නැගෙනහිර ජැටිය විකුණන්න අපි ගිවිසුම් ගැහුවේ නෑ.. වසර 40කින් ගෙවන්න ණයක් ගන්නයි හැදුවේ.. රාජපක්ෂලා දැන් අවුල් කරගෙන..
January 23, 2021 at 3:50 pm | lanka C news
කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය විකිණීම සඳහා පසුගිය යහපාලන රජය ගිවිසුම් ගත වූයේ නැතැයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
එහිදී ගිවිසුම්ගත වූයේ වසර හතළිහක් තිස්සේ ගෙවන ණය මුදලක් ලබාගැනීම සඳහා බවත් මුල් වසර 12 යන තෙක් ණය වාරික ගෙවිය යුතු නැති බවත් ඔහු පැවසීය.
ඒ මහතා මේ බව සඳහන් කළේ තම නිවසේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.
එම ණය මුදල ජපානයෙන් ලබා ගැනීමට සූදානම් වූයේ 0.1% ණය පොලියකට සීමා කර ගනමින් බවත් මුල් වසර 12දී කිසිදු ණය වාර්කයක් නොගෙවා ඉතිරි වසර 28 අතුලත ණය මුදල ගෙවීමට එකඟ වූ බවද ඔහු සඳහන් කලේය.
කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ක්‍රියාපටිපාටියෙන් ජපන් රජය ඉවත් කර වත්මන් පාලනය සියල්ල අවුල් කර ගත්තාට දැන් කරන්නට දෙයක් නැතැයි ද හෙතෙම කියා සිටියේය.
මේ චෝදනාව විතරක් නෙවෙයි තවත් විශාල චෝදනා ප්‍රමාණයක් යහපාලන ආණ්ඩුවට ඔබතුමා මුලිka කරගෙන ආවා. නමුත් එකටවත් ඒ කාලේ උත්තර දුන්නේ නෑ. දැන් පාලන බලය සම්පූර්ණයෙන් ගිලී උනාට පස්සේ කියනවා, අපි මේක ඉන්දියාවත් එක්ක සමාගමක් හදන්ඩ නෙවෙයි කටයුතු කle, හතළිස් වසරකින් ගෙවිය යුතු ණය මුදල ganna කියලා.ඇයි ඕක ඔය ලේඛන ප්‍රසිද්ධ කරල ඒ කාලෙ කිව්වෙ නැත්තේ. තමුන් හිතාගෙන ඉන්නේ මේ රටේ ඉන්නේ ඔක්කොම gonnu කියලද?මිනිස්සු බොහොම අමාරුවෙන් ඇරගෙන දීපු බලය රැකගන්න බැරිවෙච්ච මෝඩයා.