කොරෝනා ආසාදිතන් කුරුණෑගල පුරා ඇවිදලා.. ආශ‍්‍රිතයන් සෙවීම ඉතා අසීරුයි…- සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කියයි..

April 27, 2020 at 2:10 pm | lanka C news
කොරෝනා ආසාදිතන් කුරුණෑගල පුරා ඇවිදලා.. ආශ‍්‍රිතයන් සෙවීම ඉතා අසීරුයි…- සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කියයි..

කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැනට හඳුනාගෙන සිටින කොරෝනා වෛරසය ආසාදනය වූවන් සමග සමීපව ඇසුරු කළ බවට අනාවරණය කරගත් පුද්ගලයන් 326 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්.ෆරීඩ් මහතා ප්‍රකාශ කළේය .

අලව්ව , පොල්ගහවෙල , මඩහපොල , නිකවැරටිය , කොටවෙහෙර , දුම්මලසූරිය , උඩුබද්දාව , මාවතගම , ගල්ගමුව , කුලියාපිටිය , මහව , වාරියපොළ බණ්ඩාර කොස්වත්ත ආදි ප්‍රදේශවලින් හඳුනාගෙන සිටින එම ආසාදිතයන්ගේ පවුල්වල සාමාජිකයින් සහ ඔවුන් සමීපව ඇසුරු කළ පුද්ගලයන් මෙසේ ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව වෛද්‍ය ෆරීඩ් මහතා සඳහන් කළේය.

මෙම ආසාදිතයන් පිරිස කුරුණෑගල දිස්ත්‍රික්කය පුරාම විසිරී සිටින බවද ඔවුන් හා සබඳතා පවත්වා ඇති පිරිස් අනාවරණය කර ගැනී ම ඉතා අසීරු කරුණක් වී ඇතැයිද ඒ මහතා පැවසීය.

ඊයේ (26) රාත්‍රිය වනවිට කුරුණෑගල දිස්ත්‍රික්කයේ හඳුනාගෙන සිටින කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 13 කි . මොවුන්ගෙන් පුද්ගලයන් 9 දෙනෙකුම ආරක්ෂක අංශ සාමාජිකයින් වේ .

– ADA

800 views

37 Comments to “කොරෝනා ආසාදිතන් කුරුණෑගල පුරා ඇවිදලා.. ආශ‍්‍රිතයන් සෙවීම ඉතා අසීරුයි…- සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කියයි..”

  1. Sumith says:

    ඇයි fareed ඔබට විතරක් හොයාගන්න බැරි. අනිත් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකළට පුළුවන්නම් උඹට අමුතු අමාරුවක් තියෙනවාද

  2. kim says:

    අප්‍රේල් කුඩ්ඩො නිදහස් කරනවා
    උන් ලෙඩේ හදාගෙන බෝ කරනවා
    නේවි එක දඟලල උන් අල්ලගන්නවා. නේවි එකට ලෙඩේ බෝ වෙනවා
    නේවි එකේ අය නිරෝදායන නොකර ලන්කාව පුරාම නිවාඩු යවනවා
    දැන් නේවි එකේ අය ගිය තැන් හොයන්න බැරිලු..
    කවුද දැන් වග කියන්න ඕන..

  3. බාලි 6 යි says:

    මේකෙ ආණ්ඩුවට කෙලින්න කමෙට්ස් දාන ඈයො දන්නෙ නෑ මේ වෙදිකාව සකස් කරල තියෙන්නෙ සයිබර් අවකාශයෙ මේ කුමන්තරණ කරන උන්ව ට්‍රැප් කර පසු ප්‍රයෝජනය සඳහා ලිස්ට් එකක් හදා ගැනීමට බව

  4. Siri says:

    කොරෝනා ඩියුටි වලට දාල හිටපු අයව කොරෝනා ටෙස්ට් කරන් නැතුව නිවාඩු යවපු නිලධාරීන්ට දෙන්න හොඳ වසරේ සම්මානය මොකක්ද?

  5. Pissu Pusa says:

    Umbath gedarata wela budiyaganin barinam

Main News