නාවුක හමුදාවේ 136කට කොරෝනා..

April 27, 2020 at 9:20 am | lanka C news
නාවුක හමුදාවේ 136කට කොරෝනා..

ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් මේ වන විට කොරෝනා ආසාදිතයන් 136 දෙනෙකු වාර්තාවී ඇති බව යුද හමුදාපති ශවේන්ද‍්‍ර සිල්වා මහතා පවසයි.

ඊයේ දිනයේ මෙරටින් වාර්තා වූ ආසාදිතයන් 63 දෙනාගෙන් 53 දෙනෙකු නාවික හමුදා නිලධාරීන් යයිද ඔහු පැවසීය.

ඊයේ් දිනයේ වාර්තා වූ එම පිරිස අතරින් 16ක් වැලිසර කඳවුරේ සහ 37 දෙනෙක් නිවාඩු ගොස් සිටියදී හඳුනාගත් බව ද ඔහු සඳහන් කළේය.

මේ සියළු දෙනා දැනටමත් ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවත් ඔවුන්ගේ ආශ්‍රිතයන් හඳුනාගෙන අවශ්‍ය කටයුතු සඳහා යොමු කර ඇති බවත් හමුදාපතිවරයා පැවසීය.

අද දිනයේ සියලු ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ නිවාඩු අවලංගු කර සේවයට කැඳවා ඇති බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

312 views

62 Comments to “නාවුක හමුදාවේ 136කට කොරෝනා..”

  1. Podi eka says:

    මේකේ සමහර COMMENT කියෙව්වම හිතෙනවා Dr ජාසිංහලා, පාදෙණියල මොකුන්ද කියල. ස්පෙෂලිස්ට්ල මෙකෙනේ ඉන්නේ. හොඳ වෙලාවට ඇමෙරිකාවට යුරෝපයට සිංහල කියවන්න බැරි. නැත්තන් මුන් ටික එහෙට ගෙනියනවා. ලංකාවට මාර පාඩුවක් වෙන්නේ.

    • උදාර says:

      ඔබ කියන අයට බොහෝ දැනුම tiyenawa. එයාල ගොඩක් දන්නවා, දුර දකිනවා. නමුත් එයාලට වැඩ කරන්න වෙන්නේ දේශපාලන බලයට යට වෙලා. එයාලගෙ තනතුර වලංගු වෙන්නේ එයාල ඉහළ දේශපාලන ට යටත්ව ඉන්න තාක් කල් විතරයි.
      නිදහසේ ඉන්න අපි වගේ එයාලට අදහස් දක්වන්න හැකියාවක් නෑ.

  2. Kalana says:

    Thathwaya therum nogeneeme warada? Meka yuddayak karanne ayuda, terrorists la ekka nemeyi, VIRUS ekak ekka. Therum ganna bee… anaa gaththa…

    • Kiribatha says:

      Umbata gonaata wage mole thiyenawa. Umbawa thamayi dhanda thibune korona mardhana viyaparaye lokka karala, katin batha hitona mugdhaya!

  3. Ajith says:

    රජය සහ හමුදාව විසින් ඉමහත් පරිශ්‍රමයක් දරා චීන virus උවදුර දැඩි ලෙස පාලන කර තිබියදී ජාඇල කුඩ්ඩන් අල්ලන්ට ගිය එම නාවික සෙබළුන් වෙනම නිරෝධායනය නොකොට ඉතා නොසැලකිල්ලෙන් ඔවුනට සමාජ ගත වීමට ඉඩදී කොරෝනා වැළක්වීමේ උදාර කර්තව්‍ය කැඳ හැලියක් කල නොසැලකිලිමත් නාවික හමුදාවේ නිලධාරීන්ට සහ ප්‍රධානීන්ට අපගේ බලවත් කෝපය සහ අප්‍රසාදය.

Main News