නාවුක භටයන් දහසකට කොරෝනා වැලදීමේ අවදානමක්.. වැලිසර සෙබළුන් දහසක් නිරෝධායනයට යොමු කෙරේ..

May 20, 2020 at 6:32 am | lanka C news
නාවුක භටයන් දහසකට කොරෝනා වැලදීමේ අවදානමක්.. වැලිසර සෙබළුන් දහසක් නිරෝධායනයට යොමු කෙරේ..

වැලිසර නාවික හමුදා කඳවුරේ නාවුක භටයන් සියලුම දෙනා නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කිරීමට සෞඛ්‍ය ප්‍රධාන විසින් තීරණය කර තිබේ.

එම කඳවුරේ කොරෝනා වෛරසය ආසාදනය වීමේ අවදානමක් පවතින නිසා මෙම තීරණය ගෙන ඇත.

මෙම ක‍්‍රමය යොදා ගන්නේ හමුදා භටයන් අතරේ කොරෝනා පැතිරීම පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ ප්‍රධානීන් විසින් සිදු කරන ලද නිර්දේශ මතයි.

නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කරන ලද මෙම භටයන් සියලුම දෙනා ආසාදිතයන් සමඟ සිටි නිසා ඔවුන්ටද ආසාදිත බවට පත් වීමේ වැඩි ඉඩකඩක් පවතින බවට සැක මතුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ වන විට නම් වැලිසර නාවික හමුදා භටයින් 509 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

34,153 Viewers

9 Comments to “නාවුක භටයන් දහසකට කොරෝනා වැලදීමේ අවදානමක්.. වැලිසර සෙබළුන් දහසක් නිරෝධායනයට යොමු කෙරේ..”

  1. Hela Gune says:

    දුම් හට්ටි අල්ලලා තමයි කෙල උ⁣නේ කට්ටිය එකතු වෙලා

  2. B4 UNP now Gota says:

    Get well soon SL Navy

  3. nimalsiri says:

    nirodhaayanavalata gihillath puk gehuwe neththam yaantham suwawenna ida thiyenawaa.

  4. praba says:

    මේ නාවික භටයන්ට කොරෝනා මෙපමන හැදුනේ කොහොමද? මහජබතාව මේ පිළිබඳ විවිධ කටකතා කියනවා. අනේ මන්ද

  5. මිගාර says:

    ඇමෙරිකාවෙන් ආනයනය කර කෙලවාගැනීම. මේවා දීර්ඝකාලීන සැලසුම්.
    අධ්‍යාපනය කඩාකප්පල්ක්කකිරීම – සමාජයේ බහුතරයක් නූගතුන් බිහිවීම.
    බුදුදහම හින්දුකරනයවීම – දැඩි භක්තියෙන් ජෛන නිඝන්ඨ මිත්‍යාදෘෂ්ටිකයන් මෙන් පුද පූජා පැවත්වීම – අන්ධභක්තියෙන් පුද්ගලයින් ඇදහීම දක්වා මිත්‍යාදෘෂ්ටිය පුලුල්වීම.
    සමාජයට ඍජු බලපෑම් කලහැකි රූපවාහිනී නාලිකා ඉතා දැඩිව දේශපාලනීකරණයවීම.
    සංඝ සමාජයේ කඩාවැටීම.
    මේ සියල්ලෙහි දිගුව ඉහත කී ලෙස තමන් විසින්ම ශ්‍රේෂ්ඨයින්යැයි හදුන්වාගන්නා හිස් මිනිසුන් ආනයනය කර කෙලවාගැනීමයි.

    • කලණ says:

      තමිල්නාඩුවෙන් ආනයනය කරගෙනත් වෙලාතියෙන්නෙ කෙලෝගත්ත එකමනේද?
      දැන් පේනවනෙ මැතිවරණ කොමිසමට වෙලාතියෙන නස්පැත්තිය.

      • සුනිල් says:

        ඒ ඔබ බලන කෝනය අනුව. මැතිවරන කොමිසම ඉතා දැඩි පීඩනයක් යටතේ වුවද එයින් ජනතාවට වියයුතු යුතුකම ඉටුකරමින් නිවැරදි තීන්දු තීරන ගනිමින් සිටිනවා. කොමිසමේ සභාපතිතුමාගේ දැඩි පෞරුෂය මේ සදහා බොහෝ සෙයින් ඉවහල්වෙනවා.
        ඔබගේ වහල් මානසික තත්වය නිසා ඔබ සෑමවිටම සිතීමට පුරුදුව සිටින්නේ ඔබගේ ස්වාමියාට මින් සිදුවන යහපත හෝ අයහපත ගැන පමනයි.
        එහෙත් නිවැරදිබව හෝ සාධාරන බව බොහෝවිට ඔබගේ වහල් ආකල්පය හා ගැටේ. ඔබට තිත්තවූ සත්‍යය එයයි

  6. සජිත් says:

    මම කියපු බෙහෙත් බොන්නෙ නැති නිසා තමයි ඔයර්‍

    මීට (කොන්) doctor සජිත්

Leave a Comment

Main News