවන්ට රණවිරුවන් යැයි ප්‍රකාශ කරන්නේ නම් නියම රණවිරුවන්ට පලන්දන පදක්කම මොකක් ද? රණවිරු නාමයෙන් දේශපාලනය කරන අය කවුද කියලා රටම දන්නවා. මිනීමරුවන්, කප්පම්කරුවන්ට, මනුෂ්‍ය ඝාතකයින්ට උදවු කරන අයත් එම පන්තියේම අයයි. මානසිකත්වය තිඛෙන්නේ එතනයි. වැරදි දේශපාලන නායකත්වය මගින් ලබාදුන් උපදෙස් අනුව තමයි මෙම ඝාතන සිදු වුනේ. එම දේශපාලන නායකත්වය අද නැහැ. කප්පම් වලට ලක් වූ, පැහැර ගැනීම්වලට ලක් වූ අයට නීතිය ඉදිරියේ සාධාරණත්වය ඉටු කළ යුතුයි. රණවිරු බෝඩි ලෑලි එල්ලා ජාතිවාදය ඇවිලීමට කාටවත් ඉඩ දෙන්නේ නැහැ.”

– ප‍්‍රසන්න අධිකාරී

151 views
Main News