නාවුක හමුදා කොරෝනා පොකුර ගැන පරීක්‍ෂණ ඇරඹේ.. එය 75%ක් පාලනය කර අවසන්..

May 18, 2020 at 11:20 am | lanka C news
නාවුක හමුදා කොරෝනා පොකුර ගැන පරීක්‍ෂණ ඇරඹේ.. එය 75%ක් පාලනය කර අවසන්..

වැලිසර නාවික හමුදා කඳවුරෙන් අපිට බාහිර සමාජය තුළ කොරෝනා ආසාදිත රෝගී පොකුරු සියල්ලම මේ වනවිට පාලනය කර අවසන් බව කොරෝනා පාලනය කිරීමේ මධ්‍යස්ථානයේ ප්‍රධානී හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

වැලිසර නාවික හමුදා කඳවුරේ ද ඇති කොරෝනා පොකුරේ ක්‍රියාකාරීත්වය මේ වනවිට 75%ක් පමණ පාලනය කර ඇති බවද පැවසූ ඔහු ඉදිරියේදී එය සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට හැකි බවටද විශ්වාසය පළ කළේය.

වෛරසය නාවික හමුදා අතර පැතිර ගිය ආකාරය ගැන මේ දිනවල විශේෂ අධ්‍යනයක් කරගෙන යන බවත් ඒ සඳහා වෛද්‍යවරුන් කණ්ඩායමක් ද සම්බන්ධව සිටින බවත් ඔහු පැවසීය.

විදේශ රටවලින් පිරිස් මේ දිනවල ගෙන්වා ගනිමින් සිටින නිසා ඉදිරි කාලයේ දී ද නිරෝධායන මධ්‍යස්ථානවලින් රෝගීන් අනිවාර්යයෙන්ම මතුවුණු ඇති බවත් කී ඔහු වෛරරසය එළියට යාමට ඉඩ නොදී රැක ගැනීමට නිරෝධායන මධ්‍යස්ථාන නිසා හැකි වී තිබෙන බවද සඳහන් කළේය.

විදේශ ගතව සිටින පිරිස් මෙරටට ගෙන්වා ගන්නේ රටක් වශයෙන් විශාල අවදානමක් දරා ගෙන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

24,611 Viewers

One Comment to “නාවුක හමුදා කොරෝනා පොකුර ගැන පරීක්‍ෂණ ඇරඹේ.. එය 75%ක් පාලනය කර අවසන්..”

  1. Nishantha says:

    Definitely, taking those who were abroad for corontine is an exceptional humanitarian operation but is absolutely high risky. However. Poor Sri Lankan farmers and retail sellers are suffering, so it also requires your attention. Many people in abroad other than workers migrated disregarding Sri Lankan identity and do not love this nation. But poor village farmers are the real owners of this country.

Leave a Comment

Main News