‘නැගිටිනු දමිලයිනි’ – පොංගු තමිල් වෙන නමකින් යාපනයේ සමරන්න සූදානම්..

September 19, 2016 at 7:05 am | lanka C news
‘නැගිටිනු දමිලයිනි’ – පොංගු තමිල් වෙන නමකින් යාපනයේ සමරන්න සූදානම්..

කොටි සංවිධානය සංවිධානය සක‍්‍රීයව පැවති කාලයේ මහ ඉහලින් උතුරේ පැවැත්වූ ‘පොංගු තමිල්’ සැමරුම් උත්සවය එන 24 වැනිදා වෙනත් නමකින් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇතැයි උතුරේ ආරංචි මාර්ග කියයි.

පොංගු තමිල් යනු ‘දෙමළ පිබිදිම’ වන අතර මෙවර උත්සවය පවත්වන්නේ අවදිවනු දමිලයනි තේරැුම එන ‘එලූහ තමිලා’ නමිනි.

ගජෙන්ද්‍ර කුමාර් පොන්නම්බලන්ගේ පක්ෂය විසින් මෙම උලෙල සංවිධානය කරනු ඇති බවද වාර්තා වෙයි.

319 views
Main News