නැගෙනහිර ජැටිය අහිමි වීමෙන් පසු ‘රෝ’ මෙහෙයුම් ශ්‍රී ලංකාව තුල තීව‍්‍ර කෙරේ..

February 7, 2021 at 12:03 am | lanka C news

කොළඹ වරාය නැගෙනහිර ජැටියේ පාලනය මුළුමනින්ම වරාය අධිකාරියට ලබා දීම නිසා “ඉන්දීය රෝ බුද්ධි සේවය” ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දියත් කර ඇති මෙහෙයුම වැඩි කර ඇතැයි බුද්ධි අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මතු වී ඇති අර්බුදය නිසා ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපති කැබිනට් බළතල සහිත තානාපතිවරයකු ලෙස පිළිගැනීම ඉන්දීය රජය ප්‍රතික්ෂේප කර ඇත.

මෙම අර්බුදය නිසා ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීරණයේ ඇති ඉන්දියන් ඔයිල් සමාගමට පවරා ඇති තෙල් ටැංකි දෙකක ඉන්ධන ගබඩා කිරීම සඳහා ශ්‍රී ලංකාවට ලබා දෙන ලෙස කළ ඉල්ලීමට ද ඉන්දීය රජය මෙතෙක් ප්‍රතිචාර දක්වා නැත.

මේ අතර මාර්තු මස ඉදිරිපත් වන ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා මානව හිමිකම් යෝජනාවේ දී ඉන්දියාව කුමන තීරණයක් ගන්නේ දැයි පිළිබඳව මෙතෙක් ශ්‍රී ලංකාවට දන්වා නැතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

බුද්ධි අංශ ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේ මෙරට සිටින ඉන්දීය ඔත්තු කරුවන්ගේ සහයෝගයෙන් ඉන්දීය රෝ ඔත්තු සේවාවන් රජයේ කටයුතු විමර්ශනය කරන බවයි.

(ඉරිදා දිවයින ඇසුරිනි)

34,523 views

21 Comments to “නැගෙනහිර ජැටිය අහිමි වීමෙන් පසු ‘රෝ’ මෙහෙයුම් ශ්‍රී ලංකාව තුල තීව‍්‍ර කෙරේ..”

  1. නිරීක්ෂකයා says:

    ඉස්සෙල්ලා ජාතික ආර්තික සැලැස්මක් රටකට තියෙන්න ඕනේ. ජේ.ආර් ගේ හූ ඇන්පී එක විසින් රටේ ජීවන ක්‍රමය ජාතික සුරක්ෂාව උඩු යටිකුරු කළා. මහජනතාව වන උඹලා උගේ ඇට කන්න ආසාවේ 2/3ට වැඩි බලයක් ඌට දුන්නා. ඉන් අවුරුදු 10කට පස්සේ උඹලාගේ දූ පුතන් බුරුතු පිටින් 100,000ක් පැහරගෙන ගොස් ටයර් දාලා පුච්චලා මැරුවා. උඹලාට කොරන්න පුලුවන් කෙන් ගෙඩියක් තිබුණේ නැහැ. ඊට අවුරුදු 30කට පස්සේ තොපි, සිංහල ජාතිය සමූහ ඝාතනය කළ එකාගේ පුතාව රටේ විපක්ෂ නායක කළා. උඹ්ගේලා වගේ කාළකන්ණි ජාතියක් අර සෝම හාමුදුරුවන්ගේම වචන වලින් කිව්වොත්.

  2. ජේ.J says:

    ඉතිහාසයේ කිසිදාක ඉන්දියාව අපට මිත්‍රත්වයේ හස්තය දිගුකර නැත. අපට උදව් කරනා බව පෙන්වා යටි අරමුණු රැසක් තබාගෙන කටයුතු කරයි…. කෙටි කාලීන වාසි නොතකා දිගුකාලීන ව හිතා කටයුතු කල යුතුය…. ඉන්දියන් භාණ්ඩ හැකි පමණ වර්ජනය කිරීමෙන් යම් කිසි බලපෑමක් කල හැක. IOC තෙල් වර්ජනය කල යුතුය….. අපට සැබෑ හිතවත් රටවල් තවතවත් ලංකරගතයුතුයි. ත්‍රී වීලර්, මෝටර් සයිකල්, වාහන මෙකී නොකී සෑම දේකටම ලංකාව තුල හොඳ වෙළඳ පලක් ඉන්දියාව සතුය….හැකි තරම් එවා ආනයනය සීමා කරයුතුය. අප අපිට අවැසි දේ හැකි අයුරින් නිපදවා ගතයුතුය…. ලංකාවේ ඇති සම්පත් නිසිලෙස ලක්වැසියන් පල ප්‍රයෝජනයට ගතහොත් ඉක්මනින් ලංකාව දියනුවන එක වලක්වන්න බැරි බව ඉන්දියාව හොඳින් දන්නා නිසා අපට කවදාවත් දියුණු වීමට ඉන්දියාව ඉඩ දෙන්නේ නැත…. රටකරවන කුමන දේශපාලකයෙක් වුවද මේ සත්‍ය තේරුම් ගත යුතය…. අධෝ වාතයක් පිට වුනත් ඉන්දියාවෙන් උපදෙස්, උදව් ගැනීම නතරකළ යුතුය…… අද රටවල් යටත් විජිතයන් කරගන්නේ යුද්ධයෙන් නොව උපායමාර්ගිකව එම රටවල ආර්ථිකයට බලපෑම් කොට දේශපාලනික අස්ථාවර භාවයට පත් කරමින් බව දැනගතයුතුය…. එය අවබෝද කරගැනීමට රටේ පාලකයන්ට මොලේ තිබිය යුතුය, ස්මාට් විය යුතුය….

    • බ්ල්ලා says:

      ඉන්දියන් භාන්ඩ මිලදී ගැනීම වර්ජනය කිරීම ආන්ඩුවේ වැඩක් නොවේ. එය දේශප්‍රේමි ජනතාවගේ කාර්‍යක්. පහසුවෙන් අදම කරන්න පුලුවන් දෙයක් තමයි IOC තෙල් වර්ජනය. මේරට ඉන්දියාව ඉදිරියේ දණින් වට්ටපු කාලකන්නියා තමයි රනිල් වික්‍රමසිංහ. ඒ RAW ඒජන්තයට චන්දෙ නොදුන් UNP කාරයන්ට ස්තුතියි.

  3. ගමේ වෙදා says:

    මෙම ඔත්තුකරුවන් දුටු තැන අඬු කඩනු

  4. සමන්ත says:

    කොහොමත් ඉන්දියාව ශ්‍රි ලංකාවට පක්ෂව ඡන්දය ලබා දී නැත. චීනය සහ රුසියාව හැම විටම නිෂේද බලය භාවිතා කර ලංකාවට විරුද්ධ පනත් වලට විරුද්ධ විය. ඉන්දියාව යනු ලංකාවේ පරම හතුරෙක් මිතුරු වෙසින් ඉන්න.

    • බ්ල්ලා says:

      ඉන්දියාව කලාපයේ රටවල සාරය උරාබොන ලේ මාපිලෙක්.

  5. කුඹුක්කණ් says:

    මේ නිවුස් එක දාලා තියෙන්නෙ, ඉන්දියාවෙන් ලංකාවට කරන්න පුලුවන් වෙයි කියලා හිතන උපාය මාර්ගික කෙනෙහිලි කම් මතක් කරන්න වගේ

  6. B. Anthony says:

    එතකොට අපේ පස්සේ පන්නන අපේ කෙට් එක රෝ අතකොළුවොද? අපේ රටේ ඔත්තු බළන්න කුමන්ත්‍රණ කරන්න උන්ට ඉඩ දෙන්නෙ ඇයි? අපේ උන්ට අල්ලන්න පුළුවන් සිප්පි කටු හක් බෙල්ලෝ ඇම්බර් වගේ අහිංසකයෙක් අමාරුවෙන් ගොඩ ගත්තු දෙයක් විතර?. අනේ අනිච්චං!

  7. Gajaba says:

    Pulasthiniwa thiyagena Bayyanwa Blackmail karanawa wage ? Owwa koheda saar ekka ?

Main News