නැගෙනහිර ජැටිය ගැන ජනතා හඬට ආණ්ඩුව කන් දිය යුතුයි.. ජාතික සම්පත් විකුණවාට ශ්රීලනිපය විරුද්දයි..
January 28, 2021 at 3:50 pm | lanka C news
වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීමට පෙරමුණ ගත් භික්ෂූන් වහන්සේලා, වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන විසින් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් දක්වන අදහස් වලට ආණ්ඩුව ඇහුම්කම් දිය යුතු බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම ඉදිරි සතියේදී රැස් වන බවද ඔහු පවසයි.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් පක්ෂයේ මතය ඉන් අනතුරුව ප්‍රකාශ කරන බවද ඔහු පැවසීය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රටේ ජාතික සම්පත් පෞද්ගලිකරණය කිරීමට කිසිසේත්ම එකඟ වන්නේ නැතැයි ද ඔහු තව දුරටත් කියා සිටියේය.
ඇමතිවරයා වලස්මුල්ලේදී මාධ්‍ය වෙත මෙම අදහස් පල කරන ලදී.
ම්ස් කට්ට හප හපා කියන ටිකිරි කතා හරි හුරතල් ..
මම්බන්තොට වරාය විකුණනකොට තොපි හිටියෙ උන්ගෙ ඔඩොක්කුවෙ වේද? අද හීනෙන් නැගිටලා වගේ නෙ කතාව. අපිව බබා උක්කුං කරන්නද හදන්නේ? අපිට අදත් මතකයි තමුන්, නිමල් සිරිපාල ආදීන් එදා කරපු ප්‍රකාශ අදත් කන ඇතුලෙ දෝංකාර දෙනවා.
හම්බන්තොට වරාය විකුණනකොට තොපි හිටියෙ උන්ගෙ ඔඩොක්කුවෙ නේද? අද හීනෙන් නැගිටලා වගේ නෙ කතාව. අපිව බබා උක්කුං කරන්නද හදන්නේ? අපිට අදත් මතකයි තමුන්, නිමල් සිරිපාල ආදීන් එදා කරපු ප්‍රකාශ අදත් කන ඇතුලෙ දෝංකාර දෙනවා.
පට්ට පට්ට ඔහොම යන්……
අන්න හරි.
මේක පොහොට්ටුවෙ මුල්ම සහ අවසන් ජයග්‍රහණය.
මේකෙන් පස්සෙ පොහොට්ට්වත් ඉවරයි. මැදමුලන රජපවුලෙ කෙරුවාවලුත් ඉවරයි.
ඒනිසා ශ්‍රීලනිප ගොඩනැගෙන්න ඕන.
මේ පිස්සන්ගෙ මොංගල් වැඩ නිර්භයව විවේචනය කරන්න ඕන.
එහෙම නැතිවුනොත් පොහොට්ටුව ගිය පාරෙ ශ්‍රීලනිප යාවි
We lost our way as the money greedy advisors are ready to collect the shares by selling the harbour to Indians. People with common sense can predict what is going to happen. But the money greedy advisors are thinking about filling pocket the trend in the political game. Some looted the bank and disappeared and the next is planning to sell the land to fill the pockets.
What did you do when Hambantota at your district giving to China for 99 years?
විදේසිකයන්ට රට විකුණන්නන් වසලයන්
අනගාරික තුමා.
පොදු දේපල මොන ආණ්ඩුවකිත් විකුනුවත් ඒකට මමනමි විරැද්ධයි ඒත් හමිබන්තොට චිනෙට විකුනනකොට ඒවට හඩක් නොනගපු නිදහස් පක්ෂයට හදිසියේ මතුඋන දේශප්‍රේමය පුදුමයි
ඉතින් අමරෙ,ඔය කියන ආණ්ඩුවෙ ඉන්නෙ අපි නෙමේනෙ,ඔහේලනෙ.ඇහුම්කන් දෙනවකො.
President Maithreepala Sirisena was the Head of the Cabinet and leader of the SLFP. He sacked Arjuna Ranatunga who was againt selling Hambantota port to China and appointed his party member Mahinda Samarasinghe as the Minister to do the job. Now MS and his party men are shedding crocadile tears and announcing they are against privatization shamelessly.