නාවුක හමුදා කදවුරක් ඉදිරියේ විරෝධතා..
February 21, 2021 at 12:00 pm | lanka C news
යාපනය කරයෙනගර් ප්‍රදේශයේ පිහිටි නාවික හමුදා කඳවුරු අසල භූමියක මැනුම් කටයුතු කිරීමට එරෙහිව ඊයේ (20) සවස විරෝධතාවයක් පැවත්වීම හේතුවෙන් මැනුම් කටයුතු තාවකාලිකව නවතා දැමීමට නිලධාරීන්ට සිදු විය.
කරෙයිනගර් ප්‍රදේශයේ පිහිටි එලාර නාවික හමුදා කඳවුරු අසල භූමියේ පිහිටි අක්කර 50ක පමණ භූමි ප්‍රදේශයේ සංවර්ධන කටයුත්තක් සඳහා මිනින්දොරු දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් පැමිණ මැනීමේ කටයුතු ආරම්භ කරන අවස්ථාවේදී ප්‍රදේශවාසීන් හා දේශපාලන නියෝජිතයින් පිරිසක් විසින් මෙම විරෝධතාවය සංවිධානය කොට තිබුණි.
පැවති විරෝධතාවයේදී විරෝධතා කරුවන් විසින් පවසා සිටියේ අදාල ඉඩම නාවික හමුදාවට කිසිදු අයිතියක් නොමැති බවටත් එය සාමාන්‍ය වැසියන්ට අයිති බවටත් වහාම මැනුම් කටයුතු නවතා දමන ලෙසටත්ය.
පසුව මිණින්දොරු නිලධාරීන්ට මිනුම් කටයුතු තාවකාලිකව නවතා දැමීමට සිදුවුණි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
Karana ewa okkma habak.meeta perath oya wagema deyak una.