නැගෙනහිර ජැටියෙන් 49%ක් ඉන්දියාවට හා ජපානයට දෙන්න තීරණය කලා.. නැතොත් ඉන්දියාව ප‍්‍රතිඅපනයන නවත්වයි..

January 28, 2021 at 10:40 am | lanka C news
නැගෙනහිර ජැටියෙන් 49%ක් ඉන්දියාවට හා ජපානයට දෙන්න තීරණය කලා.. නැතොත් ඉන්දියාව ප‍්‍රතිඅපනයන නවත්වයි..

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කොටස් වලින් 49%ක් ඉන්දියාවට සහ ජපානයට දෙන බව බවත් එම ආයෝජන එම ආණ්ඩු විසින් දෙනු ලබන්නේ කාටද යන්න තමන් නොදන්නා බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

එම රටවලට ඒ සඳහා බලපෑමක් කිරීමට ද ශ්‍රී ලංකා රජයට හැකියාවක් නැති බවත් ඔහු පැවසීය.

දැනට තීරණය වී ඇත්තේ ශ්‍රී ලංකාවට 51% කොටස් තබාගෙන ඉන්දියාවට හා ජපානයට අනෙක් 49% කොටස් ලබා දීමට යැයි ද ඔහු පවසයි.

මෙම 49%ක කොටස් දේශීය ආයෝජකයෙකුට නොදුන්නේ මන්දැයි බොහෝ පිරිස් විමසන බවද කී ඇමතිවරයා දැනටමත් එම පර්යන්තයට සිදුවන ප්‍රතිඅපනයන වලින් බහුතර ප්‍රමාණයක් ඉන්දියාව සමඟ සිදුවන බැවින් ඉන්දියාව ඊට මැදිහත් කර ගත යුතුම යැයි ද ඔහු කියා සිටියේය.

ප‍්‍රතිඅපනයනය කටයුතු එක දිනකින් නවත්වාලීමට ඉන්දියාවට ඇති හැකියාව අමතක කළ යුතු නැති බවද ඔහු සඳහන් කළේය.

ඒ මහතා මේ බව සඳහන් කළේය කොලඹදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය හමුවකදීය.

වරායේ කොටස් ලබාදීම ව්‍යාපාරික කටයුත්තක් බවත් එම කටයුත්ත සාකච්ඡාවලින් එක තැනකට පැමිණීමෙන් වඩාත් සාර්ථක වනු ඇති බවද හෙතෙම තවදුරටත් සඳහන් කළේය.

30,466 views

42 Comments to “නැගෙනහිර ජැටියෙන් 49%ක් ඉන්දියාවට හා ජපානයට දෙන්න තීරණය කලා.. නැතොත් ඉන්දියාව ප‍්‍රතිඅපනයන නවත්වයි..”

  1. Darshana abayakoon says:

    ඒ සෙල්ලම් දම්මෙ ඉස්සර මහත්තයො දැන් අපිට ඉන්නව කොන්ද පන තියෙන නායකයෙක්. 2/3 ක බලයක් එක්ක තනි සින්හල ආන්ඩුවක්. දැන් ජාන්දිපති පුටින් මිසක් හිටන් නෙවෙයි කියල මතක් කර ගත්තොත් හොදයි.

  2. sri says:

    den oka viyaparika ganudenuwak nemei ne ??. balen genillak ne. 🤬🤬🤬🤬🤬🤬🤬

  3. Maha sinhale says:

    අන්තිමට උනුත් එකයි මුනුත් එකයි. අපේ රටේ රජවරු 182ක් ඉදලත් රටෙන් බිම් අගලක්වත් පිටරැටියන්ට විකුණුවේ නැහැ ලැජ්ජයි,

  4. Sinhalaya says:

    I casted my last vote in S L in last gen election

  5. N.Wimaladasa says:

    We want you to learn Politics of Economy by Indian and USA deal of which that domination of Indian Ocean regional politics by hegemony of strategy Asia Pacific region.
    We are not opposed foreign investment in any sphere of development of Economy in an Island Republic. When that eastern Terminal of Colombo Port is concern that we are having sufficient Funding in hand of Colombo Port . Why should that we gives Indian companies ?

  6. N.Wimaladasa says:

    Global Supply Chain(GSC) is important ,but ours location is unique of Colombo Port in South Asian country.They can skipped our port but it cost and time consumer are higher rather than other locations of Ports in South of Indian country.

  7. sri says:

    Etin nawattanna kiyannakoo, apita vitarada padu. ehema nawattala eyala kohe genihinda eyalage shipment karanne ??. muhude tiyan patawannada??. den ohka tarjanaya kireemak nemeida??.

  8. gost_SL says:

    ඉන්දියා ව උඩ බලන් කෙල ගහන්නෙ නෑ කවදාවත් . ඉන්දියා ව ප්‍රතිඅපනයන නැවැත්තුවොත් ඒකෙන් පාඩුව වෙන්න ඉන්දියාව ටම මිසක් අපිට නෙව්යි .. ගොබ්බ මහබැ0කු සභාපති කාරයා ගෙ පච..

Main News