නැගෙනහිර උරුමය රකින්නට වෙනම බලකායක්..- මහා සගරුවන කැදවා ජනපති පොරොන්දු වෙයි..

May 23, 2020 at 6:23 am | lanka C news
නැගෙනහිර උරුමය රකින්නට වෙනම බලකායක්..- මහා සගරුවන කැදවා ජනපති පොරොන්දු වෙයි..

නැගෙනහිර පළාතේ පුරාවස්තු විධිමත්ව සමීක්ෂණය කොට ආරක්ෂා කිරීමට ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක් පත්කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

පුරාවස්තු විනාශය පිළිබඳව විවිධ පාර්ශ්වයන් කරුණු ඉදිරිපත් කර තිබේ. මේ සියල්ල සැලකිල්ලට ගෙන ඓතිහාසික ස්ථාන කේන්ද්‍රකර ගනිමින් ඒවා ආරක්ෂා කර ගැනීමේ පුළුල් වැඩපිළිවෙළක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ද සහයෙන් ක්‍රියාවට නංවන බව ජනාධිපතිතුමා සඳහන් කරයි.

සෑම මසකම තුන්වැනි සිකුරාදා රැස්වන බෞද්ධ උපදේශක සභාව දෙවන වරට 22 පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී හමු වූ අතර එහිදී මහා සංඝරත්නය අමතා ජනාධිපතිතුමා මේ බව පැවසීය.

බුදු දහමට සහ ත්‍රිපිටකයට පටහැනි ඇතැම් භික්ෂු ක්‍රියාකාරකම් නිසා ශාසන කතිකාවතක අවශ්‍යතාව පිළිබඳව මහා සංඝරත්නය දීර්ඝ වශයෙන් ජනාධිපතිතුමා දැනුවත් කළහ. ඒ ගැන ගත යුතු ක්‍රියාමාර්ග සහ යෝජනා ඉදිරිපත් කළහොත් තම ධූර කාලයේ දී ඊට අවශ්‍ය පිළියම් යෙදිය හැකි බව ජනාධිපතිතුමා කීය.

ලොව සියලු රටවල් කොවිඩ් 19 අභියස දරුණු ලෙස ඇද වැටෙමින් ඇති අවස්ථාවක රටේ සමස්ත ජනතාව රැක ගනිමින් ජනාධිපතිතුමා ඉටු කරන මෙහෙවර මහා සංඝරත්නයේ ප්‍රශංසාවට ලක් විය. මහා සංඝරත්නය දැනුවත් කළ ජනාධිපතිතුමා අප්‍රේල් මස 30 වැනිදාට පසු සමාජය තුළින් කිසිදු කොවිඩ් ආසාධිතයෙකු හමු නොවීම සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක් බව පෙන්වා දුන්නේය.

විදේශ රටවලින් පැමිණෙන පිරිස් නිරෝධායනයට ලක්කර සිටිති. ඔවුන් අතුරින් ඩුබායි සහ කුවේට් සිට පැමිණි කිහිප දෙනෙක් කොවිඩ් ආසාධනයට ලක්ව සිටියහ. මෙරටට එන පිරිස් සම්බන්ධයෙන් සෞඛ්‍ය උපදෙස්වලට අනුව ආරක්ෂිත වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

පිරිවෙන් සහ පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින තත්වය බෞද්ධ උපදේශක සභාවේ දීර්ඝ සාකච්ඡාවට ලක් විය. සාහිත්‍යය සහ ඉතිහාසය විෂයන් අධ්‍යාපන ධාරාවෙන් ඉවත් කිරිමට ඇතැම් වකවානුවල පියවර ගත් බව මහා සංඝරත්නය පෙන්වා දුන්හ. තම ප්‍රතිපත්ති ප්‍රකාශයේ මූලිකත්වය සහ ප්‍රමුඛත්වය අධ්‍යාපනයට දී ඇති බව කී ජනාධිපතිතුමා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමේ මූලික වැඩ දැනටමත් අරඹා ඇති බව සඳහන් කළේය.

රට පුරා පැතිර ඇති මත්ද්‍රව්‍ය උවදුර මර්දනයට පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාව මහා සංඝරත්නය අවධාරණය කළහ. ඊට රජයට මෙන්ම මහා සංඝරත්නයටද විශාල වගකීමක් ඇති බව උන්වහන්සේ පැවසූහ.

පසුගිය කෙටි කාලය තුළ රට තුළට ගෙන ආ මත්ද්‍රව්‍ය අතිවිශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ජනාධිපතිතුමා කීය. පවතින තත්ත්වය උපරිමයෙන් පාලනය කර මත් උවදුර තුරන් කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බව ද රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේය.

ජාතික ආරක්ෂාව ගැන තමා සතු වගකීම උපරිමයෙන් ඉටුකරන බවත් ඒ සඳහා දක්ෂ සහ හැකියාව සහිත නිලධාරීන් පත්කර ඇති බවත්, ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. බුද්ධි අංශ ශක්තිමත් කර පූර්ණ බලතල ලබාදී තිබේ. සියලු අන්තවාදී හා ත්‍රස්තවාදී කණ්ඩායම් විමර්ශනය කිරීමට ආරක්ෂක අංශ වෙත උපදෙස් දී ඇති බව ද ජනාධිපතිතුමා පැවසීය.

රණවිරු සැමරුම් උළෙලේදී ජනාධිපතිතුමා කළ කථාවට උපහාර දැක්වීමට ශබ්ද කෝෂයේ වචන නැතැයි සඳහන් කළ මහා සංඝරත්නය ජනාධිපතිතුමාට ඒ පිළිබඳව ආශිර්වාදය පළ කළහ.

ව්‍යාකූල වූ සමාජය ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමට මහා සංඝරත්නය සතුව විශාල වගකීමක් පවතින බව උන්වහන්සේ අවධාරණය කළහ. භික්ෂූන් වහන්සේ සහ දේශපාලනඥයන් අතර ගැටුම් අවුළුවන මාධ්‍ය හැසිරීම මහා සංඝරත්නයේ විවේචනයට ලක් විය.

ලොව සියලු රටවල් කොවිඩ් පරාජය කිරීමට රජය ගත් පියවර අගයද්දී විපක්ෂය ඉතා කුහක ලෙස සියලු කටයුතු හෙළා දැකීම පිළිකුල් සහගත බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.

කොවිඩ් වසංගතයෙන් ව්‍යාකූලත්වයට පත් සමාජය ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමේ දී මහා සංඝරත්නය සතුව විශාල වගකීමක් ඇති අතර, ඒ සඳහා භික්ෂුන් වහන්සේගෙන් සැදුම් ලත් කමිටුවක් ඉදිරියේ දී පත් කර නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව උන්වහන්සේ අවධාරණය කළහ.

මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි, අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි, මල්වතු විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය පහමුණේ සුමංගල, මල්වතු විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද, රුවන්වැලි මහා සෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන, අමරපුර ධර්මරක්ෂිත පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිරිකුණාමලයේ ආනන්ද, දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මැටරඹ හේමරතන, සබරගමුව විශ්ව විද්‍යාලයේ කුලපති මහාචර්ය කුඹුරුගමුවේ වජිර යන හිමිපාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය මේ අවස්ථාවට වැඩම කර සිටියහ. ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා ද සාකච්ඡාවට එක් විය.

– ජනාධිපති මාධ්‍ය අංශය

205 views

45 Comments to “නැගෙනහිර උරුමය රකින්නට වෙනම බලකායක්..- මහා සගරුවන කැදවා ජනපති පොරොන්දු වෙයි..”

  1. lal milano says:

    Athi Vishistai JANAPATHI Thumani. JAYAWEWA!

    • catseye says:

      menna thawath gon athal karayek……chande gannakal owa ohoma thama …sangayo enawa madya sandarshana thiyanawa……umbala gihin athal pita kathire gahanawa ……passe thambinta idam denawa……moda bayisan….

      • ටොයිය says:

        Catseye බලපන් අතගාල උබේ බෝල දෙක තියේද කියල.තම්බි උබල වගේ උන්ට හෙන ආසයි

      • නිවහල් නිදහස් ජෙපි වහලා says:

        අම්මප ඇත්ත.

        මේ පුරා විද්‍යා ස්ථාන රැක ගන්න ඔනෙ නං බයියො ගිහින් චන්දෙ දෙන්න ඔනෙ පුංචි අම්මගෙ වාහෙගෙ (වි)ජාතික ජඩ බලවේගෙට හරි බෝන් අගේන් සජියගෙ (අ)සමගි
        ජඩ බලවේගෙට හරි එහෙමත් නැතිනම් සමනල රනියගෙ එක්සත් (වි)ජාතික පක්ෂෙට.

        බයියන්ට කොහෙද එහෙම මොලයක්.

  2. Sambo says:

    Why is it that some monks all the while requests the president and government to protect ” BUDHISM “. Is this a thing that can be stolen by someone or does it come from ones heart with belief.

  3. Crazy says:

    Protecting archeological sites is very important.

    But, be extremely careful when trying to iron out differences in different interpretations of Tripitaka. Cannot impose limitation on the wisdom and understanding of different monks.

    • Jambo says:

      It is not only stolen, but also encroaching slowly and vandalizing the places of historic and religious importance ,which should be protected as cultural heritages of the
      civilization of the Nation ( as have safeguarded in other countries) ,which have existed for more than 2000 years. If the religion lies only in
      the heart of the people, ask all the rulers to let their such religious heritages world over to be neglected and be destroyed.

  4. 77 UNP 🐘 🐘 says:

    එක්සත් ජාතික පක්ෂයට ජය වේවා..! 🐘🐘
    සමගි ජන බලවේගයට ජයෙන් ජය වේවා..! 💪🏼💪🏼

    පිට රට කෑම ගෙනත් කන්න පුළුවන් ලු, අරාබියෙන් තෙල් ගෙනත් වාහන දුවන්න හොඳයිලු, අරාබියේ රස්සාවල් කරලා ඒ සල්ලි මෙහෙ ගෙනත් වියදම් කරන්න හොඳයිලු, වැඩිම තේ අපනයනය කරන්නේ මදපෙරදිගටලු, ඔක්කොම කියලා අන්තිමට කියනවා මුස්ලිම් මිනිස්සුන්ට මේකේ ඉන්න බැහැලු . සිංහල විතරක් හිටියම ඔක්කොම ප්‍රශ්න විසදෙනවලු.
    මේ රටේ හැම කෙනෙකුටම නිවහල්ව නිදහස්ව ප්‍රජාතන්ත්‍රවාදිව ජිවත් වෙන්න පුළුවන් පාලනයක් ඇති කලේ එකසත් ජාතික පක්ෂය පමණයි. සියලුම ජාතිවාදී, ආගම් වාදී ගැටුම් ආරම්බ වෙලා තියෙන්න එක්කෝ නිදහස් පක්ෂේ හරි එකේ සන්ධාන ගත පක්ෂ රට පාලනය කල කාලය තුල. ආගමික සහ ජාතික ප්‍රශ්න විසදන්න අපේ නායකයා තුල තියන දැකම වෙන කිසිම කෙනෙකුට නැහැ. එකයි අපි හැමදාම 🐘 UNP 🐘 එක ආරක්ෂා කරන්නේ. බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නෙත් නැහැ බල්ලෝ උඩ යන්නෙත් නැහැ.
    අපි සදා UNP 💚💚💚

    • පුතාණෝ says:

      අම්මප ඇත්ත ඔියි.

      අල්ලපු ගෙදර එකාගෙ කෙම්පැණියෙ රස්සාව කරන්න හොදයි. උගේ බිස්නස් එකට අමුදුව්‍ය විකුණන්න හොදයි. හැබැයි ඌ ගෙට පැනල ගෑණිට කෙලින එක නරකයි. අම්මප මෙහෙමත් මෝඩ බයියො ජාතියක්.

      එි වගේ පටු විදියට නොහිතන යුඑන්පී නායකත්වයකට රටේ බලය දෙන්න සැවොම රෙදි නැතිව ලක ලෑස්ති වෙන්න.

  5. Rohana says:

    well done sir !

    • The people says:

      The majority people have never asked the minorities, not live or do
      their businesses in any part of the country ,where the majority race is predominantly live. What they have got hurt is to see that their places of historic and religious important ,which have to be protected to the next generations are being vandalised
      either by racialist separatists or religious extremists.Just as other countries do,it is obligatory to protect
      such cultural heritages of the nation. If some U.N.Pers cannot see this
      situation as it is and try to interpret wrongly ,that itself would make the people to think several times ,before voting to them.

    • The people says:

      The majority people have never asked the minorities, not live or do
      their businesses in any part of the country ,where the majority race predominantly live. What they have got hurt is to see that their places of historic and religious important ,which have to be protected to the next generations are being vandalised
      either by racialist separatists or religious extremists.Just as other countries do,it is obligatory to protect
      such cultural heritages of the nation. If some U.N.Pers cannot see this
      situation as it is and try to interpret wrongly ,that itself would make the people to think several times ,before voting to them.

  6. සමනා says:

    බුදු දහම මේ රටේ අන්තිම තැන තිබ්බා කියලා හිතමු අනෙක් ආගම්කාරයෝ තමන්ගේ ආගම මුල් තැනට ගන්න කා කොටා වැටෙන්නේ නැති ද?

  7. sumith says:

    Patriotic action of the President

  8. Saji says:

    Sabhapathi Hitan Thumagen Upades Gththe nadda ?

Main News