නාවුක හමුදාවෙන් කොරෝනා ආසාදිතයන් වැඩිවීම ගැන පරීක්‍ෂණයක්..- ජනපති කියයි..

May 11, 2020 at 6:45 pm | lanka C news
නාවුක හමුදාවෙන් කොරෝනා ආසාදිතයන් වැඩිවීම ගැන පරීක්‍ෂණයක්..- ජනපති කියයි..

ජන ජීවිතය සහ ආර්ථිකය සක්‍රීයව තබා ගනිමින් COVID-19 මර්දනය සඳහා නොපසු බස්නා ධෛර්යයෙන් වැඩ කළ යුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

සමස්ත දිවයිනේම ආර්ථික ක්‍රියාකාරිත්වය යළි අරඹා තිබේ. වසංගතයක් පැමිණිය ද ඒ සමග සාගතයක් පැමිණීමට ඉඩ නොතැබිය යුතුය. සැලසුම් ඉදිරියට ගෙන යාමේදි පෙර සිදු වූ අතපසුවීම් දෙක පාඩමක් ලෙස ගෙන එවැන්නක් යළි සිදු නොවන බවට වග බලා ගත යුතුව ඇතැයි ජනාධිපතිතුමා සදහන් කරයි.

නාවික හමුදාවෙන් සහ කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් කොරෝනා ආසාධිතයින් වැඩි සංඛ්‍යාවක් බිහි වූයේ කෙසේදැයි හඳුනාගෙන පරීක්ෂණ අඛණ්ඩව සිදු කිරීමේ අවශ්‍යතාව COVID-19 මර්දනය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය සමග අද (11) දහවල් පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා විසින් පෙන්වා දෙනු ලැබීය.

බස් රථ, ත්‍රීරෝද රථ සහ ඉදිකිරීමේ වැඩබිම්වලත්, මැණිං වෙළෙඳපොළ වැනි ජනතාව බහුලව එක් රැස්වන ස්ථානවලත් පිරිස් විටින් විට අහඹු ලෙස පරීක්ෂණයට ලක් කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා අවධාරණය කළේය.

වෛරසය පැතිරයාම වැළැක්වීමට මෙවැනි ස්ථානවල ගැවසෙන පිරිස් දැනුවත් කිරීමේ අවශ්‍යතාව ද සාකච්ඡාවට ලක් විය. පාසල් දරුවන් හැසිරවිය යුතු ආකාරය පිළිබඳ මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කර තිබේ. එකී නිර්දේශ මත පාසල් විවෘත කිරීමේ හැකියාව අවධානයට ලක් කෙරිණ. පාසල් ඇරඹීමට පෙර මාධ්‍ය මගින් දරුවන් පුළුල්ව දැනුවත් කළ යුතු බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

විදේශයන්හි අධ්‍යාපනය ලද සිසුන් සහ තාවකාලික වීසාලාභී 3297ක පිරිසක් මේ වන විට රැගෙනවිත්, නිරෝධායනයට යොමු කර ඇත. විදේශගත පිරිස් ගෙන්වා ගැනීම රටට අවදානමක් නොවන අයුරින් පාලනයක් සහිතව කළයුතු බව ද ජනාධිපතිතුමා කීය.

නීති විරෝධි මත්පැන් භාවිතය නිසා සෞඛ්‍ය ගැටලු මෙන්ම ග්‍රාමීය ජන ජීවිතයට ද ගැටළු රැසක් පැන නැගී ඇත. විශාල මුදලකට නීතිවිරෝධි මත්පැන් අළෙවි කෙරෙන බව වාර්තා වී ඇතැයි ආරක්ෂක අංශ පෙන්වා දුන්නේය. ඉන් උද්ගතවිය හැකි අවදානම දීර්ඝ වශයෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ සාකච්ඡාවට ලක් කෙරිණ.

නිවාසවල රැඳී සිටීමට සිදුවීමෙන් නගරබද ජන ජීවිතයට මහත් පීඩනයක් එල්ල වී තිබේ. එවැනි තත්ත්වයන් වළක්වා ගැනීමට සෞඛ්‍ය නිර්දේශ මත වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද සාකච්ඡා විය. ශරීර සුවතාව උදෙසා ව්‍යායාම මංතීරු මෙන්ම සෙසු මානසික සුවතා ක්‍රියාකාරකම් ද යළි ආරම්භ කළ යුතුය.

ජීව දත්ත එක් පද්ධතියකට ගොනු කොට, ගුවන් ගමන් බලපත් සහ හැඳුනුම්පත් දිස්ත්‍රික් මට්ටමින් නිකුත් කිරීම කඩිනම් කළ යුතුයැයි ද ජනාධිපතිතුමා පැවසීය.

කෘෂි අස්වනු කල්තබා ගැනීමේ තාක්ෂණික සහ කළමනාකරණ ක්‍රමවේද යළි අධ්‍යයනය කොට අවශ්‍යතාව පරිදි භාවිත කරන්නැයි ජනාධිපතිතුමා කාර්ය සාධක බලකායට කීය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, සෞඛ්‍ය ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ යන මහත්වරු ද සාකච්ඡාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

184 views

17 Comments to “නාවුක හමුදාවෙන් කොරෝනා ආසාදිතයන් වැඩිවීම ගැන පරීක්‍ෂණයක්..- ජනපති කියයි..”

  1. Priyantha says:

    යමි ගැටලු සහගත බවක් අපටත්නම් හිතුනා….නාවික හමුදා විරැවන් වැඩියෙන් ආසාදනය වීම ගැන…ජනපතිතුමන්ගේ අවධානය යොමුවීම අගය කල යුතුය…අධ්‍යාපන අමාත්‍යාංශයේ වසරක් තුල අධ්‍යාපන ලේකමිවරැ 04 ක් පමණ පත්වීමි ලැබ…තනතුර මාරැවී ඇත….සාධාරණ ලෙස කටයුතු ඉටු නොවේ…ජාතික පාසල් සදහා පත්වීමි ලද විදුහල්පතිවරැ බොහෝමයක් දේශපාලන රැකවරණ මත අදාල පාසල්වල පත්වීමි භාරගෙන නැත….අකාර්යක්ෂම ලෙස කටයුතු සිදුවේ…මුලු රටේම සිසු විනය පිරිහී ඇත….සෞඛ්‍ය අමාත්‍යාංශයට මෙන්…උගත් බුද්ධීමත් හමුදා නිලධාරියෙකු අධ්‍යාපන ලේකම් ලෙස පත්කර…අධ්‍යාපනය නගා සිටුවීමට කටයුතු කරන මෙන් යෝජනා කරමි….

    • hgdd says:

      apita nam ooka therune dawas 2 yanakota

      • හැලීගේ කේතුව says:

        පරීක්ෂන කරල පොඩි නිලධාරියෙකුට දඬුවම් කරන්න.

        • හූ ..ඌ..! says:

          උඹේ කේතුවට හරක් වෙදෙකු ලව්වා බේත් කරපං. එතකොට මොලේ අසනීපෙ සුව වෙයි.

  2. Nishantha says:

    Exactly correct what HE the president has said. He’ll do the rest of the Corona threat management very well if JVP UNP opportunists don’t trouble. But, the Welisara Navy issue is a pathetic situation and hope it’s not Navy falt but the Welisara Camp in charge should be responsible.

  3. Nishantha says:

    We understand that first ten, twenty, fifty or even one hundred or two hundred Corona infected naval personnel within the Welisara Navy Camp could be a result of that handling drug addicted people issue. However, people won’t be that fool to generalise the amount more than 400, infected. Why couldn’t the adhere to what they expect from general public.

  4. pohottu says:

    kelawwata passe parikshana.??? ane mage kata.

    • ජෙප්පා says:

      දෙයක් උනාම තමයි බන් පරීක්ෂණ කරන්නෙ.

    • Samagi janabalu wegaya says:

      umbe kata neme umbe puka. Eka ape ranjagen parissam karaganin.

  5. අල්ලපු ගෙදර තිනන් says:

    ඇතුලෙන් ගේම ගහන්න හදපු එවුන් ඉන්නවා නම් උන්ට බඩු බනිස්

    • අලපාලු කරුප්පයි හැලිච්ච කෙතුවා says:

      අපි වගේ කසල ශෝදකයෝ එකේ ඇතුලෙත් ඉන්නවද ? කෙලියා තමයි.

  6. saman says:

    kadinamin klayuthu parikshanayak. navy ekata korona ave kuddangenda nathnam venath thanakinda.

  7. Walimuni Abeysekera says:

    Please investigate…there are under currents to bring down this country with lot of money thrown through NGO,s.

  8. The Traditional Local Medicine system to be implemented ASAP with Western Medical system.

    Covid 19 – Less than 3 days.

    Dengue – Less than 1 day.

    Sri Lankan can earn money from International countries.

    Sri Lankans had the Specific drugs to the Covid 19, So why we are delaying……………

  9. Bnv says:

    It’s too late. This has to investigate very early that issue happened. Total responsibility who released the navy soldiers without testing them. Otherwise we just have bellow 100 victims of corona.

  10. praba says:

    අතිගරු ජනාධිපති උතුමානන්ට මේක තේරුන එක බොහොම හොඳයි. නාවුක හමුදාවෙන් පමණක් කොහොමද මෙච්චර කොවිඩ් ආසාදිතයින් බිහිවුනේ. ඒක ලොකු ප්‍රශ්නයක්. අදාචි.යන්ගෙන් හරි අඩකටත් වඩා වැඩි සංඛ්‍යාවක් බිහිවූයේ කෙසේද? ඒක අපිටත් හිතුනා. මේ ගැන සුදුසු පරීක්ෂණයක් තියා නිලධාරීන් ස්ථෘනමාරුකිරීම නම් වඩාත් සුදුසු වනු ඇත.

Main News