නැගනහිර පර්යන්තයට ඉන්දීය ආයෝජනය නිවැරදියි.. මේ ආණ්ඩුව අපේ යහපාලන ආණ්ඩු පාරේමයි.. දේශපේ‍්‍රමී මට හරි සතුටුයි..

January 17, 2021 at 10:24 pm | lanka C news
නැගනහිර පර්යන්තයට ඉන්දීය ආයෝජනය නිවැරදියි.. මේ ආණ්ඩුව අපේ යහපාලන ආණ්ඩු පාරේමයි.. දේශපේ‍්‍රමී මට හරි සතුටුයි..

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සඳහා විදේශ ආයෝජකයින් එකතු කරගැනීම ගැන සැබෑ දේශප්‍රේමීයෙක් විදිහට තමන් සතුටු වන බව හිටපු ඇමති මංගල සමරවීර මහතා පවසයි.

ඒ බව සදහන් කරමින් සමරවීර මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙහි දැක්වෙයි.

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සඳහා විදේශ ආයෝජකයින් එකතු කරගැනීම ගැන මම සැබෑ දේශප්‍රේමීයෙක් විදිහට සතුටු වෙනවා – හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර

පසුගිය කාලය පුරාම විදේශ ආයෝජකයින් මේ රටේ සංවර්ධනයට එකතු කරගැනීම රට පාවා දීමක්, රට විකිණීමක්, දේශද්‍රෝහී ක්‍රියාවක් හැටියට පුන පුනා කියපු දේශපාලන නායකයින්, අද එදා මිනිස්සුන්ව රවට්ටන්නට ඔවුන් කියූ බොරැවලින්ම බැට කමින් සිටිනවා.

ඒ බොරැ සහ රැවටීම පාරාවලල්ලක් වෙලා දැන් ඔවුන් හොඳ වැඩක් කරන්න හැදුවත් ඔවුන්වම විනාශ කරන තත්වයට පත්වෙලා තියෙනවා.

ඒක මම කලින් දැනං හිටියත්, අපි ඒ ගැන කලින් කිව්වත්, ඒක වෙනවා දැක දැක මට සතුටු වෙන්න බෑ. ඒකට හේතුව, අද මේ රට සංවර්ධනය කිරීම සඳහා විදේශ ආයෝජකයින් එකතු කරගැනීම අත්‍යාවශ්‍ය වීමයි.

එදා, විදුලි සංදේශ ඇමතිවරයා හැටියට ශ්‍රී ලංකා ටෙලිකොම් දෙපාර්තමේන්තුව සමාගමක් බවට පත් කරමින්, ලෝකයේ විශාලතම සන්නිවේදන තාක්ෂණ සමාගම ආයෝජනයට හවුල් කරගැනීම නිසා මේ රටේ සිදුවූ දැවැන්ත විප්ලවය ගැන අලුතෙන් මතක් කළ යුතු නැත.

ආරම්භයේ සිටම වගේ පාඩු පිට දුවපු ශ්‍රී ලංකන් ගුවන් ආයතනයද මුලු ඉතිහාසයේ ලාභ ලබාගත්තේ විදේශීය ආයෝජකයින් සමග හවුල් වූ වසර කීපය තුළ පමණි .

අද මේ රටේ ආර්ථික මර්මස්ථානයක් වන ශ්‍රී ලංකා වරාය අධිකාරියටද මෙම නව ආයෝජනය තුළින් නව යුගයක් උදාවන බව මං විශ්වාස කරනවා.

ලංකාව වැනි රටක් දියුණු කළ හැක්කේද තරැණයින්ට රැකි රක්ෂා පවා උත්පාදනය කළ හැක්කේද විදේශ ආයෝජකයින් අප රටට වැඩි වැඩියෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය පසුබිම සහ සැලසුම් සකස් කිරීමෙන් පමණයි.

විදේශ ආයෝජකයින් ගෙන්වා ගැනීම රට විකිණීමක් හෝ පාවාදීමක් බව සිතන්නේ අප රටේ අනාගත පරම්පරාවේ සුබසිද්ධියට වැටබඳින අතලොස්සක් පමණි.

ඒ ආයතන දියුණු කරන්න, පවත්වාගන්න, ලාභ ලබන්න, විසඳුමක් විකල්පයක් යෝජනාවක් ඔවුන් ළඟ නෑ.

අද වියට්නාමය, කාම්බෝජය වැනි සමාජවාදී රටවල් පවා රටක් දියුණු කිරීමට විදේශ ආයෝජකයින්ගේ ඇති වැදගත්කම
තේරැම් ගිනිමින් විදේශ ආයෝජකයින්ට වරප්‍රසාද විශාල වශෙන් ලබා දෙනවා.

එපමණක් නොව විදේශ ආයෝජකයින්ද තමන්ගේ මුදල් ආයෝජනය කිරීමේදී එම රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ මානව අයිතීන් ගරැකරන නීතියේ ආධිපත්‍ය රජ කරන විනිවිද භාවයෙන් යුතු වෙළඳපොළ ආර්ථික ක්‍රමයක් බලාපොරොත්තු වෙනවා.

එවැනි ආර්ථික රාමුවකට 2015 අප රජය විසින් ඇති කළ ආරම්භය නිසා, වැඩිම විදේශ ආයෝජකයින් 2018 සහ 2019 දී ලබා ගන්නට අපට හැකියාවක් ලැබුණා.

පසුගියදා ජනාධිපතිවරයා විසින් විවෘත කරන ලද්දේද එදා ජනතාව නොමග යවමින් සෙල්ලම් ටයර් ෆැක්ටරියක් ලෙස හඳුනවාදුන් විදේශ ආයෝජනයකි.

විදේශ ආයෝජකයින් ගෙන්වා ගැනීමට හැකිවුයේ ආයෝජනයට හිතකර පරිසරය දර්ශකයේ වර්ධනයක් පෙන්වූ නිසාය. තව තවත් පහසුකම් ලබාදීමට නව නීති රීති පවා ඇති කිරීමට අප සූදානම් කර තිබුණි.

ප්‍රමාද වී හෝ ජනාධිපතිවරයා විසින් විදේශ ආයෝජනයක් ගෙන්වාගැනීම, රට විකිණීමක් රට පාවාදීමක් හැටියට තම පක්ෂය විසින් පෙන්වා දුන් මතවාදය නිවැරදි නොවන බවට පිළි අරගෙන යහපාලන රජය විසින් ආරම්භකරන ලද එම ආර්ථික පිළිවෙත රටේ අනාගත පරම්පරාවන් ගැන සිතා යළි ඉදිරියට ගෙනයන ලෙස සැබෑ දේශප්‍රේමීන් ලෙස ඉල්ලා සිටිනවා.

– මංගල සමරවීර

45,322 views

19 Comments to “නැගනහිර පර්යන්තයට ඉන්දීය ආයෝජනය නිවැරදියි.. මේ ආණ්ඩුව අපේ යහපාලන ආණ්ඩු පාරේමයි.. දේශපේ‍්‍රමී මට හරි සතුටුයි..”

  1. Ape Eka says:

    මෙන්න බලපල්ලකො ක්‍රිමිනලයාගෙ කට කණේ නෙමේ ඔලුවටම ගිහින්. ඔන්න කොටපන් කොටපන් උඹැලෑ ගල් බොස්ගෙ artical එකක්….

    • SKF says:

      කොටස් වලින් 49% ක් දෙන්න නම් වරායේ වටිනාකමින් (ආයෝජනයත් ඇතුළු මුළු ටිනාකමින්) අවම වශයෙන් 49%ක මුදලක් වත් ආයෝජනය කල යුතුයි.

      එසේ නම් වරායේ දැනට වටිනාකම කීයද?
      49%ක අයිතිය ලැබීම සදහා ආයෝජනය කල මුදල කීයද?

      ඔන්න ඕකට උත්තරේ හොයා ගත්ත නම් හුගක් ප්‍රශ්න විසදෙයි.

    • Wijebahu says:

      What he says is this government has no moral right to involve in these types of collaborations as they created a ghost out of nothing to grab the power. Specially creating a bogus patriotism using US citizens who are even does not want to gave away their US citizenships.

      • 2015 මීහරකා says:

        We don’t have any creative thinking. Just come out with same old vomit. We repeatedly come out with unproven, unprovable allegations, because, we are being well looked after by our NG(on)O masters.

  2. SL says:

    මේවා ඉතින් පැය 10ක් වැඩ කරලා ඉතිරි ටික ගෙදර ඉඳල පැය 16ක් OT ගන්න රාජ්‍ය සේවකයෝ රටකට හරියන්නේ නැහැ

    දුම්රියත් රාජ්‍ය-පුදගලික විදියට දුවන්න ඕනේ. රාජ්‍ය සේවකයා ආයතනයේ ලාභය තමුන් ගන්න පගාවෙන් නැතිකරලා දානවා.

    ඉස්සර පිටකොටුවේ ටෙලිකොම් එක වටේ යනකොට අති බහුතරයක් කම්කරු සේවකයින් බූරු ගහනව දැක ඇත්තෙමි , CGR එකේ උන් ලක්ෂ ගණන් OT ගන්න හැටි දැක ඇත්තෙමි.

    ලංකාවට ගලපෙන්නෙම පුදලික -රාජ්‍ය සුසංයෝගයක් නමුත් චීනට ,ඉන්දියාවට දීම ජපානෙට සම කිරීමට දැඟලීම විහිළුවකි.

    හොඳම උදාහරණ හම්බන්තොට වරාය ,ඉන්දියාවට දුන්නු තෙල් ටැංකි ටික………………

  3. 😂😂😂😂😂 says:

    සමනලයෝ ලස්සනට කොලය උඩ ඉඳලා තටු ගැහුවට…
    දාන බිජුව අලවන්නේ ගහේ කොලේ යටලු බං..!
    😂😂😂😂😂

  4. UNP GAL IBBA says:

    සිංහලයාට කෙලවෙනවනම් ඊට වැඩිය පොන්නයන්ට සතුට්ක් ඇතිද​????????????

  5. Appuwa says:

    What to do now……? Pohottu undressed….!!

  6. අවුල තියෙන්නේ අවුරුදු 99 යට බදු දුන්නත්, 49% කොටස් දුන්නත් නය අඩුවෙනවා වෙනුවට නය වැඩිවන එකනේ. හැබැයි අපේ උන් කලත් පට්ට අවුල්. මග හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී වගේ තමයි.

  7. SKF says:

    හම්බන්තොට වරාය චීනට විකුණනකොට කිවුවේ, විකුණලා ගන්න සල්ලි වලින් ණය ගෙවනවා කියලා.
    අන්තිමේ ණය ගෙවුවෙත් නෑ, විකුණලා ගත්ත සල්ලි වලට වෙච්ච දෙයකුත් නෑ.

    කොලබ වරායටත් ඒකම කරන්න ඩීල් පප්පලා ටික ගිවිසුම් ගහල තිබ්බේ.
    වාසනාවටගනුදෙනුව අවසන් කරන්න කලින් යහපාලන පාණ්ඩුව පෙරලුනා.

  8. B4 UNP now Gota says:

    Great Article. Welcome සර්

  9. Sun says:

    He is too old to see things well . He cannot predict things as his brain is gone. So he is just a puppet my dear friends.

  10. King says:

    LTL හොර නඩය හොරෙන් ම විදූලි බල මණ්ඩලයේ කෑල්ලක් ගලවාගෙන
    ලංකා විදුලිබල මණ්ඩලයට අනුබද්ධ ආයතනයක් වන Lanka Transformers හී යු. දී. ජයවර්ධන , මරික්කාර් , පිටිගල ඇතුළු පාලකයන් විදුලි බල මණ්ඩලයේ DGM වරයෙකුට අවුරුදු සියයකින්වත් උපයා ගත නොහැකි අති විශාල ධනස්කන්ධයක් උපයා ගෙන තිබෙනවා. විදුලි බල මණ්ඩලයේ ගණකාධිකාරිවරුන් , ස්බපතිවරුන් , ලේකම් වරුන් ඇමතිවරුන් මෙම වංචා දුෂණ හමුවේ නිහඬව සිටි අන්දම පුදුමයකි .

Main News