නැගෙනහිර පර්යන්තය දෙවෙනි අදියර අරඹන උත්සවයට කොටියක් වියදම්ද…

January 18, 2022 at 5:30 pm | lanka C news
නැගෙනහිර පර්යන්තය දෙවෙනි අදියර අරඹන උත්සවයට කොටියක් වියදම්ද…

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය දෙවෙනි අදියර ආරම්භ කිරීමේ උත්සවය වෙනුවෙන් රුපියල් කෝටියක් වියදම් කළ බවටත් වන ප‍්‍රකාශයන් අසත්‍ය බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය ප්‍රකාශ කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරිය සඳහන් කරන්නේ අදාල ප‍්‍රකාශය සිදු කන ලද පුද්ලගයන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බවයි.

එම සම්පූර්ණ නිවේදනය මෙසේය.

“නැගෙනහිර පර්යන්තය දෙවෙනි අදියර උත්සවයට වියදම කෝටියයි” – C News Web
– යන ප්‍රවෘත්තිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය ප්‍රතික්‍ෂේප කරයි

නැගෙනහිර පර්යන්තයේ දෙවෙනි අදියරේ වැඩ ආරම්භ කිරීම නිමිති කොටගෙන පැවති උත්සවයේ වියදම කෝටියක් යන මැයෙන් 2022 ජනවාරී 13 වන දින ලංකා සී නිවුස් හී පළවු ප්‍රවෘත්ති වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අවධානය යොමු වී තිබේ.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ දෙවැනි අදියරේ මීටර් 720 කින් යුතු පර්යන්තය ඉදිකිරීම වෙනුවෙන් පැවති උත්සවය සඳහා රුපියල් කෝටියක් විදයම් වූවායැයි නැගෙන චෝදනාවන් සත්‍යයෙන් තොර පදනමක් නොමැති චෝදනාවක් බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය අවධාරණය කර සිටී.

ජාත්‍යන්තර අවධානය දිනාගත යුතු දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස මෙම උත්සව සමාරම්භය සැළසුම් කළ අතර උත්සවය සඳහා වැයවූ මුදලින් වැඩි ප්‍රමාණයක් අදාල ඉදිකිරීම් සමාගම දරා ඇති අතර ඒ බව මෙම චෝදනාවන් නගන පිරිස් නොදන්නා බව ආයතනික අදහසයි.

සැබෑ තත්ත්වයන් නොදන්නා පොදු මහජනතාව නොමග යැවීමේ පර්මාර්ථයෙන් යුතුව, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පොදු සේවක සංගමයේ ලේකම් – නිරෝෂන් ගොරකාන යන අය සිදු කරන මෙම ප්‍රකාශයන් වරාය අධිකාරිය තරයේ හෙළා දකින බවත්, සත්‍ය කරුණු ජනතාවට නිරතුරුව ලබාදීමට වරාය අධිකාරියේ කළමණාකාරිත්වය කැපවී සිටින බවත් ශ්‍රී ලංකා වරාය අධිකාරිය අවධාරණය කර සිටින අතර, මේ වෙනුවෙන් ආයතනික පරික්ෂණයක් ද සිදු කිරීමට නියමිත ය.

29,282 views

10 Comments to “නැගෙනහිර පර්යන්තය දෙවෙනි අදියර අරඹන උත්සවයට කොටියක් වියදම්ද…”

  1. Kola jeppa says:

    Maden Thora deshapalanauak apata netha.

  2. චන්ද දායක says:

    රෝහිත ගෙ පොකට් එකෙන් වෙන්න ඇති වියදම් කරන්න ඇත්තෙ. අපි නොදන්න වරාය අධිකාරිය .

  3. Colombo guy says:

    ඔව් ඉතින් අපේ ගොඩේ බයියන්ට ආතල් වෙන්න ඉතින් ඕවා ලොකුවටම සන්දර්ශනත් එක්කම කරන්න එපායැ. නැතිනම් ඉතින් උන්ට දැනෙන්නේ නැහැ නේ. අර පහුගිය දවස් වල රටේ හැම ගුබ්බෑයමකින්ම පෝට් සිටිය බලන්න ආපු ගොඩේ බයි අප්පුලා ඒක ඉස්සරහා තියෙන Ne Galleface Mall එකටත් රිංගන්න ගිහින් කිලෝ මීටර් ගානක පෝලිමක් තිබුණා. මේ හිඟන ගොඩේ හැත්තට ඕකට රිංගුවාට ඒ තියෙන ගණන් වලට කන්න බොන්න බඩු ගන්න පුළුවන්ද? ඒකෙන් වුනේ වෙනදා ඔතනට නිතර එන බඩු මිලදී ගන්න හැකියාව තියෙන මිනිස්සුන්ට එන්න බැරි වෙලා බිස්නස් අඩු වෙච්ච එක. මුන් ඇවිල්ලා නිකන් බොරුවට ඇතුලේ සිරි නරඹලා සෙල්ෆි ගහ ගහා ඉඳලා හිස් අතින් එලියට යනවා. ඒ විතරක් නෙවෙයි මේ ගොඩේ කාලකණ්ණි හරියට washroom එකක් වත් පාවිච්චි කරන්න දන්නේ නැහැ. ඒවත් කඩා බිඳ දානවා. One Galleface Mall එකේ management එකේ කවුරු හරි මේක කියවනවා නම් ඔය හිඟන ගොඩේ හඩ්ඩන්ව ඈත් කරලා තියා ගන්න මෙන්න මේ දේවල් කරන්න. ඇතුළු වීමේ ගාස්තුවක් විදියට රු 100ක් විතර අය කරන්න. වශ් රූම් එක පාවිච්චි කරනවාටත් රු 50ක් වත් අය කරන්න. ඇතුලේ ඡායා රූප ගැනීම තහනම් කරන්න. අවශ්‍යම අයට management එකෙන් අවසර අරගෙන යම් කිසි ගෙවීමක් කිරීමෙන් පසුව පමණක් ඊට ඉඩ ලබා දෙන්න.

    • හසිත says:

      මෙන්න කොලොබ 7 මෙට්ලන්ඩ් වත්තෙ හෝ බොරෙල්ලෙ 60 ටේ වත්තෙ ජීවත්වූ නියම ඔරොජිනල් කොලබ ජෙන්ට්ල්මන්ස් කෙනෙක් .වත්තෙන් මිදිලාgකොහේ හො හ්කිමි 30ක් විතර දුර පත්තෙන් වෙන්දේසි ඉඩමක් අරගෙන යන්තම් බාගෙට ගෙයක් හදාගත්තම මේවගෙ අදහ්ස් අතිවෙනව

      • Colombo guy says:

        මෙන්න බොලේ හද්ද ගොඩේ වන්නි හත්පත්තුවේ අඩු අධ්‍යාපන හිඟන ඩයල් එකකට මල පැනලා. තොපි වගේ ගොඩේ හිඟන්නෝ තමයි ඊයේ පෙරේදා හඩු ඩෙනිමයි t shirt කෑල්ලයි ඇඳගෙන රබර් දෙකක් දාගෙන ලොරි චැසි බස් කට්ටක එල්ලිලා කොළඹ ඇවිල්ලා ඊට පස්සේ පෝට් සිටියේ පාලම උඩට වෙලා හෝ ගාන පොකුණ දිහා බලාගෙන ඉඳලා ඊට පස්සේ දිග පෝලිමක් හදාගෙන one galleface mall එකටත් රිංගලා වෙනදට එතනට එන වැදගත් පොහොසත් මිනිස්සුන්වත් රස්තියාදු කරලා එතන බොරුවට window shopping විතරක් කරලා තමන්ට තියෙන හිඟන චයිනීස් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් කබලෙන් සෙල්ෆි ගහලා රට ලෝකය හිනස්සවන්න ඒවා facebook එකටත් දාලා ඊට පස්සේ *ජ්ජ බර වෙලා එතන washroom එකේ urinals වලින් එලියටත් *ජ්ජ කරලා කැත කරලා එතන food studio එකේ කෑම වල ගනන් දැකලා බය වෙලා කලන්ත වෙන්න ගිහින් එහෙමම එළියට දුවගෙන ගිහිල්ලා galleface එකේ නානාගේ කරත්තෙන් ඉස්සො වඩේ එකක් අරන් ගිලලා දාලා ප්ලේන්ටියක් බීලා අන්තිමට අර ලොරි චැසි බස් එකේම එල්ලිලා මල් සිංදුවක් අහගෙන හිස් අතින්ම ආපහු ගමට ගියේ. 😂😂😂

  4. ඇත්ත එලිවුනාම කෙබර ගහලා ආණ්ඩුවට මඩ ගහන්න හදපු එවුන් අනාථයි. ගෝඨාභය ආණ්ඩුව ඇත්ත ඇති සැටියෙන් කියන ආණ්ඩුවක්. මේක තමා අලුත් දේශපාලන සංස්කෘතිය. බොරු කාරයන් අනාථයි.

  5. NuwanJ says:

    දැං ඔක කියල හරියන්නෙ නැ ගොයියෝ…
    එහෙම බොරැවක් කියල ජනතාව නොමග යවපු එකාට දඩුවමක් දෙන්න. නැත්නම් ඔය වැඩේ හෙටත් කරනවා.

    එතකොටයි ජනතාව පිලිගන්නෙ කවුද හරි කයල

  6. අම්මට සිරි says:

    ඉතින් අය වැය දාපන්කො….

  7. We are suffering very Heard time to carry out day by day activity. But people’s representatives enjoy spending public money….
    Without any hasitated….

Main News