නාවික හමුදා 10කට.. යුද හමුදා 03කට කොරෝනා.. ඊයේ දිනයේ 40යි..

April 26, 2020 at 10:00 am | lanka C news
නාවික හමුදා 10කට.. යුද හමුදා 03කට කොරෝනා.. ඊයේ දිනයේ 40යි..

ඊයේ දිනය තුළ දී ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිතයන් හතළිහක් වාර්තා වූ බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඒ අනුව සම්පූර්ණ ආසාදිතයන් සංඛ්‍යාව 460 දක්වා ඉහල ගොස් ඇති බවද ඔහු පැවසීය.

ඊයේ දිනයේ හමුවු රෝගීන්ගෙන් දස දෙනෙකු නාවික හමුදා වැලිසර කඳවුරේ නිලධාරීන් බවත් තවත් දෙදෙනෙකු එම සෙබළුන්ගේ ඥාතීන් බවත් ඔහු සදහන් කලේය.

නාවික හමුදා නිලධාරිනියක් විවාහ කර ගෙන සිටින යුද හමුදා නිලධාරීවරයෙකු ඇතුලු යුද හමුදාවේ තිදෙනෙක්ද වෛරසය ආසාදනය වී ඊයේ දිනයේ හදුනාගත් බවද හමුදාපතිවරයා පැවසීය.

බණ්ඩාරනායක මාවතෙන් නිරෝධයට යැවූ 10දෙනෙක් පුත්තලම ප්‍රදේශයේ නිරෝධායනය කල තුන්දෙනෙක් විදේශයේ සිට මෑතකදී මෙරටට පැමිණ සිව් දෙනෙක් ද මෙම පිරිස අතර සිටින බව ඔහු සඳහන් කළේය.

291 views

12 Comments to “නාවික හමුදා 10කට.. යුද හමුදා 03කට කොරෝනා.. ඊයේ දිනයේ 40යි..”

  1. උදාර says:

    😢😢😢😢😢
    ඉක්මනින් මේ වසංගතය දුරු වේවා…!
    රෝගී වන අය අසාධ්‍ය තත්ත්වයට පත් නොවේවා..!
    බුදු සරණයි…!

  2. SL says:

    සුදුවැල්ලේ කුඩු ඇබ්බැහි උවන් අල්ලන්ට මාර කට්ටක් කාපු කොල්ලෝ ටික පවු .
    කුඩු අල්ලපු එකේ රිටර්න් එකක් ද කියලත් හිතෙනවා..

    • Robinhood says:

      සෙබලුන්ට ආරකෂක මෙවලම් ලබානොදුන් බලධාරින් වගකියන්න ඕන.

    • War Games says:

      සුදුවැල්ලේ මත්ද්‍රව්‍යය ඇබ්බැහි වූවන් ටිකකට මෙහෙම හමුදා පිටින් අඩපන කරන්න පුළුවන්ද ? මෙතන ඊට එහා දෙයක් තියෙනවා මොකක් හරි.මේ කොවිඩ් 19 Biological Weapon එකක් බවට ප්‍රබල මත පලවෙනවා.මේ වගේ B.Weapon එකක Primary Targets වෙන්නේ සතුරාගේ යුද හමුදා.මේ වෙෙරසයේ ස්වභාවය අනුව හමුදාවල බැරැක්ක ජීවිතය,සෙබලුන්ගේ චර්යාව නිසා කොවිඩ් වෙෙරසයට පහසුවෙන් ඔවුන් ගොදුරැවන ස්වභාවයක් තියෙනවා.මේවා දැනගෙන චීනය,රැසියාව තම හමුදාව යොදාගත්තේ ඉතාමත් පරෙස්සම් සහගතවයි.නමුත් දෙයියෝ පය නොගහන තැන්වල ඇතම් මෝඩයෝ පිනුම් ගහනවා.
      ඉතිහාසයේ කියමනක් තියෙනවා බලලෝභින් හා ධනපතියන් දෙදෙනෙක්ව මරණයට කැප කරනවා කියලා..ඒ කම්කරැවාව හා සොල්දාදුවාව

      • NoBody says:

        “වැලිසර නාවුක හමුදා නිලධාරියෙකු මිය යයි.. කොරෝනා සේ සලකා අවසන් කටයුතු කරයි..”

      • Keerthi says:

        අනිවා මචං මේක ඇමරිකන් කුමන්ත්‍රණයක්.

        අපේ රණවිරුවන්වව අඩපණ කරලා රටේ බලය අල්ලගන්න මේ මොහොතේ යූ.ඇන්.පී ය හා එක්ව පරගැති අධිරාජ්‍යවාදීන් කැසකවනවා. මේ ඒකෙ ප්‍රතිඵලයක්

  3. Wepachitti says:

    නාවික හමුදාවට බෝ කිරීම කුඩ්ඩන්ගේ කූට උපක්‍රමය ඔවුන් ජයගෙන ඇත.

  4. Kalana says:

    Mask එක විතරක් දාගෙන මේ වැඩ කරන්න බැහැ

  5. Wewegadara Appuhamay says:

    The Coronavirus is Virus ,it cannot control by by any invisible power of GOD or Alla or other known -powers .

    Only way is by keeping distance of Human is that Treatment of on going Coronavirus?

    Otherwise like that President Trump of US claim that you have to Injected of some kind of liquide !

  6. Matta says:

    Balan giyama hamudawen thamai meka spread wela thiyenne. Hamudawata karanna rajakariyak thiyanawa. Eth virus ekka fight karanna hamudawata ba. Ekata medial kattiya inne.
    Adu gane front line eke hitapu hamudawa testing wath karada? Niyama supiri management. Kata witharai.

  7. Anti corona says:

    දැන්වත් අර බෙහෙත් තියනව කියන දේශීය වෛද්යවරුන්ටත්, අඩුම ගානෙ ටෙස්ට් කරල බලන්ඩවත් අවස්තාවක් දෙනවද හැමෝගෙම යහපත වෙනුවෙං…කුහක නොවී…මේක හැම දෙයක්ම ටෙස්ට් කරල බලන්ඩ ඕනෙ අවස්තාවක්…ඔවුන්ට පහසුකම් නොසැලසීම ඒ සම්බන්දව රජයේ නොසැලකිලිමත් බාවය පෙන්වීමක්….මේ එකක් විතරයි , නිකමට මේ ලින්ක් එක බලන්ඩ…https://www.youtube.com/watch?v=NhNTnfZEXrg

  8. බාලි 6 යි says:

    කොරෝනා මර්ධනයට සමගාමීව රජය පෙරලීමට කුමන්ත්‍රණ කරන එජාපෙ ජවිපෙ සහ එල්ටීටීඊ පාස්කු බෝම්බ පිටුපස සිටින ජාතිවාදී දේශපාලකයන් පිටුපස බුද්ධි අංශ යෙදිය යුතුයි

Main News