නැගෙනහිර ජැටිය ඉන්දියාවට දුන් ප‍්‍රබලයෙකු වරාය ලොක්කන්ට තරු හෝටලයක සාදයක්.. වරාය රහස් විදේශ රටවලට..

July 5, 2020 at 3:22 am | lanka C news
නැගෙනහිර ජැටිය ඉන්දියාවට දුන් ප‍්‍රබලයෙකු වරාය ලොක්කන්ට තරු හෝටලයක සාදයක්.. වරාය රහස් විදේශ රටවලට..

වරායේ නැගෙනහිර ජැටිය හොර ගිවිසුමක් ගසා ඉන්දියාවට හා ජපානයට ලියාදුන් හිටපු ප‍්‍රබලයෙකු කොලඹ තරු පහේ හෝටලයක තවත් වරායේ හිටපු නිලධාරීන් හා වර්තමාන සේවයේ නියුතු නිලධාරීන් පිරීසකට සාදයක් පවත්වා ඇත.

නැගෙනහිර පර්‍යන්තයේ ගැටලුව නිර්මාණය වීමට බලපෑ ප්‍රධාන හේතුව නැගෙනහිර ජැටිය ඉන්දියාවට හා ජපානයට ලබා දීමට කටයුතු කර තිබීමය.

වරායේ වැඩ වර්ජනයක් නැගෙනහිර ජැටිය මුල් කරගනිමින් පැවැත්වෙද්දී ඉහත සදහන් නිලධාරීන් හදිසියේම හමු වුණේ ඇයිද යන්න පිලිබදව විවිධ මත පැතිර යමින් පවතී.

වරායේ JCT පර්‍යන්තයේ සවිකිරීමට ගෙන ආ දොඹකර නැගෙනහිර පර්‍යන්තයට සවිකරන ලෙස ඉල්ලා වෘත්තීය සමිති පොලබවාගෙන රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් නිර්මාණය කිරීම පසුපස සිටින්නේ කවුද යන්න පිලිබදව මේ වනවිටත් විමර්ශනයන් ඉහල මට්ටමින් සිදු කරන බව මාධ්‍ය වාර්තා සදහන් කරයි.

නැගෙනහිර පර්‍යන්තය විකණා දමන්නේ නැතිබවට ජනාධිපති හා අගමැති තරයේම කියා සිටියදීත් වරාය වෘත්තීය සමිති කල වර්ජනය පිලිබදව දැඩි සැකයක් මතුවී ඇතැයි එම වාර්තා වැඩි දුරටත් පවසයි.

පසු ගිය කාලයේදී වරායෙන් ඉවත් කල නිලධාරීන් කිහිප දෙනෙක් හා වර්තමානයේ එහි සේවය කරන නිලධාරීන් කිහිප දෙනෙකුත් වරාය වාර්තා පිටතට හා වෙනත් විදෙස් පාර්ශවයන්ට ලබා දී ඇති බවටත් තොරතුරු ලැබී ඇත.

ඒ පිලිබදවද විමර්ශනයක් සිදු කරන බවට ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සදහන් කර සිටියි.

– repoter

52 views

12 Comments to “නැගෙනහිර ජැටිය ඉන්දියාවට දුන් ප‍්‍රබලයෙකු වරාය ලොක්කන්ට තරු හෝටලයක සාදයක්.. වරාය රහස් විදේශ රටවලට..”

  1. No to India! says:

    ඉන්දියාවේ සැලසුම අදියර කිපයකින් වැඩි කලබලයක් නොපෙන්වා සූක්ශම ලෙස ශ්‍රී ලංකාව ඉන්දියාවට අයිති කොටසක් කර ගැනීමයි. දැනටමත් තිරිකුනාමලය, සාම්පූර්, පලාලි, නුවර එලිය දිස්ත්‍රික්කය වැනි පැතිවල තමන්ගේ ආධිපත්‍ය පතුරවාගෙන් ඇත.

    ඉන්දියාව දැන් කොළඹ වරායම, මන්නාරම වැනි ප්‍රදේශවල තම සූක්ෂම ලෙස අයිති කරගන්න වෙර දරයි. ඉන්දියාව ලංකාව එකසැරේ ආක්‍රමනය කරන්නේ නැත්තේ ඇමරිකාවට තියන බයට.

    • B. anthony says:

      උඹට පිස්සුද බං. ඉන්දියාව ඇමරිකාවට බයේ ඉන්නෙ කියන්නෙ. ඉන්දියාව චීනයට එරෙහි සටනේ දකුණු ආසියාවේ ඒජන්ත බව පේන්නෙ නැද්ද? කෙළින්ම ඇමරිකාවට අත පොවන්න ගියොත් අවුල් වෙන නිසයි ඉන්දියාවයි ජපානයයි දාලා තියෙන්නෙ.අපේ රටේ රට විකුණන් කන නිවට දේශපාළුවෝ බළයට පත් වෙච්ච මේ වෙළාවේ කොහොම හරි ඒ අරමුණ ඉෂ්ඨ කර ගන්නයි බලන්නෙ. ඇමරිකාව චීනයට එරෙහි සීතල යුද්ධයේදී තමන්ට බැරිනම් තමන්ට හිතවත් රටකට ලංකාව යට වෙලා තියෙනඑකයි කැමැත්ත. කොන්ද නැති පෙන්දන් බළයට පත් කර ගැනීමේ විපාකය වැඩිකල් යන්නට පෙර ජනතාවට තේරේවි. අනික ජනතාවට පාර්ලිමේන්තුවට හොරෙන් රටේ දේපල එක එකාට ඕනෙ විදිහට විකුණන්න පුළුවන්ද? මේ අවුරුදු පහකට බළයට එනවුන්ට අවුරුදු 99කට රටේ දේපල බදු දෙන්න තියෙන බලය මොකක්ද? හිතපන් බං!

      • W A S says:

        ඉන්දියාවේ පාසල් පොත් වල උගන්වන්නේ ලංකාව ඉන්දියාවේ කොටසක් කියලා. බොරු නම් හොයල බලපන්. මම දැනගත්තේ ඉන්දියාවේ කොල්ලෙක්ගෙන්.

        • තැරි දාර බයියා says:

          එකනේ.. අවුරුදු 5කට බලයට එන එවුන් කොහොමද 99 අවුරුදු බද්දට දෙන්නේ. එකපාරම විකුනලා දාන්නේ නැතුව. එකට අපේ ස’. චීනෙට සින්නක්කර වික්කේ හමුදා මුලස්ථානය. නිකම්ම බලයකුත් නැතුව. රැස්පොට් ස’.

          • ඉත්තෑවා says:

            එතකොට බත්තරමුල්ලේ මුලස්ථානය හදන්න සල්ලි දුන්නේ බොලාගේ අප්පොච්චද? පල ජෙප්ප යන්න.

    • වාරයේ සුදා says:

      ගැන්ට්‍රි ඇනවුම් කරේ යහපලනෙන්, ඒවා හයි කරන පීලි හයි කරෙත් යහපාලනෙන්, ඒවා අමතක කරමු. යහපාලනෙට පුළුවන් වුනානම් පොර්ට් සිටියේ චීනෙට සින්නක්කර දීපු ඉඩම බදු ඉඩමක් ලෙස අත්සන් කරපු ගිවිසුමක් වෙනස් කරන්න, තාම කිසිම ගිවිසුමක්වත් නැති නැගෙනහිර ජැටිය ඉන්දියාවට දීමට ඇති ප්‍රශ්නය කුමක් ද ? නිකං මිනිස්සු අන්දන්නේ නැතුව කොන්ද කෙලින් තියාගන ඕක වරයා අධිකාරියට දෙන්න. මුලින්ම ඔය ගැන්ට්‍රි වලින් වැඩ පටන්ගන්න අඩන්නේ නැතුව.

  2. OBSERVERS says:

    The Ü.N.P. governments ,first sold all the state corporations to the private sector including C. T. B. Later they had started selling country ‘s resources including most valuable lands.

  3. ගරසරප says:

    මේවට තමා පුතා බුද්ධි අංශ ඉන්නෙ. සුපුරුදු එව්වා නෙවෙයි මොසාඩ් ස්ටෛල් එකේ ඒවා.

    • ක්‍රිමිනල් says:

      අනේ බන් උබයි මායි දන්න මොසාඩ් ! අර රවී කරුපයියව හොයා ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න බැරිවුන පාණ්ඩුවනේ බන් මේක. 😂😂

  4. Senarathna says:

    This is not true. Trade unions of Colombo harbour are staging a genuine strike. President or prime minister have never said they will cancel the deal that made by the previous government. They say they will try. Non of the current officers involved in an illegal move.

  5. කොන්ද නැති පෙන්දන් බළයට පත් කර ගැනීමේ විපාකය.....!!! says:

    ඉන්දියාවේ සැලසුම අදියර කිපයකින් වැඩි කලබලයක් නොපෙන්වා සූක්ශම ලෙස ශ්‍රී ලංකාව ඉන්දියාවට අයිති කොටසක් කර ගැනීමයි.

    ඉන්දියාව චීනයට එරෙහි සටනේ දකුණු ආසියාවේ ඒජන්ත බව පේන්නෙ නැද්ද?

    කෙළින්ම ඇමරිකාවට අත පොවන්න ගියොත් අවුල් වෙන නිසයි ඉන්දියාවයි ජපානයයි දාලා තියෙන්නෙ.

    අපේ රටේ රට විකුණන් කන නිවට දේශපාළුවෝ බළයට පත් වෙච්ච මේ වෙළාවේ කොහොම හරි ඒ අරමුණ ඉෂ්ඨ කර ගන්නයි බලන්නෙ.

    ඇමරිකාව චීනයට එරෙහි සීතල යුද්ධයේදී තමන්ට බැරිනම් තමන්ට හිතවත් රටකට ලංකාව යට වෙලා තියෙනඑකයි කැමැත්ත.

    කොන්ද නැති පෙන්දන් බළයට පත් කර ගැනීමේ විපාකය වැඩිකල් යන්නට පෙර ජනතාවට තේරේවි.

    අනික ජනතාවට පාර්ලිමේන්තුවට හොරෙන් රටේ දේපල එක එකාට ඕනෙ විදිහට විකුණන්න පුළුවන්ද……?

  6. කොන්ද නැති පෙන්දන් බළයට පත් කර ගැනීමේ විපාකය.....!!! says:

    කොන්ද නැති පෙන්දන් බළයට පත් කර ගැනීමේ විපාකය…..!!!

    රටේ දේපල එක එකාට ඕනෙ විදිහට විකුණන්න පුළුවන්ද……?

Main News