නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමකට දීම අත්‍යවශ්‍යයි..- ඇමරිකාව කියයි..
January 27, 2021 at 11:28 am | lanka C news
ඉන්දීය සමාගමකට කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය භාර දීම ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට සහ නාවික කටයුතු සංවර්ධනයට අත්‍යවශ්‍ය යයි කොළඹ සිටින ඇමරිකානු තානාපති ඇලෙයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය පවසයි.
ඇය පෙන්වා දෙන්නේ එම පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා පෞද්ගලික අංශයේ සහය ලබාගැනීම ඉතා වැදගත් බවයි.
එම ආයෝජන විවෘත සහ දෙපාර්ශවයටම වාසි අත්වන විනිවිද පෙනෙන එකක් විය යුතු බවද ඇය පැවසා ඇත්තේ චීන ආයෝජන ගැන අදහස් පල කරමිනි.
ඩේලි මිර්ර පුවත්පත මේ බව සඳහන් කර තිබේ.
“ළුම් සී සී’ ගිිවිසුමට වක්‍රාකාරව පාර කපා මාත්රෘභුමිය කොල්ලකන්නන් හට “සින්නක්කර” දීමට අර අදීනම් පාවා දේනම්.. මුංව වහාම පලවා හැරිය යුතුයි..!
මාත්රෘභුමියේ හදවත් වන් වු වරායන්ට මොනම වේෂයකින් සතුරන් පැමිනෙනු ලැබුවද දිවි හිමියෙන් රැකගැනිම අපගේ පලකයන්ගේ පරම වගකී වනු ඇත.!
සියලුම ලෝක සංවිධාන වලින් අවස්ථානෝචිතව ඉවත්විය යුතුයි.. මන්ද යත් බටහිරයන්ගේ රටවල් යටත් කරගැනීමේ ලයිස්තුවේ ඉහලින්ම සිටින්නේ ශ්රීලංකාවයි.., අප්‍රිකාව තුල දැනටමත් දරැණු ලෙස කළු ඡාතිකයන් වඳකරමින් භුමිය අත්පත්කර ගනිමින් සිටී..!