නැගෙනහිරින් උතුරට එන පෙලපාලියට එරෙහිව යාපනයේ විරෝධතා පෙලපාලියක්….

February 6, 2021 at 2:16 am | lanka C news
නැගෙනහිරින් උතුරට එන පෙලපාලියට එරෙහිව යාපනයේ විරෝධතා පෙලපාලියක්….

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් නැගෙනහිර පලාතේ සිට ආරම්භ කොට ඇති විරෝධතා පා ගමනට විරෝධය පලකරමින් යාපනයේ විරෝධතා පාගමනක් (04) සවස සංවිධානය කොට තිබුණි.

යාපනය බස් නැවතුම්පල අසලින් ආරම්භ වූ මෙම පාගමන යාපනය පුස්තාලය දක්වා ගමන් කිරීම සිදු වූ අතර යාපනයේ ශ්‍රීලංකා නිදහස්පක්ෂ ක්‍රියාකාරීන් ඇතුලු සිවිල් සංවිධාන කිහිපයක් විසින් මෙම විරෝධතා පාගමන සංවිධාන කොට තිබුණි.

එහිදී විරෝධතාවයේ නිරත වූවන් වැඩිදුරටත් කියා සිටියේ,

‘ අම්පාර පොතුවිල් ප්‍රදේශයෙන් පසුගිය 03 වනදා ආරම්භ කොට ඇති රාජ්‍ය විරෝධී පාගමන කිසිදු සාධාරණත්වයක් නොමැති සම්පූරණයෙන්ම දෙමළ දේශපාලනික පක්ෂ වෙනුවෙන් පමණක් සිදු කෙරෙන ජනතාව මුලාවේ දමන පාගමනක් බවටය.

ඇමරිකාවේද යුද්දය හේතුවෙන් මානව හිමිකම් කඩවී ඇති  අවස්ථාවක ශ්‍රීලංකාවේ යුද අපරාධ සිදු වේයැයි පවසමින් අසරණ ජනතාව බිල්ලට තබා කොටි හිතවාදී දෙමළ ඩයස් ෆෝරාව, දේශපාලන පක්ෂ විසින් වෙනත් අරමුණු සඳහා මෙලෙස විරෝධතා පා ගමන් සිදු කිරීම රටටම සිදු කෙරෙන අගෞරවයක් ලෙසටය.

තවද අතුරුදහන් වූවන්ට විසඳුම් ලබාදීම පුරාවිද්‍යා උරුමයන් යැයි පවසමින් දෙමළ ජනතාවගේ ඉඩම් කොල්ලකැම වැනි පාඨයන් පවසා දෙමළ ජනතාව හා අනෙකුත් ජාතීන් අතර ගැටීමක් ඇති කිරීමේ උත්සහයක්ද මෙම පාගමනෙන් සිදුවන අතරම අධිකරණ නියෝගයන්ද කඩ කරමින් 06 වනදින යාපනය දිස්ත්‍රීක්කයට ලඟා වීමට නියමිතව ඇති රථ පෙලපාලිය සහ පා ගමන සඳහා යාපනය ජනතාව පමණක් නොව උතුරු නැගෙනහිර ජනතාවම හෙලාදැක ඇති බවට විරෝධතාකරුවන් වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

19,207 views

4 Comments to “නැගෙනහිරින් උතුරට එන පෙලපාලියට එරෙහිව යාපනයේ විරෝධතා පෙලපාලියක්….”

  1. MD says:

    නැගෙනහිර සිට පැමිණෙන පෙළපාලිය වීඩියෝ ගතකරගන්න.ඔතන ඉන්නේ ඍජුවම දමිළඩයස්පෝරාවට සම්බන්ධ ත්‍රස්තවාදීන්ට සම්බන්ධ මහවිරු පවුල්වලට සම්බන්ධ අයවිය හැකිය.ඉදිරියේදී ඵම දර්ශණ අවශ්‍ය වියහැකිය.

  2. පබිලිස් says:

    ඉන්දීයවෙ වෙඩ තමා. නෙගෙන හිර ජෙටිය දෙනකම් දෙමළ දේසපාලකයින් සල්ලි දීල කුලප්පු කරනව.

    • මාක්ස්වාදී ජෙප්පා says:

      මාක්ස්වාදීන් නැගෙනහිර ජැටිය බේරගන්න උද්ඝෝෂණය කලා.
      රජය අපහසුතාවට පත්වුනා.
      රජය ඉන්දියාව පැත්ත ගත්තනම් ඊලග චන්දෙ දිනන්න චන්ද මදිවෙනවා.
      දැන් ඉන්දියාව තරහවෙලා ලෙඩ දානවා.
      මේක මාක්ස්වාදී උගුලක්

      • ප්‍රියන්ත දිසානායක - අනුරාධපුරය says:

        ඉතිං මෝඩ වහලො, ජේවීපී එකටම බනින උඹට තේරෙන්නෙ නැද්ද ආණ්ඩුව සේරම තීරණ ගන්නෙ තමන්ට බලයේ ඉදගෙන හොරකම් කරන්න අවශ්‍යය පරිසරය හදාගෙන කියලා.

Main News