නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දීම හොද දෙයක්.. මා එයට පක්ෂයි..- විපක්ෂ මන්ත්‍රී දිගම්බරම්
January 30, 2021 at 6:48 pm | lanka C news
කොළඹ වරායේ නැගෙනහිර පරියන්තය ඉන්දියානු සමාගමක් සමග එක් වි සංවර්ධනය කිරිම තමන් හොද දෙයක් ලෙස සලකන බවත්, ඒ සදහා තම පුර්ණ සහයෝගය ලබාදෙන බව හිටපු අමාත්‍යය නුවරඑලිය දිස්ත්‍රික් පා.ම පලනි දිගම්බරම් මහතා පැවසිය.
පලනි දිගම්බරම් මන්ත්‍රිවරයා ඒ බැව් කියා සිටියේ (30) දින ජාතික කම්කරු සංගමය සහ කම්කරු ජාතික පෙරමුණේ සමාජිකයන් හමුවිමේ රැස්විමක් හැටන් ඩි.කේ.ඩබ්ලිව් සංස්කෘතික ශාලාවේ පැවති අවස්තාවේදිය.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු පලනි දිගම්බරම් මහතා කියා සිටියේ අපේ රටේ ආර්ථිකය ගොඩ නැගිමට නම් මෙවැනි ආයෝජන රට තුලට ගෙන ආ යුතු බවයි.
හම්බන්තොට වරාය චින සමාගමකට ලබාදිමේදි එවකට විපක්ෂය එයට තදින් විරුද්ධ වුවද තමන් මෙවැනි සංවර්ධන කටයුතු තුලින් දේශපාලනය නොකරන බවත්,මෙවැනි ආයෝජන තවදුරටත් රටට ආ යුතු බවයි පලනි දිගම්බරම් මහතා කියා සිටියේ.
– හැටන් රංජිත් රාජපක්ෂ
රටට දරාගන්න බැරි තිබිල වැඩක් නැතී දෙයක් තියනවා නම් බදු දුන්නට කමක් නෑ ආර්ථිකයේ කේන්ද්‍ර ය වරාය වගේ දේවල් බදු නෙමේ මොන පදනම මත දුන්නත් ලංකවට පාඩුවක් තමයි වෙන්නේ ඒ අය අනාගත ආයෝජන කරනකොට අපේ අය සම්පත් විකුණනවා ඇමති ලා මගින් නැතුව සුදුස්සො නිල තනතූරැ දුන්නා නම් රටට විශාල ආදායමක් ලැබෙයී