නාවුක හමුදා සෙබලුන්ට කොරෝනා හැදුනේ සුදුවැල්ලේ ආසාදිතයන්ගෙන්..

April 24, 2020 at 10:00 am | lanka C news
නාවුක හමුදා සෙබලුන්ට කොරෝනා හැදුනේ සුදුවැල්ලේ ආසාදිතයන්ගෙන්..

නාවික හමුදා සෙබළුන් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ සුදුවැල්ල ප්‍රදේශයේ ආසාදිතයන් සොයා සිදුකරන ලද වැටලීම්වලදී බවට සැක යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

ඔවුන්ගේ සම්බන්ධතා ජාලය සම්බන්ධයෙන් මේ වන විට හඳුනාගනිමින් ඇති බවද ඔහු සඳහන් කළේය.

කොළඹ බණ්ඩාරනායක ප්‍රදේශයේ ආසාදිතයන්ගේ සම්බන්ධතා ජාලය හඳුනා ගෙන ඇතැයිද ඔහු කියා පැවසීය.

මේ වන විට මෙරට කොරෝනා පරීක්ෂණ සංඛ්‍යාව විශාල වශයෙන් ඉහල දමා ඇති බවත් එනිසා තවදුරටත් ආසාදිතයන් හඳුනා ගැනීමේ කටයුතු වේගවත් කර ඇති බවත් ඔහු කියා සිටියේය.

113 views

17 Comments to “නාවුක හමුදා සෙබලුන්ට කොරෝනා හැදුනේ සුදුවැල්ලේ ආසාදිතයන්ගෙන්..”

  1. Dana says:

    Kudukarayo ape rata winasa kara..okun merilama ynd oni

    • නවහිටං says:

      කොටි යුද්දේ කාලෙදිවත් නොවිච්ච දේවල්නේ මේ වෙන්නේ.
      කොටින්ටවත් හානියක් කරන්න බැරි වෙච්ච කදවුරක් ඇදවැටිච්ච තැනක්

      • සිංහල බන්ඩා says:

        සෙබලුන්ට නිවැරදි උපදෙස් හා ආරක්ෂිත මෙවලම් ලබා නොදුන් දේශපාලන බලධාරින් හා නිලධාරින් වගකිව යුතුය.

    • saparamaadu says:

      Kuddonta Banala Wadak naha ..Unwa Relase Karapu Ekata Banapan ..

    • වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

      ඔබ දන්නා ඔබේ ගමේ නගරයේ කුඩ්ඩන් , කුඩු මුදලාලිලා ගැන ළඟම පොලීසිය දැණුවත් කරන්න.
      මත්ද්‍රව්‍ය මාෆියාව ලක්බිමෙන් තුරන් කරන්නට මහජන දායකත්වය ලබාදෙමු

  2. sana says:

    ජා ඇල, සුදුවැල්ලේ කොරෝනා සෙට් එකට හෙණ ගහන්න ඕනේ මේ කරපු අපරාදේට

    • Singhale says:

      මම දැක්කා මෙතන එකෙක් comment කරතිබුනා මිලිටරි Mind එකෙන් බැහැරවන්න කියා. එතකොට ඒ comment එක ලියාපු එකාගෙන්  මට දැනගන්න කැමතියි  මේ හැදුණු ජාලය සොයන්න යන්නේ උගේ දෙමවුපියන්ද දන්නේ නැ  කියා? මොලයක් තිබෙනවා සෑම මිනිසෙකුට නමුත් ඒ මොළේ නිසියාකාර ක්‍රියාකරන්නේ නැත්තේ මෙවුන්ගේ මේ  මොලයේ තනිකරම පිරි තිබෙන්නේ දෙවේෂ්‍යයයි.ඉතින් මොනම හොඳක් කළත් සැමදෙයම පෙනෙන්නේ මේ අසත්පුරුෂයන්ට නොමනා ක්‍රියාවක් ලෙසින්. මේවන් මනසවල් ඇති එවුන් ඉක්මණට තමා තමන්ගේ ආයු කාලය දීර්ග කරගැනීමට අවශ්‍යයි නම් කරුණාකර සිහිබුද්දියෙන් සිතන්න පරුදු වෙයල්ලා. නැතිව මොළේ නැතිකම ලෝකයාට ප්‍රදර්ශණය නොකොට.  

  3. praba says:

    හරියටම හරි මේ කුඩුකාරයෝ නිසා අපේ රට විනාශ වුනා. පරහැත්ත ඔවුන්ට හෙන ගහන්නම ඕනෑ තමයි. පරයෝ

  4. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    ඒ කාලේ ඉඳන්ම සෑම රජයකම ඇතැම් ඇමති , මන්ත්‍රීලා කලේ කුඩු කප්පිත්තන්ව සුරතල් කරපු එක, පෝෂණය කරපු එක , ආරක්ෂාකරපු එක. දශක කිහිපයක් තිස්සේ රටේ තරුණ ජවයෙන් යම් ප්‍රමාණයක් නිස්කාරණේ කාලකණ්නි උනා. අද තාත්තා – පුතා , මාමා- බෑණා , මස්සිනාලා එකට ඉඳගෙන කුඩු ගහන සමාජ ස්ථරයකුත් මෙරට තියෙනව. ශුද්ධ හෙරොයින් ප්‍රමාණය අනුව වැරදිකරුවන් උන අය සැහැල්ලු දඩ වලින් එළියෙ. එල්ලුම් ගහට නියම කරපු එවුන් කකා බිබී රාජ්‍ය ආරක්ෂාව ඇතිව ඇතුලේ ඉඳන්ම සුපුරුදු ජාවාරම්- පාතාල ක්‍රියාකාරකම් කරවනවා. ඒ කාලෙම දැඩි ප්‍රතිපත්ති අනුගමනය කරානම් මෙහෙම දේවල් නොවෙන්න තිබ්බා. දැන්ම බැරිනම් කවදා හෝ කොරෝනා රෝගයට ප්‍රතිකාර හොයාගෙන එය තුරන් උනු දවසකවත් මේ මහා මත්ද්‍රව්‍ය ව්‍යවසනයෙන් රටත් ජාතියත් , මතු පරම්පරාවල තරුණ ජවයත් ආරක්ෂා කරගන්නට කටයුතු කරන්න හිතට ගතයුතුයි.

    • SL says:

      ඒක තමයි ඇත්ත ,කුඩු වලට ඇබ්බැහිවුන උන් උන්ට බනින්න කලින් කුඩු රටපුරා වෙළඳාම් කරන්න පුළුවන් වෙන්න පරිසරය හදල දුන්නු,කුඩු විකුණලා ජීවත් වෙන උන් ගෙන් කප්පන් අරන් උන්ව ආරක්ෂා කරන පොලිසියේ ,රජයේ ,අමතිමන්ඩලයේ උන් තමයි මේවට ඉස්සරවෙලාම වගකියන්න ඕනේ. උන් නැතිනම් ඉස්කෝලේ ට 500ම වලින් එහින් තියෙන කුඩු කඩවල් තියෙන්න බැහැ නේ. අද මේ කොල්ලෝ ටික ,හෙට උඹේ මගේ දරුවෙක් වෙන්න පුළුවන් ..

  5. sunimal says:

    මේ වත්තේ සැන්ටින් ගෙවල් රජයෙන් අයින්කළ යුතුය මේවා විසබීජ ගුහාවල්

Main News