නැගගෙන ඇවිත් ජනාධිපති පහලට වැටිලා කියා කියූ නිසා මං පොහොට්ටුවට යනවා..

June 2, 2018 at 1:20 pm | lanka C news
නැගගෙන ඇවිත් ජනාධිපති පහලට වැටිලා කියා කියූ නිසා මං පොහොට්ටුවට යනවා..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ නායකත්වයෙන් ඉවත් නොවුනහොත් තමන් ස්ථිර වශයෙන්ම ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණට එක්වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි ටී.බී. ඒකනායක සදහන් කර ඇත.

පක්‍ෂ ව්‍යවස්ථාව අනුව මෛත‍්‍රිපාල සිරිසේන මහතා තව දුරටත් නායකත්වයේ සිටින්නේ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී. දිසානායක මහතා විසින් කරන ලද ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් සිය සමිපතමයෙකු හා අදහස් පල කරමින් ඔහු මෙසේ පවසා ඇත.

‘1967 පටන් ඉහලටම නැගගෙන නැගගෙන ගොස් ජනාධිපති වීමෙන් පසු පහලට බැස්සේ’ යයි ජනාදිපතිවරයා කරන ලද ප‍්‍රකාශය නිසා තමනට පාක්‍ෂිකයන්ට මුහුන දීමට බැරි තත්වයක් මතුව ඇති බවද ඒකානායක මහතා සදහන් කර තිබේ.

පහලට බසින පුද්ගලයෙකු නායකත්වයේ තබාගෙන ඉදිරියට යාම ගැන දැඩි ප‍්‍රශ්නයක් තිබෙන බවත් නායකත්වය වෙනස් නොකරන්නේ නම් තමන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුනට එක්වන බවත් මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කර ඇත.

14 views

4 Comments to “නැගගෙන ඇවිත් ජනාධිපති පහලට වැටිලා කියා කියූ නිසා මං පොහොට්ටුවට යනවා..”

  1. kith says:

    He can not take any responsibility now because I recon he is suffering from Alzheimer decease.

  2. SUNIMAL says:

    දියුණු වට ආපු අපේ රට අන්තිමට සෝමාලිය කෙරුවේ රනිල් සිරිසේන යමපාලනයෙන් කරුණාකර ඉල්ලා අස්වෙනු

  3. පුංචිසිඤ්ඤෝ says:

    අන්තිමට බැහැල යන එක සාමාන්‍ය දෙයක් ආයිබොවං. එහෙම බහින්නෙ නැතුවම ඉන්න අයත් ඉන්නව. අපේ ජෝං මාමණ්ඩි බලන්ඩකො. අන්තිමේදි බලෙන් බස්සවල තියෙන්නෙ.

  4. වයසක මුත්තලාගේ පොල් ගස් නගින්නේ නැහැ. says:

    වයසක මුත්තලාගේ පොල් ගස් නගින්නේ නැහැ. දැන් වද පිදෙන කාල. අලි කුරුමිනියෝ වසංගතේ.

Main News